3. ප්‍රඥා වර්‍ගය
3. 1.
ප්‍රඥා කථා
අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, දුක්ඛානුපස්සනාව වඩනා ලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී නිබ්බේධිකප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී මහාප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී තීක්‍ෂණප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි. විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා වඩනාලද්දී විපුලප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ගම්භීරප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පාණ්ඩිත්‍යය පරිපූර්‍ණ කෙරෙති, මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්:
හාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් (යථෝක්ත) අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරන ලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙත්.
රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු පාණ්ඩිත්‍යය පරිපූර්‍ණ කෙරෙති, මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති, මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
හාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්: ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පණ්ඩිත බව පරිපූර්‍ණ කෙරෙති. මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
හාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය වඩනාලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්: