8. ආදීනව ඥානය
කිසෙයින් උත්පාදාදීන් භයවශයෙන් වැටහීමේ ප්රඥාව ආදීනවඥාන වෙයි යත්:
(පූර්වකර්මප්ර්යයෙන් මෙහි) ඉපැදීම (අක්ෂේම හෙයින් ද භය වස්තු හෙයින් ද) භය යැ යි භය හෙයින් වැටහීමේ ප්රඥාව ආදීනවඥාන නමැ. (උපන්හුගේ) පැවැත්ම භයැ යි භය හෙයින් වැටහීමේ ප්රඥාව ආදීනවඥාන නමැ. හැම සංස්කාර නිමිත්ත භයැයි … (අනාගතප්රතිසන්ධියට හේතු වූ) කර්මය භයැ යි ... ආයතිප්රතිසන්ධි භයැ යි ... ගතිය භයැ යි ... ස්කන්ධයන්ගේ පහළ වීම භයැ යි ... (විපාකප්රවෘත්ති සඞ්ඛ්යාත) උපප්රාප්තිය භයැ යි ... (භවප්රත්යයෙන් වූ) ජාතිය භයැ යි ... (ස්කන්ධසන්තානයගේ පුරාණභාව සඞ්ඛ්යාත ජරාව භයැ යි ... ව්යාධිය භයැයි ... මරණය භයැ යි ... (චිත්තසන්තාප සඞ්ඛ්යාත) ශෝකය භයැයි ... (වාක්ප්රලාප සඞ්ඛ්යාත) පරිදේවය භයැ යි, දැඩි ආයාසය භයැ යි භය හෙයින් වැටහීමේ ප්රඥාව ආදීනවඥාන නමි.
අනුත්පාද (නිවන) (නිර්භයභාවයෙන්) ක්ෂේම යැ යි (සංස්කාරෝපශම වූ) අමෘතපදයෙහි ඥාන යැ. (සංස්කාරයන්ගේ) අප්රවෘත්තිය (නිවන) ක්ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය ක්ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
උත්පත්තිය භය යැ, අනුත්පාදය ක්ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ. ප්රවෘත්තිය භය යැ, අප්රවෘත්තිය ක්ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය භය යැ, අනුපායාසය ක්ෂේම යැ යි අමෘත පදයෙහි ඥාන යි.
උත්පත්තිය දුකැ යි භය හෙයින් වැටහීමෙහි ප්රඥාව ආදීනවයෙහි ඥාන යැ. ප්රවෘත්තිය දුක යැ භය හෙයින් වැටහීමෙහි ප්රඥාව ආදීනවඥාන යැ ... උපායාසය දුකැ යි භයතුපට්ඨානයෙහි ප්රඥාව ආදීනවඥාන යි.
අනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය දුක් යැ. අනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ, ප්රවෘත්තිය දුක් යැ, අප්රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය දුක් යැ, අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්රඥාව ආදීනවඥාන යැ. ප්රවෘත්තිය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්රඥාව ආදීනවඥාන යි.
අනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය සාමිෂ යැ, අනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥන යැ. ප්රවෘත්තිය සාමිෂ යැ, අප්රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය සාමිෂ යැ, අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්රඥාව ආදීනවඥාන යැ. ප්රවෘත්තිය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්රඥාව ආදීනවඥාන යි.
අනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ. අප්රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
උත්පාදය සංස්කාරයහ, අනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ, ප්රවෘත්තිය සංස්කාරයහ, අප්රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... උපායාසය සංස්කාරයහ, අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
1. උත්පත්තිය ද ප්රවෘත්තිය ද නිමිත්ත ද ආයූහනය ද ප්රතිසන්ධිය ද දුක යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ආදීනවඥාන යැ.
2. අනුත්පාදය ද අප්රවෘත්තිය ද අනිමිත්ත ද අනායූහනය ද අප්රතිසන්ධිය ද සුව යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ශාන්තිපදයෙහි ඥාන යැ
3. මේ ආදීනවඥානය (උත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. අමෘතපදයෙහි ඥානය (අනුත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. (යම් යෝගාවචර මහණෙක්) මේ දශඥානයන් දනී ද (ආදීනවඥාන ශාන්තිපඥාන යන) ඥානද්වයයාගේ නිපුණ බව හේතු කොට ගෙන ශාශ්වතාදි විවිධ දෘෂ්ටීන්හි නො සැලේ යයි.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං’යි
ආදීනවඥානනිර්දේශ යි.
9. මුඤ්චිතුකම්යතා ඥානය
කිසෙයින් මුඤ්චිතුකම්යතා යැ ප්රත්යවේක්ෂා යැ අධ්යුපේක්ෂා යැ යන ත්රිවිධ ප්රඥාව සංස්කාරෝපෙක්ෂාඥාන වෙයි යත්:
උත්පත්තිය මුදනු කැමැති බව, ප්රත්යවේක්ෂාව, අධ්යුපේක්ෂාව යන ත්රිවිධ ප්රඥාව සංස්කාරෝපෙක්ෂාඥාන නමැ. ප්රවෘත්තිය මුදනු කැමැතිබව, ප්රත්යවේක්ෂාව, අධ්යුපේක්ෂාව යන ත්රිවිධ ප්රඥාව සංස්කාරෝපෙක්ෂාඥාන නමැ. (සංස්කාර) නිමිත්ත මුදනු කැමැති බව ... කර්මායූහනය මුදනු කැමැතිබව ... ප්රතිසන්ධිය මුදනු කැමැතිබව ... ගතිය මුදනු කැමැති බව ... (ස්කන්ධයන්ගේ) පහළවීම මුදනු කැමැති බව ... විපාකප්රවෘත්තිය මුදනු කැමැතිබව ... ජාතිය මුදනු කැමැති බව ... ජරාව මුදනු කැමැති බව ... ව්යාධිය මුදනු කැමැති බව ... මරණය මුදනු කැමැති බව ... ශෝකය මුදනු කැමැති බව ... පරිදේවය මුදනු කැමැති බව ... උපායාසය මුදනු කැමැති බව’ ප්රත්යවේක්ෂාව, අධ්යුපේක්ෂාව යන ත්රිවිධ ප්රඥාව සංස්කාරෝපෙක්ෂාඥාන නමි.