64-67. ශුද්ධිකප්‍රතිසංවිද්ඥානය
කිසෙයින් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන, ධර්‍මප්‍රතිසංවිද්ඥාන, නිරුක්තිප්‍රතිසංවිද්ඥාන, ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
හේතුඵල (අර්‍ත්‍ථ) යන්හි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද් යැ ප්‍රත්‍යය (ධර්‍ම) යන්හි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද් යැ නිරුක්තශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිද් යැ ඥානයන්හි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද් යැ.
අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
අර්‍ත්‍ථනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
අර්‍ත්‍ථය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
අර්‍ත්‍ථය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
අර්‍ත්‍ථප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මයප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානප්‍රභෙදයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
අර්‍ත්‍ථය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය ය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද් ඥාන යි.
අර්‍ත්‍ථය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
අර්‍ත්‍ථය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද් ඥාන යැ ධර්‍මය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
අර්‍ත්‍ථප්‍රකාශනයෙහිප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථපටිසම්භිදෙ ඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං’යි.
සුද්ධිකපටිසම්භිදා ඥානනිර්දේශ යි.
68. ඉන්‍ද්‍රියපරාවරතාඥානය
තථාගතයන් වහන්සේ (සත්ත්‍වයන් පිළිබඳ) ඉන්‍ද්‍රියපරාවරතාඥානය කවරෙ යත්:
මෙහි තථාගත තෙම අල්ප වූ කෙලෙස් රජස් ඇති මහත් වූ කෙලෙස් රජස් ඇති තියුණු වු (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන් ඇති මෘදු වූ ඉන්‍ද්‍රියයන් ඇති සුන්‍දර වූ ආකාර ඇති කුත්සිත වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් නො දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් (ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙන්) දකී.
අප්පරජක්ඛෙ මහරජක්ඛෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මහාරජස්ක යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ කුසීද පුද්ගල තෙම මහාරජස්ක යැ එළඹ සිටි සිහි ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මහාරජස්ක යැ සමාහිත පුද්ගල තෙම අල්පරජස්ක යැ අසමාහිත පුද්ගල තෙම මහාරජස්ක යැ (උදයව්‍යගාමිනී) ප්‍රඥාව ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම මහාරජස්ක යි.
තික්ඛින්‍ද්‍රිය මුදින්‍ද්‍රියෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ රුකුළු වැර ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ කුසීත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ සමාහිත වූ පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ අසමාහිත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ප්‍රඥාව ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ දුෂ්ප්‍රාඥ වු පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යි.