2.
සත්ය කථා
පරිපූර්ණතිදන යි. “මහණෙනි, මොහු සතර දෙන (යථාස්වාභාව හෙයින්) තථ නම් වෙති. (විපරීතාභාවයෙන්) අවිතථ නම් වෙති, (අන්යස්වාභාව රහිත බැවින්) අනඤ්ඤථ නම් වෙත්. කවර සතර දෙනෙක යත්: මහණෙනි, ‘මේ දුක යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛසමුදය යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධ යැ’ යන මෙය තථ යැ. අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යි. මහණෙනි, මොහු සතර දෙන තථ අවිතථ අනඤ්ඤථ නම් වෙත්.
කිසෙයින් දුඃඛය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වෙයි යත්: දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්ත්ථයෝ සතර දෙනෙක: දුඃඛයාගේ පීඩනාර්ත්ථ යැ ආයූහනාර්ත්ථ යැ සන්තාපාර්ත්ථ යැ විපරිණාමාර්ත්ථ යි. මොහු සතර දෙන දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්ත්ථයෝ යි. මෙසෙයින් දුඃඛය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වෙයි.
කිසෙයින් සමුදය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වෙයි යත්: සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්ත්ථයෝ සතර දෙනෙක: සමුදයාගේ ආයූහනාර්ත්ථ යැ නිදානාර්ත්ථ යැ සංයෝගාර්ත්ථ යැ පලිබෝධාර්ත්ථ යි. මොහු සතර දෙන සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්ත්ථයෝ යි. මෙසෙයින් සමුදය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වෙයි.
කිසෙයින් නිරෝධය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වෙයි යත්: නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්ත්ථයෝ සතර දෙනෙක: නිරෝධයාගේ නිස්සරණාර්ත්ථ යැ විවේකර්ත්ථ යැ අසඞ්ඛතාර්ත්ථ යැ අමෘතාර්ත්ථ යි. මොහු සතර දෙන නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්ත්ථයෝ යි. මෙසෙයින් නිරෝධය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වෙයි.
කිසෙයින් මාර්ගය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වෙයි යත්: මාර්ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්ගාර්ත්ථයෝ සතර දෙනෙක: මාර්ගයාගේ නිර්ය්යාණාර්ත්ථ යැ හෙත්ථර්ත්ථ යැ දර්ශනාර්ත්ථ යැ අධිපතිභාවාර්ත්ථ යි. මොහු සතර දෙන මාර්ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්ගාර්ත්ථයෝ යි. මෙසෙයින් මාර්ගය යථාස්වභාවාර්ත්ථයෙන් සත්ය වේ.
කිහි අයුරෙකින් සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙයි යත්: සතර අයුරෙකින් සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති: යථාස්වභාවාර්ත්ථයෙන අනාත්මාර්ත්ථයෙන සත්යාර්ත්ථයෙන ප්රතිවේධ කළයුතු අර්ත්ථයෙනි. මේ සතර අයුරින් සතර සත්යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ගෘහීත වෙති, යම් හෙයකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්රහ කරනලද වේ ද එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක් මාර්ගඥානයෙන් ප්රතිවේධ කෙරේ නු’ යි සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති.
කිසෙයින් තථාර්ත්ථයෙන් සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් තථාර්ත්ථයෙන් සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය තථාර්ත්ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය තථාර්ත්ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය තථාර්ත්ථ යැ, මාර්ගයාගේ මාර්ගස්වභාවය තථාර්ත්ථ යි. මේ සතර අයුරින් තථාර්ත්ථයෙන් සතර සත්යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්රහ කරනලදහ. යම් හෙයෙකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්රහ කරනලද ද, එහෙයින් ඒකත්ව වෙයි, ඒකත්වය එක් මාර්ගඥානයෙන් ප්රතිවේධ කෙරේ නු’ යි සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති.
කිසෙයින් අනාත්මාර්ත්ථයෙන් සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් අනාත්මාර්ත්ථයෙන් සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය අනාත්මාර්ත්ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය අනාත්මාර්ත්ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය අනාත්මාර්ත්ථ යැ, මාර්ගයාගේ මාර්ගස්වභාවය අනාත්මාර්ත්ථ යි. මේ සතර අයුරින් අනාත්මාර්ත්ථයෙන් සතර සත්යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්රහ කරනලදහ, යම් හෙයෙකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්රහ කරනලද ද, එහෙයින් ඒකත්ව වෙයි, ඒකත්වය එක් ඥානයෙන් ප්රතිවේධ කෙරේ නු’ යි සතර සත්යයෝ ඒකප්රතිවේධ වෙති.