7. භඞ්ගානුදර්ශන ඥානය
කිසෙයින් රූපාස්කන්ධාදි ආලම්බනය ප්රත්යවේක්ෂා කොට භඞ්ගානුදර්ශනයෙහි ප්රඥාව විදර්ශනාඥාන වෙයි යත්:
රූපය අරමුණු කොට සිත ඉපැද බිඳෙයි. ඒ අරමුණ ප්රත්යවේක්ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය (අපරචිත්තයෙන්) පුනපුනා දකියි.
අනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්ය හෙයින් පුනපුනා දකියි, නිත්ය හෙයින් නො දකී. දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි. සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි, දුරු කෙරෙයි, ග්රහණය නො කෙරේ.
අනිත්ය හෙයින් පුනපුනා දක්නේ නිත්යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් දක්නේ ආත්මසංඥාව දුරලයි. උකටලී වනුයේ සප්රීතිකතෘෂ්ණාව දුරලයි. නො ඇලෙනුයේ රාගය (ශේෂතෘෂ්ණාව) දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ (ඉපදීම් වශයෙන් කෙලෙසුන්ගේ) ආදානය දුරලයි.
වේදනාව අරමුණු කොට ඇති ... සංඥාව අරමුණු කොට ඇති … සංස්කාරයන් අරමුණු කොට ඇති … විඥානය අරමුණු කොට ඇති ... චක්ෂුස ... ජරාමරණ අරමුණු කොට ඇති සිත ඉපැද බිඳෙයි. ඒ ආලම්බනය ප්රත්යවේක්ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය පුනපුනා දකී.
අනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්ය හෙයින් දකියි, නිත්ය හෙයින් නො දකී, දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි, සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. දුරලයි. ආදානය කෙරේ.
අනිත්ය හෙයින් පුනපුනා දක්නේ නිත්යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්මසංඥාව දුරලයි. උත්කණ්ඨිත වනුයේ සප්රීතිකතෘෂ්ණාව දුරලයි. විරක්ත වනුයේ රාගය දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ ආදානය දුරලයි.
1. පූර්වවස්තුවෙන් අපරවස්තුවකට සඞ්ක්රමණය ද (උදයව්යවිදර්ශනා වශයෙන් පවත්නා විදර්ශනා) සංඥාවගේ (ව්යග්රහණවශයෙන් උදයෙන්) විනිවර්තයන ද (භඞ්ගාරම්මණ වූ චිත්තායගේ භඞ්ගය දැකීම පිණිස අනතුරු වැ මැ) ආවර්ජනයෙහි සමර්ත්ථ බව ද යන (මෝ තොමෝ) පටිසඞ්කාවිපස්සනා (භඞ්ගානුපස්සනා) නමු.
2. ආලම්බනය අනුවැ යෑමෙන් අතීතානාගත දෙදෙනාගේ ඒකස්වභාවයෙන් නිශ්චය කිරීම ද (භඞ්ග සඞ්ඛ්යාත වූ) නිරෝධයෙහි මැ අධිමුක්ත බව ද යන (මෝ තොමෝ) ව්යයලක්ෂණවිදර්ශනා නමු.
3. පූර්ව වූ ආලම්බනය ද ප්රත්යවේක්ෂා කොට (තදාලම්බනචිත්තයාගේ) භඞ්ගයත් දකී ද, (සංස්කාරයන්) ශූන්ය හෙයින් වැටහීම ද යන මෝ තොමෝ අධිප්රඥාවිදර්ශනා නමු.
4. (අනිත්යානුදර්ශනාදි) තුන් අනුපස්සනායෙහි දක්ෂ වූ යෝගාවචර මහණ තෙම (නිබ්බිදානුපස්සනාදි) සතර අනුපස්සනායෙහි ද (ක්ෂය-ව්යය ශුන්යතා යන) ත්රිවිධ උපස්ථානයෙහි (වැටහීමෙහි ද) දක්ෂ බැවින් (ශාශ්වතාදි) නානාප්රකාර දෘෂ්ටීන් හි නො සැලේ යයි.
ඒ භඞ්ගානුදර්ශනය ඥාත බැවින් ඥාන යැ, ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං’යි.
භඞ්ගානුදර්ශනඥානනිර්දේශ යි.