6.
ගතිකථා
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි කෙතෙක් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වේ ද, ක්ෂත්රියමහාසාරයනට බ්රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානසම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි කෙතෙක් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වේ ද, රූපාවචර දෙවියනට කෙතෙක් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වේ ද, අරූපාවචර දෙවියනට කෙතෙක් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වේ ද යත්:
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි අට වැදෑරුම් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වෙයි. ක්ෂත්රියමහාසාරයනට බ්රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානසම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි අට වැදෑරුම් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වෙයි. රූපාවචර දෙවියනට අට වැදෑරුම් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වෙයි. අරූපාවචර දෙවියනට අට වැදෑරුම් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වෙයි.
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වේ ද යත් : (ත්රිහේතුක කාමාවචර) කුශලකර්මයාගේ ජවනක්ෂණයෙහි තුන් කුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්රත්යය වෙති, එයින් කියනු ලැබෙයි: “කුශලමූල ප්රත්යයෙනුදු සංස්කාරයෝ වෙති” යි. (උපදනාවුනට) නිකාන්තික්ෂණයෙහි දෙ අකුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්රත්යය වෙති, එයින් කියනු ලැබෙයි: “අකුශලමූල ප්රත්යයෙනුදු සංස්කාරයෝ වෙති” යි. ප්රතිසන්ධික්ෂණයෙහි තුන් අව්යාකෘතහේතූහු එ කෙණෙහි උපන් චේතනාවට සහජාතප්රත්යය වෙති, එයින් කියනු ලැබෙයි: “නාමරූප ප්රත්යයෙනුදු විඥානය වෙයි, විඥානපුත්යයෙනුදු නාමරූපය වේ” යයි.
ප්රතිසන්ධික්ෂණයෙහි පඤ්චස්කන්ධයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස් ධර්මයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තප්රත්යයෝ වෙත්.
ප්රතිසන්ධික්ෂණයෙහි අරූපී වූ සතර ස්කන්ධයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි පඤ්චේන්ද්රියයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි තුන් හේතූහු සහජාතප්රත්යයෝ වෙති, අන්යෙන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස් ධර්මයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්.
ප්රතිසන්ධික්ෂණයෙහි මේ අටවිසි ධර්මයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තනත්යයෝ වෙත්.
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි මේ අට වැදෑරුම් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වේ. (1)
කැත්මහසලනට බමුණුමහසලනට ගැහැවිමහසලනට කාමාවචර දෙවියන්ට ඥානසම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්රත්යයෙන් ඉපැදීම වේ ද යත් : කුශලකර්මයාගේ ජවනක්ෂණයෙහි, තුන් කුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්රත්යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. නිකාන්තික්ෂණයෙහි දෙ අකුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්රත්යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. ප්රතිසන්ධික්ෂණයෙහි තුන් අව්යාකෘතහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්රත්යයෝ වෙත්, එයින් කියනු ලැබෙයි. ‘නාමරූපපච්චයාපි විඤ්ඤාණං විඤ්ඤාණපච්චයාපි නාමරූපං’ යි.
ප්රතිසන්ධික්ෂණයෙහි පඤ්චස්කන්ධයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස් ධර්මයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, විප්රයුක්තප්රත්යයෝ වෙත්.
ප්රතිසන්ධික්ෂණයෙහි අරූපී වූ සතර ස්කන්ධයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි පඤ්චේන්ද්රියෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි තුන් හේතූහු සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්. ප්රතිසන්ධික්ෂණයෙහි මේ තුදුස් ධර්මයෝ සහජාතප්රත්යයෝ වෙති, අන්යෝන්යප්රත්යයෝ වෙති, නිශ්රයප්රත්යයෝ වෙති, සම්ප්රයුක්තප්රත්යයෝ වෙත්.