3. මහා වර්ගය
3. 1.
පබ්බජ්ජා සූත්රය
407. ඒ පසැස් ඇති සම්බුදුරජානන් වහන්සේ ගෘහවාසයෙහි ආදීනව හා ප්රව්රජ්යායෙහි අනුසස් විමසන සේක් යම්පරිදි පැවිද්දක් කැමති වූ සේක් නම් යම් පරිද්දෙකින් පැවිදිවූසේක් නම් ඒ ප්රව්රජ්යාව කීර්තනය කරන්නෙමි.
408. ‘මෙ ගෘහවාසය (කුශල ක්රියාවට) සම්බාධ යැ. රාගාදි ක්ලේශයනට උත්පත්ති දේශයෙකැ’ යි ද ප්රව්රජ්යාවේඅබවසය’යි ද මෙසෙයින් දැන පැවිදි වූහ.
409. පැවිද්ද ගෙණ කයින් ත්රිවිධ දුශ්චරිත දුරැලූහ. චතුර්විධ වාග්දුශ්චරිතය හැරැපියා ආජීවපාරිශුද්ධිය පැවැත් වූහ.
410. බුදුහු මගධයන්ගේ ගිරිව්රජ නම්වූ රාජගෘහ නගරයට වැඩියහ. ආකීර්ණ වූ උත්තම මහාපුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත වූසේක් පිඬුවා සඳහා සැරිසැරූහ.
411. බිම්බිසාර රජ පහයෙහි සිටියේ උන්වහන්සේ දිටී. මහපුරිස් ලකුණින් සමන්වාගත ඔවුන් දැක මෙ අරුත් බිණිය.
412. භවත්නි, මෙ පුඟුල් බලවු (හෙ දැකුම් කලු අඟ පසඟ ඇති හෙයින්) අභිරූප වූයේ ආරෝහපරිණාහ සම්පන්න වූයේ පිවිතුරු සිවිපැහැ ඇතියේ යැ. චරණයෙනුදු යුතු වූයේ යුගමාත්රයක් මැ බලනු වෙයි.
413. යටැ හෙලූ ඇස් ඇතියේ ස්මෘතිමත් මෙතෙම නීචකුලෙන් නික්මැ පැවිද්දකු බඳු නොවේ. රාජදූතයෝ වෙළෙවිවැ යෙත්වා, මහණ කොහි යේ ද?
414. අණවනලද එ රාජදුතයෝ ‘මහණ කොහියේද? කොහි උහුගේ වාසය වන්නේදැ’යි පිටුපසින් ලුහුබැඳියහ.
415. පියූ දොර ඇතියේ (ඉන්ද්රියසංවරයෙන් මොනොවට සංවෘත වූයේ) ගෙපිළිවෙළ නොකඩ කොටැ සැරිසරමින් මනා නුවණැතියේ එළඹ සිටි සිහි ඇතියේ වහා පාත්රය පිරැවියැ.
416. ඒ මුනි පිණ්ඩවාරය කොට නුවරින් නික්මැ ‘මෙහි වාසය වන්නේ’ යි පාණ්ඩව පර්වතය කරා ගියේයැ.
417.එක්බිති වාසෝපගත වූවහු දැකැ රාජදූතයෝ වෙතැ පැමිණියහ. එක්දූතයෙක් පැමිණ රජුට දැන්වීයැ.
418. මහරජාණෙනි, තෙල මහණ පාණ්ඩව පර්වතයාගේ පැදුන්දික්හි ගිරිගුහායෙහි ව්යාඝ්රයෙකු හා වෘෂභරාජයෙකු හා සිංහරාජයෙකු හා බදු ව හින.
419. රාජදූතයන් ගේ බස් අසා රජතෙමේ භද්රයානයෙන් අනලස් සැහැවි ඇතියේ පාණ්ඩව පර්වතය කරා නික්මැ ගියේ යැ.
420. ඒ රජතෙමේ යානභූමිය තාක් ගොස් යානයෙන් බැසැ පියගමන් ඇතියේ එළැඹැ ඒ තවුසන් වෙතැ එළැඹැ හින.
421. එක්බිති රජ (උන් හා) සතුටු වියැ. හේ සිහි කළමනා කථාකොට නිමවා මේ පවත් කීයැ.
422. නවයොවුනෙහි උපතින් තුරුණුයෙහි පළමු උපතින් ලදරුයෙහි වර්ණයෙන් හා ආරෝහසම්පත්තියෙන් සපන්හී ක්ෂත්රිය ජාතිඇතියකු බන්දෙහි.
423. කැමති තාක් භොග දෙමි. බලකාය හොබවමින් ඇත්සෙනඟින් පිරිවරණලදුයේ භෝගසුඛ වළඳව. (මාවිසින්) විචාරණ ලදුයෙහි ජාතිය ද කියව”යි.
424. මහරජ, ඉදිරි හිමවත් පස්හි ධනයෙන් හා වීර්ය්යයෙන් සපන්වූ කෝසල ජනපදයෙහි ආදිකාලයෙහි සිටැ අන්වයාගත මහරජහුගේ ජනපදයෙක් වෙයි.
425. ඔහු ගෝත්ර විසින් ආදිත්ය නම් ද ජාතියෙන් ශාක්ය නම් ද වෙති. මහරජ, මම ඒ කුලෙන් පැවිදි වූයෙම් කාමයන් පතනුයෙම් නොවෙමි.
426. වස්තුකාමක්ලේශකාමයන්හි ආදීනව දැකැ පැවිද්ද (හෝ නිවණ) ක්ෂේම විසින් දැකැ ප්රධන් වීර්ය්යය සඳහා යන්නෙමි. මෙ ප්රධන් වීර්ය්යයෙහි මාගේ සිත රැඳුනේ යි.
පබ්බජ්ජා සූත්රය නිමි.