2. 12.
නිග්රෝධකප්ප (වඞ්ගීස) සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක් හි භාග්යවතුන් වහන්සේ අළවුරට අග්ගාළව නම් චෛත්යයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ නිග්රෝධකප්ප නම් වත් තෙරණුවෝ අග්ගාලව චෙතියෙහි දී පිරිනිවී නොබෝකල් ඇති වෙත්.
ඉක්බිති ගණයා කෙරෙන් වෙන්ව විවේකයට ගිය පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්කයෙක් උපන: “මාගේ උපාධ්යාය පිරිනිවියේ දෝ හෝ නො පිරිවිනියේ දෝ හෝ” යි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර සවස් කල්හි පිළිසලනින් නැගිටියේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නේ ම ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර භාග්යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: ස්වාමීනි, මෙහි විවේකස්ථානයට ගියාවූ පිළිසලනෙහි ඇළුනු මාගේ සිත් හී මෙබඳු පරිවිතර්කයෙක් උපන: “මාගේ උපාධ්යාය පිරිනිවියේ දෝ නො පිරිනිවියේ දෝ” යි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගී සිවුර එකස් කොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා භගවත් හට ගාථායෙන් (මෙසේ) කීහ.
345. යම් භාග්යවතුන් වහන්සේ කෙනෙක් ඉහාත්මභාවයෙහි ම සැක දුරලන්නාහූ වෙත් ද, මහාප්රාඥ ශාස්තෘ වූ මුබවහන්සේ පුළුවුස්මි. ප්රකට වූ යශස්වී වූ නිවුනු සිත්ඇති මහණකෙනෙක් අග්ගාලව චෛත්යයෙහි කලුරිය කළහ.
346. භාග්යවතුන් වහන්ස, ඒ බ්රාහ්මණජාතිකයාහට නිග්රෝධකප්ප යන නම ඔබවහන්සේ විසින් කරණ ලද. දෘඪ වූ (නිර්වාණ) ධර්මය දක්නා වූ හෙ ඇරයූ වැර ඇත්තේ (නිර්වාණ සඞ්ඛ්යාත) මෝක්ෂය පතන්නේ ඔබ වහන්සේ නමදිමින් විසී ය.
347. ශාක්ය කුලයෙහි උපන්නාවූ සමතැසානන් වහන්ස, අපි සැවො ම ඒ සව්වානන් දැනගණු කැමැත්තෙමු. ඇසීම පිණිස අපගේ සවන් එළඹ සිටියේය. මුබවහන්සේ අපගේ ශාස්තෘ වනසේක. මුබවහන්සේ අනුත්තර වනසේක.
348. මහාප්රාඥයන් වහන්ස, ඒකාන්තයෙන්ම අපගේ සැකය සිඳලන සේක්වා: මට මෙය වදාරණ සේක්වා! ඔහු පිරිනිවිහිදැ යි දන්වන සේක්වා! සමතැසානන් වහන්ස, දෙවියන්ගේ දහසක් නෙත් ඇති සක්දෙවිඳු මෙන් අපගේ මධ්යයෙහි වොරැඳන සේක් වා!
349. මෙ ලොව්හි මෝහමාර්ග වූ අවිද්යාපක්ෂයෙහි වූ, සැකයනට හේතුවූ, යම්කිසි (අභිධ්යාදි වූ) ග්රන්ථයෝ වෙත් නම්, තථාගතයන් වහන්සේ වෙත පැමිණ ඔහු නො මැ වෙති. යම් හෙයෙකින් තෙල (තථාගත) මනුෂ්යයන්ගේ උතුම් පැණැස වේ නම් එහෙයිනි.
350. ඉදින් යම් හෙයකින් (තථාගත) පුරුෂ ඒකාන්තයෙන් මාරුතය වලාකුල් රොදක් මෙන් කෙලෙස් නො නසාලන්නේ නම්, (එසේ වත්ම), මුළු ලොව අවිද්යාන්ධකාරයෙන් ඇවුරුණේ අඳුරුම වන්නේ ය. (සැරියුත් මහතෙර ආදී වූ) ජ්යොතිර්මත් මනුෂ්යයෝ ද (ප්රකට වීම් වශයෙන්) නො මැ තෙවුනාහ.
351. පණ්ඩිතයෝම ප්රඥාප්රද්යොතකර වෙති. වීරයන් වහන්ස, ඒ ඔබ එසේම යයි මම හඟිම්, (අපි) මුබවහන්සේ ‘විදර්ශී’ යි දන්නමෝ (මෙහි) එළඹියෙමු. පිරිස් මැද අපගේ (නිග්රෝධ) කප්ප තෙරුන් ප්රකටකරණ සේක්වා!
352. මොනොවට කල්පිත වූ බින්දුස්වරයෙන් වහා (අරුත් රසින්) ඉතා මනරම් වූ තෙපුල් වදාරණසේක්වා! හංසයෙකු මෙන් ගෙල ඔසොවා නාද කරන සේක්වා! ඉඳුසිත් ඇති අපි හැම මුබවහන්සේ ගේ බස් අසම්හ,