2. 9.
බල කථා
[සැවැත්නිදාන යි]
“මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ වෙත්.”
තවද අටසැට බල කෙනෙක් වෙති: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යැ හිරිබල යැ ඔත්තපප්බල යැ පටිසඞ්ඛානබල යැ භාවනා බල යැ අනවද්‍යබල යැ සඞ්ග්‍රහබල යැ ක්‍ෂාන්තිබල යැ ප්‍රඥප්තිබල යැ නිදිධ්‍යාසන (අධීතාර්‍ත්‍ථාගමන) බල යැ ඓශ්වර්‍ය්‍යබල යැ අධිෂ්ඨානබල යැ ශමථබල යැ විදර්‍ශනාබල යැ දශ ශෛක්‍ෂබලයෝ යැ දශ අශෛක්‍ෂ බලයෝ යැ දශක්‍ෂීණාශ්‍රවබලයෝ යැ දශ ඍද්ධිබලයෝ යැ දශ තථාගතබලයෝ යි.
ශ්‍රද්ධාබල කවරෙ යත්: අශ්‍රද්ධායෙහි නො සැලේ නු’යි ශ්‍රද්ධාබල යැ, සහජාත (අරූප) ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, කෙලෙසුන් ක්‍ෂය කිරීම් අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, මත්තෙහි (මාර්‍ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, මේ ශ්‍රද්ධාබල යි.
වීර්‍ය්‍යබල කවරෙ යත්: කුසීදභාවයෙහි නො සැලේ නු’යි වීර්‍ය්‍යබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, කෙලෙසුන් ක්‍ෂය කිරීම් අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, මත්තෙහි (මාර්‍ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, මේ වීර්‍ය්‍යබල යි.
ස්මෘතිබල කවරෙ යත්: ප්‍රමාදයෙහි නො සැලේ නු’යි ස්මෘතිබල යැ, සහජාත (අරූප) ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ, මේ ස්මෘතිබල යි.
සමාධිබල කවරෙ යත්: උද්ධතභාවයෙහි නො සැලේ නු’යි සමාධිබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් සමාධිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් සමාධිබල යැ, මේ සමාධිබල යි.
ප්‍රඥාබල කවරෙ යත්: අවිද්‍යායෙහි නො සැලේනු’යි ප්‍රඥාබල යැ, සහජාත ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ, ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ, මේ ප්‍රඥාබල යි.
හිරිබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ. මේ හිරිබල යි.
ඔත්තප්පබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ: ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ. මේ ඔත්තප්පබල යි.
පටිසඞ්ඛානබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අවික්‍ෂේප හෙයින් ඔද්ධත්‍යය විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් විමසා නු’යි පටිසඞ්ඛානබල යැ ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, මේ පටිසඞ්ඛාන බල යි.
භාවනාබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කෙරෙමින් නෛෂ්ක්‍රම්‍යය වඩා නු’යි භාවනාබල යැ, ව්‍යාපාදය දුරු කෙරෙමින් අව්‍යාපාද වඩා නු’යි භාවනාබල යැ, ථිනමිද්ධය දුරු කෙරෙමින් ආලෝකසංඥාව වඩා නු’යි භාවනාබල යැ, උද්ධතභාවය දුරු කෙරෙමින් අවික්‍ෂේපය වඩානුයි භාවනාබල යැ, විචිකිත්සාව දුරු කෙරෙමින් ධර්‍මනිශ්චය වඩා නු’යි භාවනාබල යැ, අවිද්‍යාව දුරු කෙරෙමින් ඥානය වඩා නු’යි භාවනාබල යැ, අරතිය දුරු කෙරෙමින් ප්‍රාමෝද්‍යය වඩා නු’යි භාවනාබල යැ, නීවරණයන් දුරු කෙරෙමින් ප්‍රථමධ්‍යානය වඩා නු’යි භාවනාබල යැ ... හැම කෙලෙසුන් දුරු කෙරෙමින් අර්‍හන්මාර්‍ගය වඩා නු’යි භාවනා බල යැ, මේ භාවනා බල යි.