2. 7.
දම්සක් කථා
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරණැස් නුවර වැඩ වාසය කරන සේක ... මෙසෙයින් ආයුෂ්මත් කෞණ්ඩින්ය ස්ථවිරයන්හට ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ’යයි මෙ නම් වී.
‘මේ දුඃඛ නම් වූ ආර්ය්යසත්ය යැ’ යි පෙර නො ඇසු විරූ දහම්හි ප්රඥාචක්ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්රඥාව පහළ විය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්ත්ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්ශනාර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්ත්ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්රජානනාර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්රතිවේධාර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්ත්ථයෙනි.
චක්ෂුස ධර්ම යැ, දර්ශනාර්ත්ථය අර්ත්ථ යැ, ඥානය ධර්ම යැ, ඥාතාර්ත්ථය අර්ත්ථ යැ, ප්රඥාව ධර්ම යැ, ප්රජානනාර්ත්ථය අර්ත්ථ යැ, විද්යාව ධර්ම යැ, ප්රතිවේධාර්ත්ථය අර්ත්ථ යැ, ආලෝකය ධර්ම යැ, අවභාසාර්ත්ථය අර්ත්ථ යැ. මේ පඤ්චධර්මයෝ පඤ්ච අර්ත්ථයෝ දුඃඛය වස්තු කොට ඇත්තාහු යැ සත්යය වස්තු කොට ඇත්තාහු යැ සත්යය ආලම්බන කොට ඇත්තාහු යැ සත්යය විෂය කොට ඇත්තාහු යැ මාර්ගසත්යයෙන් සඞ්ගෘහීතයහ, මාර්ගසත්යයට අයත් වූවාහ යැ, දුඃඛසත්යයෙහි උපන්නාහු යැ, සත්යයෙහි සිටියාහු යැ සත්යයෙහි පිහිටියාහු යි.
‘ධම්මචක්කං’ යනු කවර අරුතෙකින් ධම්මචක්ක නම් වී ද යත්, ප්රතිවේධ ධර්මය ද පවත්වයි. (කෙලෙස් සතුරන් නැසීමට වැටෙන බැවින් ප්රහරණචක්රයක් වැනි නු’ යි) චක්රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි: (ප්රතිවේධධර්මචක්රය යි.) චක්රය ද පවත්වයි. දේශනාධර්මය ද පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ නමි (දේශනා ධර්මචක්රය යි) (යථාස්වභාව හෙයින්) ධර්මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, (චෛනෙස සන්තානයෙහි) ධර්මචර්ය්යාපිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි (විෂයීභාවයෙන්) සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක යැ, ධර්මයෙහි (අචලභාවයෙන්) පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි පිහිටුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි වශී (ඊශ්වර) භාවයට පැමිණියේ පවත්වා නු’ යි, ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි වශීභාවයට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි කෙළවරට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි කෙළවරට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි විශාරද බවට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි විශාරද බවට පමුණුවමින් පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයට සත්කාර කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධම්මයට ගුරු කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයට බුහුමන් කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය පුදමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය අපචායන කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්ම ධ්වජයක් සෙයින් පෙරටු කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය කෙහෙලි කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය අධිපති කොට ඇති වැ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, තවද ඒ ධර්මචක්රය (අන්යලබ්ධික) මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඔකු විසින් හෝ ලොව කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හැකි නු’ යි ‘ධම්මචක්ක’යි.
ශ්රද්ධේන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්ය්යේන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතීන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධීන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රඥේන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.