‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්ත්ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්ශනාර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්ත්ථයෙන ‘පඤ්ඤා උදපාදි’ යනු ප්රජානනාර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්රතිවේධාර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්ත්ථයෙනි.
චක්ෂුස ධර්ම යැ, ඥානය ධර්ම යැ, ප්රඥාව ධර්ම යැ, විද්යාව ධර්ම යැ, ආලෝකය ධර්ම යි. මේ පඤ්චධර්මයෝ ධර්මප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් ධර්ම කෙනෙක් ඒ ධර්මප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්මප්රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්ම කෙනෙක් ඒ ධර්මප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්මප්රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.
දර්ශනාර්ත්ථය අර්ත්ථ යැ, ඥාතාර්ත්ථය අර්ත්ථය යැ, ප්රජානනාර්ත්ථය අර්ත්ථ යැ, ප්රතිවේධාර්ත්ථය අර්ත්ථ යැ, අවභාසාර්ත්ථය අර්ත්ථ යි. මේ පඤ්ච අර්ත්ථයෝ අර්ත්ථප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් අර්ත්ථ කෙනෙක් ඒ අර්ත්ථප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඇයට ගෝචර වෙති, යම් අර්ත්ථ කෙනෙක් ඒ අර්ත්ථප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඇයට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්ථේසු ඤාණං අත්ථපටිසම්භිදා’යි.
පඤ්චධර්මයන් (මෙරමාහට) දක්වන්නට ව්යඤ්ජනනිරුක්ත්යභිලාපයෝ වෙති, පඤ්ච අර්ත්ථයන් දක්වන්නට ව්යඤ්ජනනිරුක්ත්යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තීප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තිප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තීප්රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තීප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තීප්රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
පඤ්චධර්මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්ත්ථයන්හි ඥානයෝ යැ දශනිරුක්තීන්හී ඥානයෝ යැ. මේ විංශද්ඥානයෝ ප්රතිභානප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්රතිභානප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්රතිභානප්රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්රතිභානප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්රතිභානප්රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
තවද, ඒ මේ දුඃඛ නම් වූ ආර්ය්යසත්යය පිරිසිදු දතයුතු යැ’යි ... ‘පිරිසිඳ දන්නාලදැ’යි යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්රඥාව පහළ විය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්ත්ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්ශනාර්ත්ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්ත්ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්රජානනාර්ත්ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්රතිවේධාර්ත්ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්ත්ථයෙනි.
චක්ෂුස ධර්ම යැ, ඥානය ධර්ම යැ, ප්රඥාව ධර්ම යැ විද්යාව ධර්ම යැ, ආලෝකය ධර්ම යැ, මේ පඤ්චධර්මයෝ ධර්මප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්ම කෙනෙක් ඒ ධර්මප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්මප්රතිසංවිදාවට ගෝචර වෙති, යම් ධර්ම කෙනෙක්, ඒ ධර්මප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්මප්රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං, ධම්මපටිසම්භිදා’යි.
දර්ශනාර්ත්ථය අර්ත්ථ යැ, ඥාතාර්ත්ථය අර්ත්ථ යැ, ප්රජානනාර්ත්ථය අර්ත්ථ යැ, ප්රතිවේධාර්ත්ථය අර්ත්ථ යැ, අවභාසාර්ත්ථය අර්ත්ථ යැ, මේ පඤ්චඅර්ත්ථයෝ අර්ත්ථප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්ත්ථ කෙනෙක් ඒ අර්ත්ථප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්ත්ථප්රතිසංවිදාවට ගෝචර වෙති, යම් අර්ත්ථ කෙනෙක් ඒ අර්ත්ථප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්ත්ථප්රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්ථේසු ඤාණං අත්ථපටිසම්භිදා’යි.
පඤ්චධර්මයන් (මෙරමාහට) දක්වන්නට ව්යඤ්ජනනිරුක්ත්යභිලාපයෝ වෙති, පඤ්චඅර්ත්ථයන් දක්වන්නට ව්යඤ්ජනනිරුක්ත්යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තිප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ති අභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ත්යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
පඤ්චධර්මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්ත්ථයන්හි ඥානයෝ යැ. දශනිරුක්තීන්හි ඥානයෝ යැ මේ විංශද්ඥානයෝ ප්රතිභානප්රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්රතිභානප්රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්රතිභානප්රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්රතිභානප්රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්රතිභානප්රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
දුඃඛාර්ය්යසත්යයෙහි ධර්ම පසළොසෙක, අර්ත්ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
‘මේ දුඃඛසමුදය නම් වූ ආර්ය්යසත්ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛසමුදය නම් වූ ආර්ය්යසත්යය ප්රහාතව්ය යැ’යි ... ප්රහීණ යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛසමුදයාර්ය්යසත්යයෙහි ධර්ම පසළොසෙක, අර්ත්ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.