කිසෙයින් අනිත්‍යානුදර්ශී (අනිත්‍ය අනු වැ බලනසුලු) වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්: අනිච්චං යනු: අනිත්‍ය කවර යත්: පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. කවර අරුතින් අනිත්‍යයහ යත්: උත්පාදව්‍යයස්වභාවයෙන් අනිත්‍යයහ. පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද යත්: පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. පඤ්චස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නේ මේ පනස් ලක්‍ෂණයන් දකී.
‘රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ‘ජරාමරණයෙහි අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘ජරාමරණයෙහි අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
‘අනිච්චානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ. ධර්‍මයෝ උපස්ථානය ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘අනිච්චානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘අනිච්චානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි (1)
කිසෙයින් විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
රූපයෙහි ආදීනව දැක රූපවිරාගයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘රූපයෙහි විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘රූපයෙහි විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි-සංස්කාරයන්හි - විඥානයෙහි - චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි ආදීනව දැක ජරාමරණවිරාගයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි, ජරාමරණයෙහි විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘ජරාමරණයෙහි විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
විරාගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ, අනුපස්සනාව ඥාන යැ ධර්‍ම උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුපස්සනාපතිපට්ඨානභාවනා’ යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
‘විරාගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘විරාගානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ප්‍රකට කොට දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි. (2)
කිසෙයින් නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
රූපයෙහි ආදීනව දැක රූපනිරෝධයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘රූපයෙහි නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘රූපයෙහි නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි - සංස්කාරයන්හි - විඥානයෙහි - චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි ආදීනව දැක ජරාමරණනිරෝධයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ජරාමරණයෙහි නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ජරාමරණයෙහි නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.