2. 3.
බෝධ්යඞ්ග කථා
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, මේ බෝධ්යඞ්ගයෝ සත් දෙනෙකි: කවර සත්දෙනෙකැ යත්: ස්මෘතිසම්බොධ්යඞ්ග යැ ධර්මවිචයසම්බෝධ්යඞ්ග යැ වීර්ය්යසම්බෝධ්යඞ්ග යැ ප්රීතිසම්බෝධ්යඞ්ග යැ ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග යැ සමාධිසම්බොධ්යඞ්ග යැ උපේක්ෂාසම්බෝධ්යඞ්ග යි. මහණෙනි, මොහු සත්දෙන බෝධ්යඞ්ගයෝ යි.
බොජ්ඣඞ්ගා යනු කවර අරුතින් බෝධ්යඞ්ග වෙති යත්: අවබෝධය පිණිස පවතිත් නු’ යි බෝධ්යඞ්ග යැ අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්යඞ්ග යැ, අනුබෝධ කෙරෙත් නු’ යි බෝධ්යඞ්ග යැ, ප්රතිබෝධ කෙරෙත් නු’ යි බෝධ්යඞ්ග යැ, මොනොවට අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්යඞ්ග යි.
අවබෝධ කිරීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනුබෝධ කිරීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රතිබෝධ කිරීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, සම්බෝධ කිරීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යි.
අවබෝධ කරවත් නු’ යි බෝධ්යඞ්ග යැ, අනුබෝධ කරවත් නු’ යි බෝධ්යඞ්ග යැ, ප්රතිබෝධ කරවත් නු’ යි බෝධ්යඞ්ග යැ, සම්බෝධය කරවත් නු’ යි බෝධ්යඞ්ග යි.
අවබෝධ කරවීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනුබෝධ කරවීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රතිබෝධ කරවීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, සම්බෝධ කරවීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යි.
බෝධිපාක්ෂිකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනුබෝධිපාක්ෂිකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රතිබෝධිපාක්ෂිකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, සම්බොධිපාක්ෂිකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යි.
බුද්ධිලාභාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, බුද්ධිප්රතිලාභාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, බුද්ධිප්රතිෂ්ඨාපනාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, බුද්ධිඅභිරෝපණාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, බුද්ධිපාපුණනාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, බුද්ධිසම්පාපුණනාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යි.
මූලාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මුල් වැ පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මූලපරිග්රහාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මූලපරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මූලපරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, (නිෂ්ඨාවට පැමිණීම් වශයෙන්) මූලපරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මූල ප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මූල ප්රතිසංවිදාවට පැමිණවීම් අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මූලප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, මූලප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙති.
(ජනක බැවින්) හෙත්වර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු විසින් පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු පරිග්රහාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු පරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු පරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු පරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු ප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු ප්රතිසංවිදාවට පමුණුවන අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු ප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, හේතු ප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙති.
(උපස්ථම්භක බැවින්) ප්රත්යයාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යය වැ පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යයපරිග්රහාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යය පරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යයපරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යයපරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යයප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යයප්රතිසංවිදාවට පමුණුවන අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යයප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, ප්රත්යයප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙති.
විශුද්ධාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධ වැ පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිපරිග්රහාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිපරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිපරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිපරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිප්රතිසංවිදාවට පමුණුවන අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විශුද්ධිප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙති.
අනවද්යාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්ය වැ පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්යපරිග්රහායෙන් බෝධ්යඞ්ග යැ, අනවද්ය පරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්ය පරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්යපරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්ය ප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්යප්රතිසංවිදාවට පමුණුවන අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්ය ප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනවද්ය ප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙති.
නෛෂ්ක්රම්යාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්ය විසින් පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්යපරිග්රහාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්යපරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්ය පරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්ය පරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්ය ප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්යප්රතිසංවිදාවට පමුණුවන අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්ය ප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, නෛෂ්ක්රම්ය ප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙතී.
විමුක්ත්යර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්ති විසින් පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්ති පරිග්රහාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්තිපරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්තිපරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්ති පරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්ති ප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්ති ප්රතිසංවිදාවට පමුණුවන අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්ති ප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, විමුක්ති ප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙති.
අනාස්රවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රව වැ පවත්නා අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවපරිග්රහාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවපරිවාරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවපරිපූරාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවපරිපාකාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවප්රතිසංවිදර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවප්රතිසංවිදාවට පමුණුවන අර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවප්රතිසංවිද්හි වශීභාවාර්ත්ථයෙන් බෝධ්යඞ්ග යැ, අනාස්රවප්රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්යඞ්ගයෝ වෙති.