2-9. අපරාන්තානුදෘෂ්ටිය
අපරාන්තානුදෘෂ්ටියෙහි කවර සියුසාලිස්අයුරින් අභිනිවේශය වෙයි යත්:
ෂෝඩශප්‍රකාර සංඥීවාද යැ අෂ්ටප්‍රකාර අසංඥීවාද යැ අෂ්ටප්‍රකාර නෛවසංඥීනාසංඥීවාද යැ සප්තප්‍රකාර උච්ඡේදවාද යැ පඤ්චප්‍රකාර දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද යි.
අපරාන්තානුදෘෂ්ටියෙහි මේ සියුසාලිස්අයුරින් අභිනිවේශය වේ.
2-10. සංයෝජනිකදෘෂ්ටි
සංයෝජනිකදෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් ... දෘෂ්ට්‍යභිනිවේශයෙක් දෘෂ්ටිපරාමර්‍ශයෙක් වේ ද,
සංයෝජනිකදෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.
2-11. අහන්තිමානවිනිබන්‍ධදෘෂ්ටිය
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
‘ඇස මම වෙමි’ අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘කන මම වෙමි’ ... නැහැය මම වෙමි’ ... ‘දිව මම වෙමි’ ... ‘කය මම වෙමි’ ... ‘මනස මම වෙමි’ ... ‘රූපයෝ මම වෙමි’ ... ‘ධර්‍මයෝ මම වෙමි’ ... ‘චක්‍ෂුර්විඥානය මම වෙමි’ ... ‘මනෝවිඥානය මම වෙමි’ ... ‘අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.
2-12. මමන්තිමානවිනිබන්‍ධදෘෂ්ටිය
‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
‘ඇස මාගේ යැ’යි අභිනිවේශපරාමර්‍ශය ‘මාගේ යැ’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘කන මාගේ යැ’ යි ... ‘නැහැය මාගේ යැ’ යි ... ‘දිව මාගේ යැ’ යි ... ‘කය මාගේ යැ’ යි ... ‘මනස මාගේ යැ’ යි ... ‘රූපයෝ මාගේ යැ’ යි ... ‘ධර්‍මයෝ මාගේ යැ’ යි ... ‘චක්‍ෂුර්විඥානය මාගේ යැ’ යි ... ‘මනෝවිඥානය මාගේ යැ’ යි අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් වස්තුවකුත් වේ ද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරෙකින් අභිනිවේශය වේ.