4-3. තෘතීය සූත්රය
[සැවැත්නිදාන යි]
“මහණෙනි, මේ ඉන්ද්රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක් ද යත්: ශ්රද්ධේන්ද්රිය යැ, වීර්ය්යෙන්ද්රිය යැ, ස්මෘතීන්ද්රිය යැ, සමාධීන්ද්රිය යැ, ප්රඥේන්ද්රිය යි.
මහණෙනි, කොතැන්හි ලා ශ්රද්ධේන්ද්රියය දතයුතු ද යත්: සතර ශ්රොතාපත්තිඅඞ්ගයන්හි යැ, මෙහි ලා ශ්රද්ධේන්ද්රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා වීර්ය්යේන්ද්රියය දතයුතු ද යත්: සතර සම්යක්ප්රධානයන්හි යැ, මෙහි ලා වීර්ය්යේන්ද්රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ස්මෘතීන්ද්රියය දතයුතු ද යත්: සතරසතිපට්ඨානයන්හි යැ, මෙහි ලා ස්මෘතීන්ද්රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා සමාධීන්ද්රියය දතයුතු ද යත්: සතර ධ්යානයන්හි යැ, මෙහි ලා සමාධීන්ද්රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ප්රඥේන්ද්රියය දතයුතු ද යත්: සතර ආර්ය්යසත්යයන්හි යැ මෙහි ලා ප්රඥේන්ද්රියය දතයුතු.”
සතර ශ්රොතාපත්තිඅඞ්ගයන්හි ශ්රද්ධෙන්ද්රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද, සතර සම්යක්ප්රධානයන්හි වීර්ය්යේන්ද්රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද, සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද, සතර ධ්යානයන්හි සමාධීන්ද්රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද, සතර ආර්ය්යසත්යයන්හි පඤ්චෙන්ද්රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද යත්:
සතර ශ්රොතාපත්ත්යඞ්ගයන්හි ශ්රද්ධෙන්ද්රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහ, සතර සම්යක්ප්රධානයන්හි වීර්ය්යේන්ද්රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහ. සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහ. සතර ධ්යානයන්හි සමාධීන්ද්රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහ. සතර ආර්ය්යසත්යයන්හි ප්රඥේන්ද්රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු යි.
සතර ශ්රොතාපත්ත්යඞ්ගයන්හි ශ්රද්ධෙන්ද්රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද යත්:
සත්පුරුෂසංසේවා සඞ්ඛ්යාත ශ්රෝතාපත්ත්යඞ්ගයෙහි අධිමෝක්ෂාධිපතිභාවාර්ත්ථයෙන් ශ්රද්ධේන්ද්රියය දතයුතු යැ, ශ්රද්ධෙන්ද්රියයාගේ වශයෙන් ප්රග්රහාර්ත්ථයෙන් වීර්ය්යේන්ද්රියය දතයුතු යැ, උපස්ථානාර්ත්ථ (එළඹසිටුනාස්වභාව) යෙන් ස්මෘතීන්ද්රියය දතයුතු යැ, අවික්ෂේපාර්ත්ථයෙන් සමාධීන්ද්රියය දතයුතු යැ, දර්ශනාර්ත්ථයෙන් ප්රඥේන්ද්රියය දතයුතු යැ. සද්ධර්මශ්රවණ සඞ්ඛ්යාත ශ්රෝතාපත්ත්යඞ්ගයෙහි ... යෝනිසෝමනසිකාර සඞ්ඛ්යාත ශ්රෝතාපත්ත්යඞ්ගයෙහි ... ධර්මානුධර්මප්රතිපත්ති සඞ්ඛ්යාත ශ්රෝතාපත්ත්යඞ්ගයෙහි අධිමෝක්ෂාධිපතිභාවාර්ත්ථයෙන් ශ්රද්ධේන්ද්රියය දතයුතු යැ, ශ්රද්ධෙන්ද්රියයාගේ වශයෙන් ප්රග්රහාර්ත්ථයෙන් වීර්ය්යේන්ද්රියය දතයුතු යැ, උපස්ථානාර්ත්ථයෙන් ස්මෘතීන්ද්රියය දතයුතු යැ, අවික්ෂේපාර්ත්ථයෙන් සමාධීන්ද්රියය දතයුතු යැ, දර්ශනාර්ත්ථයෙන් ප්රඥේන්ද්රියය දතයුතු.
සතර ශ්රොතාපත්ත්යඞ්ගයන්හි ශ්රද්ධෙන්ද්රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු යි.
සතර සම්යක්ප්රධානයන්හි වීර්ය්යේන්ද්රියයාගේ වශයෙන් කවර විසි අයුරින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද යත්:
නූපන් ලාමක වූ අකුශලධර්මයන් නූපදනා පිණිස සම්යක්ප්රධානයෙහි ප්රග්රහාධිපතිභාවාර්ත්ථයෙන් වීර්ය්යේන්ද්රියය දතයුතු යැ, වීර්ය්යේන්ද්රියයාගේ වශයෙන් උපස්ථානාර්ත්ථයෙන් ස්මෘතින්ද්රිය දතයුතු යැ, අවික්ෂේපාර්ත්ථයෙන් සමාධීන්ද්රියය දතයුතු යැ, දර්ශනාර්ත්ථයෙන් ප්රඥේන්ද්රියය දතයුතු යැ, අධිමෝක්ෂාර්ත්ථයෙන් ශ්රද්ධේන්ද්රියය දතයුතු යැ, උපන් ලාමක වූ අකුශලධර්මයන් ප්රහාණය කරනු පිණිස සම්යක්ප්රධානයෙහි ... නූපන් කුශලධර්මයන් උපදනා පිණිස සම්යක්ප්රධානයෙහි ... උපන් කුශලධර්මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ බව පිණිස සම්යක්ප්රධානයෙහි ප්රග්රහාධිපතිභාවාර්ත්ථයෙන් වීර්ය්යේන්ද්රියය දතයුතු යැ, වීර්ය්යේන්ද්රියයාගේ වශයෙන් උපස්ථානාර්ත්ථයෙන් ස්මෘතීන්ද්රියය දතයුතු යැ, අවික්ෂේපාර්ත්ථයෙන් සමාධීන්ද්රියය දතයුතු යැ, දර්ශනාර්ත්ථයෙන් ප්රඥේන්ද්රියය දතයුතු යැ, අධිමෝක්ෂාර්ත්ථයෙන් ශ්රද්ධේන්ද්රියය දතයුතු.
සතර සම්යක්ප්රධානයන්හි වීර්ය්යේන්ද්රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු යි.
සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයෝ දතයුත්තාහු ද යත්:
කයෙහි කායානුපස්සනා සඞ්ඛ්යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපති භාවාර්ත්ථයෙන් ස්මෘතීන්ද්රියය දතයුතු යැ; ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් අවික්ෂේපාර්ත්ථයෙන් සමාධීන්ද්රියය දතයුතු යැ, දර්ශනාර්ත්ථයෙන් ප්රඥේන්ද්රියය දතයුතු යැ, අධිමෝක්ෂාර්ත්ථයෙන් ශ්රද්ධේන්ද්රියය දතයුතු යැ, ප්රග්රහාර්ත්ථයෙන් වීර්ය්යේන්ද්රියය දතයුතු යැ, වේදනාවන්හි වේදනානුපස්සනා සඞ්ඛ්යාත සතිපට්ඨානයෙහි ... චිත්තයෙහි චිත්තානුපස්සනා සඞ්ඛ්යාත සතිපට්ඨානයෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සනා සඞ්ඛ්යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්ත්ථයෙන් ස්මෘතීන්ද්රියය දතයුතු යැ, ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් අවික්ෂේපාර්ත්ථයෙන් සමාධීන්ද්රියය දතයුතු යැ, දර්ශනාර්ත්ථයෙන් ප්රඥේන්ද්රියය දතයුතු යැ, අධිමෝක්ෂාර්ත්ථයෙන් ශ්රද්ධේන්ද්රියය දතයුතු යැ, ප්රග්රහාර්ත්ථයෙන් වීර්ය්යේන්ද්රියය දතයුතු.