10.
මණ්ඩපෙය්යකථා
මහණෙනි, මේ ශාසනබ්රහ්මචර්ය්යය මණ්ඩපෙය්ය (ඝෘතමණ්ඩයක් සෙයින් ප්රසන්න වූ හිතසුඛාවහ පානයෙක්) වෙයි. ශාස්තෲහු හමු වූහ. ශාස්තෲන් හමු වූ කල්හි ත්රිවිධභාවයෙන් මණ්ඩ (ප්රසන්න) වෙයි: දේශනාමණ්ඩ යැ ප්රතිග්රහමණ්ඩ යැ බ්රහ්මචර්ය්යමණ්ඩ යි.
දේශනාමණ්ඩ කවරෙ යත්: සතර ආර්ය්යසත්යයන් නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්රකට කිරීම යැ සතර සතිපට්ඨානයන් ... සතර සම්යක්ප්රදහනයන් ... සතර ඍද්ධිපාදයන් ... පඤ්චේන්ද්රියයන් ... පඤ්චබලයන් ... සප්ත බෝධ්යඞ්ගයන් ... ආර්ය්යාෂ්ටාඞ්ගිකමාර්ගය නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්රකට කිරීම යි. මේ දේශනාමණ්ඩ නම් වෙයි. (1)
ප්රතිග්රහමණ්ඩ කවරැ යත් : මහණහු යැ මෙහෙණහු යැ උවසුවෝ යැ උවැසියෝ යැ දෙවියෝ යැ මිනිස්සු යැ, තවද අන්ය වූ හෝ යම් කිසි ධර්මප්රතිවේධක කෙනෙක් වෙත් ද මේ ප්රතිග්රහමණ්ඩ නම් වෙයි. (2)
බ්රහ්මචර්ය්යමණ්ඩ කවරැ යත්: මෙ මැ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය යි. හෙ මෙසේ යි: සම්යග්දෘෂ්ටි යැ සම්යක්සඞ්කල්ප යැ සම්යග්වචන යැ සම්යක්කර්මාන්ත යැ සම්යගාජීව යැ සම්යග්ව්යායාම යැ සම්යක්ස්මෘති යැ සම්යක්සමාධි යි. මේ බ්රහ්මචර්ය්යමණ්ඩ නම් වේ. (3)
ශ්රද්ධේන්ද්රිය අධිමෝක්ෂමණ්ඩ යැ අශ්රද්ධාව කසට යැ අශ්රද්ධා සඞ්ඛ්යාත කසටය හැරපියා ශ්රද්ධෙන්ද්රියයාගේ අධිමෝක්ෂමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, වීර්ය්යෙන්ද්රිය ප්රග්රහමණ්ඩ යැ කුසීද බව කසට යැ කෞසීද්ය සඞ්ඛ්යාත කසටය හැරපියා වීර්ය්යේන්ද්රියයාගේ ප්රග්රමණ්ඩය පානය කෙරේනු’ යි මණ්ඩපෙය්ය නම, ස්මෘතීන්ද්රිය උපස්ථානමණ්ඩ යැ ප්රමාදය කසට යැ ප්රමාද සඞ්ඛ්යාත කසටය හැරපියා ස්මෘතීන්ද්රියයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, සමාධීන්ද්රිය අවික්ෂේපමණ්ඩ යැ උද්ධතභාවය කසට යැ උද්ධතභාව සඞ්ඛ්යාත කසටය හැරපියා සමාධීන්ද්රියයාගේ අවික්ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ප්රඥේන්ද්රිය දර්ශනමණ්ඩ යැ අවිද්යාව කසට යැ අවිද්යා සඞ්ඛ්යාත කසටය හැරපියා ප්රඥේන්ද්රියයාගේ දර්ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නමි.
ශ්රද්ධාබලය අශ්රද්ධායෙහි අකම්ප්ය (නො සැලෙන) මණ්ඩ යැ, අශ්රද්ධාව කසට යැ, අශ්රද්ධාකසටය හැරපියා ශ්රද්ධාබලයාගේ අශ්රද්ධායෙහි අකම්ප්යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, වීර්ය්යබලය කුසීදභාවයෙහි අකම්ප්යමණ්ඩ යැ කුසීදභාවය කසට යැ කෞසිද්යකසටය හැරපියා වීර්ය්යබලයාගේ කුසීදභාවයෙහි අකම්ප්යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ස්මෘතිබලය ප්රමාදයෙහි අකම්ප්යමණ්ඩ යැ, ප්රමාදය කසට යැ ප්රමාදකසටය හැරපියා ස්මෘතිබලයාගේ ප්රමාදයෙහි අකම්ප්යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සමාධිබලය ඖද්ධත්යයෙහි අකම්ප්යබල යැ ඖද්ධත්යය කසට යැ, ඖද්ධත්යකසටය හැරපියා සමාධිබලයාගේ ඖද්ධත්යයෙහි අකමප්යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ප්රඥාබලය අවිද්යායෙහි අකම්ප්යමණ්ඩ යැ, අවිද්යාව කසට යැ, අවිද්යාකසටය හැරපියා ප්රඥාබලයාගේ අවිද්යායෙහි අකම්ප්යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නමි.
ස්මෘතිසම්බොධ්යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ප්රමාදය කසට යැ, ප්රමාදකසටය හැරපියා ස්මෘතිසම්බොධ්යඞ්ගයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ධර්මවිචයසම්බෝධ්යඞ්ගය ප්රවිචය (විමසීම්) මණ්ඩ යැ, අවිද්යාව කසට යැ, අවිද්යාකසටය හැරපියා ධර්මවිචයසම්බෝධ්යඞ්ගයාගේ ප්රවිච මණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. වීර්ය්යසම්බෝධ්යඞ්ගය ප්රග්රහමණ්ඩ යැ, කෞසීද්යය කසට යැ, කෞසීද්යකසටය හැරපියා වීර්ය්යසම්බෝධ්යඞ්ගයාගේ ප්රග්රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ප්රීතිසම්බෝධ්යඞ්ගය ස්ඵරණමණ්ඩ යැ, පරිදාහය කසට යැ, පරිදාහකසටය හැරපියා ප්රීතිසම්බොධ්යඞ්ගයාගේ සඵරණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගය ව්යුපශමමණ්ඩ යැ, දුට්ඨුල්ලය කසට යැ, දුට්ඨුල්ලකසටය හැරපියා ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගයාගේ ව්යුපශමමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සමාධිසම්බෝධ්යඞ්ගය අවික්ෂේපමණ්ඩ යැ, ඖද්ධත්යය කසට යැ, ඖද්ධත්යයකසටය හැරපියා සමාධිසම්බෝධ්යඞ්ගයාගේ අවික්ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. උපේක්ෂාසම්බෝධ්යඞ්ගය පටිසඞ්ඛාන (ප්රත්යවේක්ෂා) මණ්ඩ යැ, අප්පටිසඞ්ඛාව කසට යැ, අප්පටිසඞ්ඛාකසටය හැරපියා උපේක්ෂාසම්බෝධ්යඞ්ගයාගේ පටිසඞ්ඛානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නමි.
සම්යග්දෘෂ්ටිය දර්ශනමණ්ඩ යැ, මිථ්යාදෘෂ්ටිය කසට යැ, මිථ්යාදෘෂ්ටිකසටය හැරපියා සම්යග්දෘෂ්ටිහුගේ දර්ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්යක්සංකල්පය අභිනිරෝපණ (අරමුණට නැඟීම) මණ්ඩ යැ, මිථ්යාසංකල්පය කසට යැ, මිථ්යාසංකල්පකසටය හැරපියා සම්යක්සංකල්පයාගේ අභිනිරෝපණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්යග්වචනය පරිග්රහමණ්ඩ යැ, මිථ්යාවචනය කසට යැ, මිථ්යාවචනකසටය හැරපියා සම්යග්වචනයාගේ පරිග්රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්යක්කර්මාන්තය සමුත්ථානමණ්ඩ යැ, මිථ්යාකර්මාන්තය කසට යැ, මිත්යාකර්මාන්තකසටය හැරපියා සම්යක්කර්මාන්තයාගේ සමුත්ථානමණ්ඩය, පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්යගාජීවය ව්යවදානමණ්ඩ යැ, මිථ්යාආජීවය කසට යැ, මිථ්යාජීවකසටය හැරපියා සම්යගාජීවයාගේ ව්යවදානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්යග්ව්යායාමය ප්රග්රහමණ්ඩය යැ, මිථ්යාව්යායාමය කසට යැ, මිත්යාව්යායාමකසටය හැරපියා සම්යග්ව්යායාමයාගේ ප්රග්රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්යක්ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, මිථ්යාස්මෘතිය කසට යැ, මිථ්යාස්මෘතිකසටය හැරපියා සම්යක්ස්මෘතිහුගේ උපස්ථානමණ්ඩලය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්යක්සමාධිය අවික්ෂේපමණ්ඩ යැ, මිථ්යාසමාධිය කසට යැ, මිථ්යාසමාධිකසටය හැරපියා සම්යක්සමාධිහුගේ අවික්ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නමි.
මණ්ඩ (ප්රසන්න) යෙක් ඇත, පියයුත්තෙක් ඇත, කසටයෙක් ඇති.
ශ්රද්ධේන්ද්රිය අධිමෝක්ෂමණ්ඩ යැ, අශ්රද්ධාව කසට යැ, ඒ ශ්රද්ධේන්ද්රියෙහි යම් අර්ත්ථරස (සම්පත්ති)යෙක් ධර්මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියුයුතු වෙයි. වීර්ය්යෙන්ද්රිය ප්රග්රහමණ්ඩය යැ, කෞසීද්යය කසට යැ, ඒ වීර්ය්යේන්ද්රියෙහි යම් අර්ත්ථරසයෙක් ධර්මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ස්මෘතීන්ද්රිය උපස්ථානමණ්ඩ යැ, ප්රමාදය කසට යැ, ඒ ස්මෘතීන්ද්රියෙහි යම් අර්ත්ථරසයෙක් ධර්මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්ද්රිය අවික්ෂේපමණ්ඩ යැ, ඖද්ධත්යය කසට යැ, ඒ සමාධීන්ද්රියෙහි යම් අර්ත්ථරසයෙක් ධර්මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්ද්රිය අවික්ෂේපමණ්ඩ යැ, ඖද්ධත්යය කසට යැ, ඒ සමාධීන්ද්රියෙහි යම් අර්ත්ථරසයෙක් ධර්මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්රඥේන්ද්රිය දර්ශනමණ්ඩ යැ, අවිද්යාව කසට යැ, ඒ ප්රඥේන්ද්රියෙහි යම් අර්ත්ථරසයෙක් ධර්මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.