3-6, 11. ඥානරාශිෂට්ක
සමාධිවශයෙන් සූවිසි ඥානයෝ කවරහ යත්:
‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්රතා සඞ්ඛ්යාත අවික්ෂේපය සමාධි යැ ‘දීඝං’යි කියනලද ප්රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්රතා සඞ්ඛ්යාත අවික්ෂේපය සමාධි යැ ... ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්රතා සඞ්ඛ්යාත අවික්ෂේපය සමාධි යැ ‘විමොචයං චිත්තං’යි කියනලද ප්රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්රතා සඞ්ඛ්යාත අවික්ෂේපය සමාධි යි.
මොහු සමාධි වශයෙන් සූවිසි ඥානයෝ යි. (1)
විදර්ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ කවරහ යත්:
දීර්ඝ වූ ආශ්වාසය අනිත්ය හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ දුඃඛ හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ අනාත්ම හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ දීර්ඝ වූ ප්රශ්වාස අනිත්ය හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ දුඃඛ හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ අනාත්ම හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ ... සිත මුදමින් ආශ්වාසය ... සිත මුදමින් ප්රශ්වාසය අනිත්ය හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ දුඃඛ හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යැ අනාත්ම හෙයින් අනුදර්ශනාස්වභාවයෙන් විදර්ශනා යි.
මොහු විදර්ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ යි. (2)
අෂ්ටනිර්වේදඥානයෝ කවරහ යත්:
අනිත්යානුදර්ශී වැ ආශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ අනිත්යානුදර්ශී වැ ප්රශ්වාසය කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ... ප්රතිනිඃසර්ගානුදර්ශී වැ ආශ්වාසකරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ප්රතිනිඃසර්ගානු දර්ශීවැ ප්රශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යි.
මොහු අෂ්ට නිර්වේදඥානයෝ යි. (3)
අෂ්ටනිර්වේදානුලෝමඥානයෝ කවරහ යත්:
අනිත්යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්රඥාව නිර්වේදානුලෝමඥාන යැ අනිත්යානුදර්ශී වැ ප්රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්රඥාව නිර්වේදානුලෝමඥාන යැ ... පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්රඥාව නිර්වේදානුලෝමඥාන යැ පටිනිස්සග්ගානුපස්සී වැ ප්රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්රඥාව නිර්වේදානුලෝමඥාන යි.
මොහු අෂ්ට නිර්වෙදානුලොමඥානයෝ යි. (4)
නිර්වේදප්රතිප්රශබ්ධිඥානයෝ අටදෙන කවරහ යත්:
අනිත්යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්රඥාව නිර්වේදප්රතිප්රශබ්ධිඥාන වෙයි, අනිත්යානුදර්ශී වැ ප්රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්රඥාව නිර්වේදප්රතිප්රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්රඥාව නිර්වේදප්රතිප්රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ප්රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්රඥාව නිර්වේදප්රතිප්රශබ්ධිඥාන වේ.
මොහු නිර්වේදඥානයෝ අටදෙන වෙත්. (5)
එක්විසි විමුක්තිසුඛඥානයෝ කවරහ යත්:
ස්රෝතාපත්තිමාර්ගයෙන් සත්කායදෘෂ්ටිය පුහුන් බැවින් මුලුසුන් කරන ලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. විචිකිත්සාව පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. ශීලව්රතපරාමර්ශය ... දෘෂ්ට්යනුශය විචිකිත්සානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. සකෘදාගාමීමාර්ගයෙන් ඖදාරිකකාමරාගසංයෝජනය ... ප්රතිඝසංයෝජනය ඖදාරික වූ කාමරාගානුශය ප්රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අනාගාමිමාර්ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජනය ... ප්රතිඝසංයෝජනය අණුසහගත වූ කාමරාගානුශය ප්රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අර්හන්මාර්ගයෙන් රූපරාගය ... අරූපරාගය මානය ඖදත්යය අවිද්යාව මානානුශය භවරාගානුශය අවිද්යානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී.
මොහු එක්විසි විමුක්තිඥානයෝ යි.
ෂෝඩශවස්තුක වූ අනාපානසතිසමාධිය වඩන්නාහට සාධික වූ මේ ඥානයෝ දෙසියදෙන උපදිත්.
ආනාපානස්මෘතිකථා නිමි.