3. 10.
කෝකාලික සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසළ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය.
“වහන්ස, සැරියුත් මුගලන්හු ලාමක ඉච්ඡා ඇත්තාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණ හට තෙල වදාළහ.
“කෝකාලිකය, නහමක් එසේ කියව. කෝකාලිකය නහමක් එසේ කියව, කෝකාලිකය, සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදුව”. “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි.
දෙවන වටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්‍රද්ධාවහ නුමුදු ප්‍රත්‍යකර නමුදු ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියාහු ම වෙතැ”යි.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල කරුණ වදාළ සේක. “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත් මුගලන් කෙරෙහි සිත් පහන් කරව”යි.
තෙවනවටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්‍රාද්ධෙය, විශ්වාසාර්‍හවන සේක් නමුදු සැරියුත්මුගලන්හු පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහු මැ”යි.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල වදාළහ: “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරිපුත්‍රමෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදව”යි.
ඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. කෝකාලික මහණ නික්ම ගිය නොබෝ කල් වත්ම හැම කය හබැට සා පොළින් මැඩැසිටියේ විය. හබැට සා වැ මුං ඇට සා විය. මුඟු ඇට සා වැ කඩල සා විය. කඩලැට සා වැ ඩෙබර සා විය. ඩෙබර ඇට සා වැ ඩෙබර පල සා විය. ඩෙබරපල සා වැ ඇඹුලපල සා විය. ඇඹුල පල සා වැ බෙලි සලාටු (ගැට) සා විය. බෙලිසලාටු සා වැ බෙලිපල සා වැ බෙලිපල සා විය. බෙලිපල සා වැ බිඳිනි. පූයා හා ලෙහෙ වගුළේ ය.