2. 4.
මෛත්‍රී කථා
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනාලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරනලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි එකොළොස් අනුසස් කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර එකොළොස් අනුසස් කෙනෙක යත්: සුවසේ නිදයි, සුවසේ පුබුදී, ලාමක සිහින නො දකී, මනුෂ්‍යයනට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, (මාපියෝ පුතකු සෙයින්) දෙවියෝ රකිති, ඔහුගේ සිරුරෙහි අග්නිය හෝ විෂයෙක් හෝ ශස්ත්‍රයෙක් හෝ නො වැදගනී, වහා සිත සමාහිත වෙයි, මුඛවර්‍ණය ඉතා ප්‍රසන්න වෙයි, නො මුළාසී වැ කලුරිය කෙරෙයි, මත්තෙහි අර්‍හත්ඵලය ප්‍රතිවේධ නො කරනුයේ බඹලොවැ උපදනේ වෙයි. මහණෙනි මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරන ලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි මේ එකොළොස් අනුසස්හු කැමැති වියයුත්තාහ.
මර්‍ය්‍යාදා (හිම්) රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රී චිත්තවිමුක්තියක් ඇත. මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇත, දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇති.
කිහි අයුරෙකින් මර්‍ය්‍යාදාරහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහිඅයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහි අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද යත්:
පස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි, සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි. දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කවර පස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම සත්හු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා. හැම ප්‍රාණයෝ ... හැම භූතයෝ .. හැම පුද්ගලයෝ ... හැම ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ පස් අයුරින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කවර සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම ස්ත්‍රීහු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා, හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මනුෂ්‍යයෝ ... හැම විනිපාතිකයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් ව යි මේ සත් අයුරින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කවර දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: පැදුන් දිග හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම සත්හු ... උතුරු දිග හැම සත්හු … දකුණුදිග හැම සත්හු ... පැදුන් අනුදිග හැම සත්හු ... පැළඅනුදිග හැම සත්හු ... උතුරු අනුදිග හැම සත්හු ... දකුණු අනුදිග හැම සත්හු ... යටදෙස හැම සත්හු ... උඩදෙස හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පෙරදිග හැම ප්‍රාණයෝ ... භූතයෝ ... පුද්ගලයෝ ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ ... හැම ස්ත්‍රීහු ... හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මිනිස්හු හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම විනිපාතිකයෝ ... උතුරු දිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... පැදුන් අනුදිග හැම විනිපාතිකයෝ ... පැළ අනුදිග හැම විනිපාතිකයෝ ... උතුරු අනුදිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... යටදෙස හැම විනිපාතිකයෝ ... උඩදෙස හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ දස අයුරින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
හැම සතුන් පිළිබඳ (අභ්‍යන්තර වශයෙන්) පෙළීම (තම සිතින්) හැරපියා නො පෙළෙන අයුරින්, (බාහිර වශයෙන්) ශරීරහිංසා හැරපියා අහිංසාකාරයෙන් සිත් තැවුලි හැරපියා නො තැවුලි අයුරින් ජීවිතාදී වස්තුන්ගේ ක්‍ෂයවීම හැරපියා අපරියාදානාකාරයෙන් (මෙරමා කෙරෙත්) දිවිවෙහෙස හැරපියා අවිහිංසාකාරයෙන් හැම සත්හු අවෛරීහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්ම වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් හැම සත්නට මෙත් වඩා නු’යි මෛත්‍රී නමු ඒ ධර්‍මය සිතානු’යි චිත්ත නම. (මෛත්‍රියට ප්‍රතිපක්‍ෂ වූ) හැම ව්‍යාපාදසමුදාචාරයන් කෙරෙන් මිදෙනු’යි විමුක්ති නමු. මෛත්‍රිය ද චිත්තය ද විමුක්තිය දැ’යි මෛත්‍රීචිත්තවිමුක්ති නමු.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රියෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍ර‍්‍රග්‍රහ කෙරේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යෙන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතීන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිත පිහිවුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධින්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ප්‍රඥායෙන් දැනගනී නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වේ.