3. 6.
ප්රාතිහාර්ය්ය කථා
මහණෙනි, මේ තුන් ප්රාතිහාර්ය්ය කෙනෙක් වෙති: කවර තුන් ප්රාතිහාර්ය්ය කෙනෙකැ යත්: ඍද්ධිප්රාතිහාර්ය්ය යැ ආදේශනාප්රාතිහාර්ය්ය යැ අනුශාසනීප්රාතිහාර්ය්ය යැ යි.
මහණෙනි, ඍද්ධිප්රාතිහාර්ය්ය නම් කවරැ යත් : මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් අනේකප්රකාර වූ ඍද්ධිකොට්ඨාස වළඳ කෙරෙයි: (තෙමේ) එකලා වැ බහුප්රකාරයෙනුදු වෙයි, බහුප්රකාර වැ එකලා ද වෙයි. ආවිර්භාවයට තිරොභාවයට ... බඹලොව තෙක් මැ කයින් (තමන්) වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධිප්රාතිහාර්ය්ය යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආදේශනාප්රාතිහාර්ය්ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නිමිතින් කියයි: ‘තා සිත (සොම්නස් දොම්නස් විසින්) මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් (මේ මේ දැය සිතමින් පවත්වන්නේත්) වේ’ යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, එතෙකුදුවත් මනුෂ්යයන්ගේ හෝ අමනුෂ්යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා කියයි: “තාසිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරෙකින් නොවෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්යයන්ගේ හෝ අමනුෂ්යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා නො ද කියයි, එතෙකුදුවත් විතර්ක කරන්නහුගේ විතර්කසම්ප්රයුක්තවිචාර කරන්නහුගේ විතර්කවිෂ්ඵාරශබ්දය අසා කියයි: “තා සිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි. අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්යයන්ගේ හෝ අමනුෂ්යයන්ගේ හෝ දෙවියන්ගේ හඬ අසා නො ද කියයි, විතර්ක කරන්නහුගේ විතර්කසම්ප්රයුක්තවිචාර කරන්නහුගේ විතර්කවිෂ්ඵාරශබ්දය අසා නො ද කියයි, එතෙකුදුවත් අවිතර්කඅවිචාරසමාධියට සමවන්හුගේ සිත (තම) සිතින් පිරිසිඳ දැනගනී, ‘මේ භවත්හුගේ චිත්තසංස්කාරයෝ යම්සෙයින් පිහිටියාහුද මෙසිතට අනතුරු වැ අසෝ නම් විතර්කය කරන්නේ යැ’ යි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නොවේ. මහණෙනි, මේ ‘ආදේශනාප්රාතිහාර්ය්ය’ යි කියනු ලැබේ.
මහණෙනි, අනුශාසනීප්රාතිහාර්ය්ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැමෙක් මෙසේ අනුශාසනා කෙරෙයි: “මෙසේ තකවු, නහමක් මෙසේ තකවු, මෙසේ මෙනෙහි කරවු, නහමක් මෙසේ මෙනෙහි කරවු, මෙය දුරු කරවු, මෙයට පැමිණ වාස කරවු” යයි. මහණෙනි, මේ ‘අනුශාසනීප්රාතිහාර්ය්ය’ යයි කියනු ලැබේ. මහණෙනි, මොහු තුන් ප්රාතිහාර්ය්යයෝ යි.
නෛෂ්ක්රම්යය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ, කාමච්ඡන්දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්රාතිහාර්ය්ය යැ. යම් කෙනෙක් ඒ නෛෂ්ක්රම්යයෙන් සමන්වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්රාතිහාර්ය්ය යැ. ඒ නෛෂ්ක්රම්යය වනාහි මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ නෛෂ්ක්රම්යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’ යි අනුශාසනීයප්රාතිහාර්ය්ය යි.
අව්යාපාදය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ. ව්යාපාදය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්රාතිහාර්ය්ය යැ, යම් කෙනෙක් ඒ අව්යාපාදයෙන් සමන්වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්රාතිහාර්ය්ය යැ, ඒ අව්යාපාදය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවන කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අව්යපාදයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්රාතිහාර්ය්ය යි.
ආලෝකසංඥා තොමෝ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ ථීනමිද්ධය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්රාතිහාර්ය්ය යැ, යම් කෙනෙක් ඒ ආලෝකසංඥායෙන් සමන්වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැළඹුනු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්රාතිහාර්ය්ය යැ, ඒ ආලෝකසංඥාව වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ. මෙසේ ඒ ආලෝකසංඥාවට අනුකකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්රාතිහාර්ය්ය යි.
අවික්ෂේපය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, ඖද්ධත්යය පිළිමල් වැ දුරැලා නු’යි ප්රාතිහාර්ය්ය යැ. යම් කෙනෙක් ඒ අවික්ෂෙපයෙන් සමන්වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්රාතිහාර්ය්ය යැ. ඒ අවික්ෂේපය වැළිත් මෙසේ ආසේවන කළයුතුයැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අවික්ෂේපයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනී ප්රාතිහාර්ය්ය යි.
ධර්මනිශ්චය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, විචිකිත්සාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්රාතිහාර්ය්ය යැ. යම් කෙනෙක් ඒ ධර්මනිශ්චයෙන් සමන්වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්රාතිහාර්ය්ය යැ. ඒ ධර්මනිශ්චය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ධර්මනිශ්චයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු නු’යි අනුශාසනීප්රාතිහාර්ය්ය යි.
ඥානය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. අවිද්යාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්රාතිහාර්ය්ය යැ. යම් කෙනෙක් ඒ ඥානයෙන් සමන්වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්රාතිහාර්ය්ය යැ. ඒ ඥානය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ඥානයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්රාතිහාර්ය්ය යි.
ප්රාමෝද්යය තෙමේ සිද්ධ වේනු’ යි ඍද්ධි යැ. අරතිය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්රාතිහාර්ය්ය යැ. යම් කෙනෙක් ඒ ප්රාතිහාර්ය්යයෙන් සමන්වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්රාතිහාර්ය්ය යැ. ඒ ප්රාමෝද්යය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළ යුතු යැ, මෙසේ ඒ ප්රාමෝද්යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්රාතිහාර්ය්ය යි.