‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්ත්ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්ශනාර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්ත්ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්රජානනාර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්රතිවේධාර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්ත්ථයෙනි.
චක්ෂුස ධර්ම යැ, දර්ශනාර්ත්ථය අර්ත්ථ යැ, ඥානය ධර්ම යැ, ඥාතාර්ත්ථය අර්ත්ථ යැ, ප්රඥාව ධර්ම යැ, ප්රජානනාර්ත්ථය අර්ත්ථ යැ, විද්යාව ධර්ම යැ, ප්රතිවේධාර්ත්ථය අර්ත්ථ යැ, ආලෝකය ධර්ම යැ, අවභාසාර්ත්ථය අර්ත්ථ යැ. මේ පඤ්චධර්මයෝ පඤ්ච අර්ත්ථයෝ දුඃඛය වස්තු කොට ඇත්තාහු යැ සත්යය වස්තු කොට ඇත්තාහු යැ සත්යය ආලම්බන කොට ඇත්තාහු යැ සත්යය විෂය කොට ඇත්තාහු යැ මාර්ගසත්යයෙන් සඞ්ගෘහීතයහ, මාර්ගසත්යයට අයත් වූවාහ යැ, දුඃඛසත්යයෙහි උපන්නාහු යැ, සත්යයෙහි සිටියාහු යැ සත්යයෙහි පිහිටියාහු යි.
‘ධම්මචක්කං’ යනු කවර අරුතෙකින් ධම්මචක්ක නම් වී ද යත්, ප්රතිවේධ ධර්මය ද පවත්වයි. (කෙලෙස් සතුරන් නැසීමට වැටෙන බැවින් ප්රහරණචක්රයක් වැනි නු’ යි) චක්රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි: (ප්රතිවේධධර්මචක්රය යි.) චක්රය ද පවත්වයි. දේශනාධර්මය ද පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ නමි (දේශනා ධර්මචක්රය යි) (යථාස්වභාව හෙයින්) ධර්මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, (චෛනෙස සන්තානයෙහි) ධර්මචර්ය්යාපිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි (විෂයීභාවයෙන්) සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක යැ, ධර්මයෙහි (අචලභාවයෙන්) පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි පිහිටුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි වශී (ඊශ්වර) භාවයට පැමිණියේ පවත්වා නු’ යි, ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි වශීභාවයට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි කෙළවරට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි කෙළවරට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි විශාරද බවට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයෙහි විශාරද බවට පමුණුවමින් පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයට සත්කාර කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධම්මයට ගුරු කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මයට බුහුමන් කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය පුදමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය අපචායන කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්ම ධ්වජයක් සෙයින් පෙරටු කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය කෙහෙලි කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්මය අධිපති කොට ඇති වැ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, තවද ඒ ධර්මචක්රය (අන්යලබ්ධික) මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඔකු විසින් හෝ ලොව කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හැකි නු’ යි ‘ධම්මචක්ක’යි.
ශ්රද්ධේන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්ය්යේන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතීන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධීන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රඥේන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
ශ්රද්ධාබලය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්ය්යබලය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතිබලය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිබලය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රඥාබලය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
ස්මෘතිසම්බොධ්යඞ්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ධර්මවිචයසම්බෝධ්යඞ්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්ය්යසම්බෝධ්යඞ්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රීතිසම්බෝධ්යඞ්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිසම්බෝධ්යඞ්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, උපේක්ෂාසම්බෝධ්යඞ්ගය ධර්මය යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
සම්යග්දෘෂ්ටිය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්යක්සංකල්පය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්යග්වචනය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්යක්කර්මාන්ත ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්යගාජීවය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්යග්ව්යායාමය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්යක්ස්මෘතිය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්යක්සමාධිය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
අධිපතිභාවාර්ත්ථයෙන් ඉන්ද්රියය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අකම්ප්යාර්ත්ථයෙන් බලය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, නිර්ය්යාණාර්ත්ථයෙන් බෝධ්යඞ්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, හෙත්වර්ත්ථයෙන් මාර්ගය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වටහන අර්ත්ථයෙන් සතිපට්ඨානයෝ ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රදහනාර්ත්ථයෙන් සම්යක්ප්රධානයෝ ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමෘද්ධ වන අර්ත්ථයෙන් ඍද්ධිපාදයෝ ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, යථාස්වභාවාර්ත්ථයෙන් සත්යයෝ ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අවික්ෂේපාර්ත්ථයෙන් ශමථය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අනුදර්ශනාර්ත්ථයෙන් විදර්ශනාව ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ඔවුනොවුන් නො ඉක්ම පවත්වා අර්ත්ථයෙන් යුගනද්ධය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සංවරාර්ත්ථයෙන් ශීලවිශුද්ධිය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අවික්ෂේපාර්ත්ථයෙන් චිත්තවිශුද්ධිය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, දර්ශනාර්ත්ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, මුක්ත්යර්ත්ථයෙන් විමෝක්ෂය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රතිවේධාර්ත්ථයෙන් විද්යාව ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, පරිත්යාගාර්ත්ථයෙන් විමුක්තිය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමුච්ඡේදාර්ත්ථයෙන් ක්ෂයඥානය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්රතිප්රශ්රබ්ධ්යර්ත්ථයෙන් අනුත්පාදඥානය ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ඡන්දය මූලාර්ත්ථයෙන් ධර්ම යැ, ඒ ධර්මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම,