2-5. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටිය
සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි කවර පසළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
මෙලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ආත්මය වේදනාවත් කොට හෝ ... ආත්මය සංඥාවත් කොට හෝ ... ආත්මය සංස්කාරවත් කොට හෝ ... ආත්මය විඥානවත් කොට හෝ ... විඥානය ආත්මයෙහි ලා හෝ .. ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ රූපයෙන් රූපවත් වේ’යයි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මොලොව ඇතැමෙක් වේදනාව ... මේ පළමුවනු වූ සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටි නම. ශාශ්වතදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී ... සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි මේ පසළොස් අයුරින් අභිනිවේශය වේ.
2-6. සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටිය
කවර පස් අයුරෙකින් සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
මෙ ලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. වේදනාව ආත්මවශයෙන් දකී, සංඥාව ආත්මවශයෙන් දකී, සංස්කාරයන් ආත්මවශයෙන් දකී, විඥානය ආත්මවශයෙන් දකී.
කිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඕදාතකසිණය වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’ යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ ... මේ පළමුවනු වු සත්කාය වස්තුක උච්ඡේදදෘෂ්ටි නම. උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ... මේ පස් අයුරින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.
2-7. අන්තග්‍රාහිකදෘෂ්ටිය
කවර පනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යී අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වේ’ යයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො වේ’යයි ... සත්ත්‍වතෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි ... ‘සත්ත්‍වතෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද යත්:
ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වෙයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වේ.
‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘ලෝකය ශාශ්වත යැ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... ‘සංඥාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... සංස්කාරයෝ ලෝක ද ශාශ්වත ද වෙතී ...‘ විඥානය ලෝක ද ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පස්වනු වූ ‘ලෝකය ශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය ශාශ්වත යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘ලෝක අශාශ්වත යැ’ යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... මේ පළමු වනු වූ ‘ලෝකය අශාශ්වත යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.