2-11. අහන්තිමානවිනිබන්ධදෘෂ්ටිය
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
‘ඇස මම වෙමි’ අභිනිවේශපරාමර්ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ. ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘කන මම වෙමි’ ... නැහැය මම වෙමි’ ... ‘දිව මම වෙමි’ ... ‘කය මම වෙමි’ ... ‘මනස මම වෙමි’ ... ‘රූපයෝ මම වෙමි’ ... ‘ධර්මයෝ මම වෙමි’ ... ‘චක්ෂුර්විඥානය මම වෙමි’ ... ‘මනෝවිඥානය මම වෙමි’ ... ‘අභිනිවේශපරාමර්ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.
2-12. මමන්තිමානවිනිබන්ධදෘෂ්ටිය
‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
‘ඇස මාගේ යැ’යි අභිනිවේශපරාමර්ශය ‘මාගේ යැ’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘කන මාගේ යැ’ යි ... ‘නැහැය මාගේ යැ’ යි ... ‘දිව මාගේ යැ’ යි ... ‘කය මාගේ යැ’ යි ... ‘මනස මාගේ යැ’ යි ... ‘රූපයෝ මාගේ යැ’ යි ... ‘ධර්මයෝ මාගේ යැ’ යි ... ‘චක්ෂුර්විඥානය මාගේ යැ’ යි ... ‘මනෝවිඥානය මාගේ යැ’ යි අභිනිවේශපරාමර්ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් වස්තුවකුත් වේ ද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරෙකින් අභිනිවේශය වේ.
2-13. ආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටිය
ආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
මෙලොව (බුද්ධාදී) ආර්ය්යයන් නො දක්නා සුලු ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නා සුලු සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂධර්මයෙහි අවිනීත වූ අශ්රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ... වේදනාව සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ ...
කිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්:
මෙලොව ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. “යමෙක් ඔදාතකසිණ වේ ද, හේ මම වෙමි. යමෙක් මම වේ ද හේ ඕදාතසකසිණ වේ”යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්ණ වෙයි, යමෙක් වර්ණ වේ ද හෝ සිළුව වේ” යයි සිළුවත් වර්ණයත් එකක් මැ කොට දක්නේ ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් ඕදාතකසිණය ආත්ම වශයෙන් දකී ... මේ පළමුවනු වූ රූපවස්තුකආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටි වේ. ආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ...
ආත්මවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.
2-14. ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය
ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර අටඅයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
“ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ”යි අභිනිවේශපරාමර්ශය ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටි වේ. ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
“ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ”යි ... “ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වේ” යයි … “ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ අශාශ්වත නො වේ” යයි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ ද අන්ත නැත්තේ ද වේ” යයි ... ආත්මයත් ලෝකයත් නො මැ අන්ත ඇත්තේ අන්ත නැත්තේ නො වේ” යයි අභිනිවේශපරාමර්ශය ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ අටවනු වූ ලෝකවාදප්රතිසංයුක්ත දෘෂ්ටි වේ. ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ අටඅයුරින් අභිනිවේශය වේ.