2-7. අන්තග්‍රාහිකදෘෂ්ටිය
කවර පනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යී අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වේ’ යයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො වේ’යයි ... සත්ත්‍වතෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි ... ‘සත්ත්‍වතෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද යත්:
ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වෙයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වේ.
‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘ලෝකය ශාශ්වත යැ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... ‘සංඥාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... සංස්කාරයෝ ලෝක ද ශාශ්වත ද වෙතී ...‘ විඥානය ලෝක ද ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පස්වනු වූ ‘ලෝකය ශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය ශාශ්වත යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘ලෝක අශාශ්වත යැ’ යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... මේ පළමු වනු වූ ‘ලෝකය අශාශ්වත යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව ලෝක ද අශාශ්වත ද වේ’ යයි ... සංඥාව ලෝක ද අශාශ්වත ද වේ යයි ... සංස්කාරයෝ ලෝක ද අශාශ්වත ද වෙත්’ යයි ... විඥානය ලෝක ද අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යු අන්තග්‍රාහික දෘෂ්ටි නම. ... අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය අශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොවැ ඇතැමෙක් අල්ප අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ ය’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණරූපය වස්තු (අරමුණු) ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත් ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමුවනු වූ ‘ලෝකය අන්තවත් යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
මෙ ලොවැ ඇතැමෙක් මඳ අවකාශයෙක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාත වශයෙන් අරමුණු කෙරෙයි ... අවභාසවශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද, ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි. යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත ආත්ම ද ලෝක ද වේ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම, ... ‘ලෝකය අන්තවත් වැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මෙලොව අන්ත නැත්තේ යැ පරිච්ඡේද නැත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණ රූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණ රූපය වස්තු ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටි වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘ලෝකය අන්ත නැත්තේ යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහික දෘෂ්ටි මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
මෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාතවශයෙන් අරමුණු කෙරෙයි ... අවභාස වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙලොව අන්තවත් නො වෙයි පරිච්ඡේද නැත්තේ යැ’යි අනන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණ කෙරේ ද ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණ කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි යැ ... ලෝකය අන්තනැත්තේ ය’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.