3. 4.
විවේක කථා
[සැවැත්නිදාන යි]
යම්සේ මහණෙනි, යම් කිසි බාහුබලයෙන් කටයුතු කර්‍මාන්ත කෙනෙක් කරනුලැබෙත් ද, එ හැම කර්‍මාන්තයෝ පොළොව නිසා පොළොව්හි පිහිටා කරනුලැබෙති. මෙසේ තෙල බලකරණීය කර්‍මාන්තයෝ කරනුලැබෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
කිසෙයින් මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශපරිත්‍යාග නිර්‍වාණප්‍රස්කන්‍දන සඞ්ඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි සම්‍යක් සංකල්පය ... සම්‍යග්වචනය ... සම්‍යක්කර්‍මාන්තය ... සම්‍යගාජීවය ... සම්‍යග්ව්‍යායාමය ... සම්‍යක්ස්මෘතිය ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
මහණෙනි, යම්සේ යම් කිසි බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එ හැම පොළොව නිසා පොළොව්හි පිහිටා පැමිණෙත්. මෙසේ තෙල බීජගාමභූතගාමයෝ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ.
මහණෙනි, කිසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සංකල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ යයි.
සම්‍යග්දෘෂ්ටියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි. සම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට ... සම්‍යග්ව්‍යායාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ (දුරුකිරීම් වශයෙන් වන) විවේකය ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේකය ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද විවේකය ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේකය ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිස්සරණවිවේකය ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤචවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි, ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවිරාගයෝ කවරහ යත්: විෂ්කම්භණවිරාග යැ තදඞ්ගවිරාග යැ සමුච්ඡේදවිරාග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග යැ නිස්සරණවිරාග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිරාග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිරාග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිරාග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිස්සරණවිරාග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිරාගයෝ වෙති. මේ පඤ්චවිරාගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි, ඔහුගේ සිත ද මොනවට පිහිටියේ වේ.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චනිරෝධයෝ කවරහ යත්: විෂ්කම්භණනිරෝධ යැ තදඞ්ගනිරෝධ යැ සමුච්ඡේදනිරෝධ යැ ප්‍රතිප්‍රශබ්ධිනිරෝධ යැ නිස්සරණ නිරෝධ යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණනිරෝධ ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගනිරෝධ ද ලෝකෝත්තර ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදනිරෝධ ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ ද අමෘතධාතු වූ නිස්සරණනිරෝධ ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චනිරෝධයෝ වෙති. මේ පඤ්චනිරෝධයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවොස්සග්ගයෝ කවරහ යත්: විෂ්කම්භණ වොස්සග්ග යැ තදඞ්ග වොස්සග්ග යැ සමුච්ඡේද වොස්සග්ග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග යැ නිස්සරණ වොස්සග්ග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ වොස්සග්ග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ග වොස්සග්ග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද වොස්සග්ග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණ වොස්සග්ග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවොස්සග්ගයෝ වෙති. මේ පඤ්චවොස්සග්ගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ පඤ්චවිරාගයෝ පඤ්චනිරෝධයෝ පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත්.
සම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට … සම්‍යග්ව්‍යයාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිවේක ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේක ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිවේක ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණවිවේක ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤ්චවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.