1. 12. 9.
119. රුක්මුල්වදුලට පිවිස නිවන ළෙහි තබාගෙන ගෞතමයෙනි ධ්යාන කරව, නහමක් ප්රමාද වව. බිලිබිලිකා (බිලිබිලිහඬ) තට කවර අර්ත්ථයක් සාධන්නේ දැ යි.
මෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
වජ්ජිපුත්ත ස්ථවිරගාථා යි.
1. 12. 10.
120. පඤ්චස්කන්ධයෝ (මා විසින්) පරිඥාතයහ. ඔහු මුල්සුන් වැ සිටිති. මා විසින් දුඃඛක්ෂය සඞ්ඛ්යාත නිවන ලබනලද, ආස්රවක්ෂය (අර්හත්ත්වය) ලබනලදැ යි.
මෙසේ ... ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේ …
ඉසිදත්ත ස්ථවිරගාථා යි.
දොළොස් වැනි වග යි.
උද්දානය:
ජෙන්ත ස්ථවිර යැ, වච්ඡගොත්ත ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, අධිමුත්ත ස්ථවිර යැ, මහානාම ස්ථවිර යැ, පාරාසරිය ස්ථවිර යැ, යස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, වජ්ජිපුත්ත ස්ථවිර යැ, ඉසිදත්ත ස්ථවිර යැ යි දොළොස් වැනි වගැ තෙරවරු දස දෙනෙකි.
කොට නිමැවූ බඹසර කිස ඇති අනාස්රව වූ මහර්ෂී වූ තෙරවරු එක්සියවිසි දෙනෙක් ඒකක නිපාතයෙහි මැ ගාථා වදාළහ යි.
ඒකකනිපාතය නිමි.
2. දුක නිපාතය
ප්රථම වර්ගය
2. 1. 1.
121. නිත්ය වූ භවයෙක් නැත, ශාශ්වත වූ සංස්කාර කෙනෙක් ද නැත. තා ගේ ස්කන්ධයෝ මතුමත්තෙහි උපදනාහු ද වෙති. ච්යුත වන්නාහු ද වෙත්.
122. තෙල ආදීනව දැනැ භවයෙන් ප්රයෝජන නැතියෙකිම් වෙමි. සියලු වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් දුරු වූයෙම් වෙමි. මා විසින් ආස්රවක්ෂය ලබන ලදැ’යි.
මෙසේ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.
උත්තර ස්ථවිරගාථා යි.
2. 1. 2.
123. මේ ජීවිතය අන්යායයෙන් නො වෙයි. ආහාරය සිතට ශාන්තිය එළවන්නේ නො වෙයි. සිරුර අහර නිසා සිටුනේ වෙයි. මෙසේ දැකැ අහර සෙවීමෙහි හැසිරෙමි.
124. කුලයන්හි යම් වන්දනපූජාවක් ඇද්ද, එය බුද්ධාදීහු පඞ්කයෙක් මැ යයි දත්හ. උදුරාලිය නොහෙන සියුම් හුලෙකැයි දත්හ. (කුමක්හෙයින යත්:) සත්කාරය කුපුරුෂයා විසින් දුරැලිය නො හැක්කේ යයි.
මෙසේ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.
පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරගාථා යි.
2. 1. 3.
125. සිත් නමැති වඳුරා එළැඹැසිට පස්දොරක් ඇති කුටියෙහි ඒ ඒ දොරින් වරින් වර (අරමුණු ගැනීම් විසින්) ඝටමින් ඔබිනොබ හැසිරෙයි.
126. වඳුර, සිටුව නහමක් දුවව, තා ගේ ඒ කිළිය පෙර ලෙසින් නැත. (පියූ දොර අගුළු ඇති හෙයිනි.) මාර්ගප්රඥායෙන් නිගන්නාලදුයෙහි, එහෙයින් නහමක් දුර (ප්රතිසන්ධි වශයෙන්) යන්නෙහි යයි.
මෙසේ ආයුෂ්මත් වලලිය ස්ථවිරයන් වහන්සේ ...
වලලිය ස්ථවිරගාථා යි.