56-63. සත්යඥානචතුෂ්කද්වය
කිසෙයින් (දුඃඛයාගේ පීඩනාදි චතුර්විධ අර්ත්ථයන්) පරිඥේයස්වභාවයෙහි ප්රඥාව දුඃඛඥාන වෙයි, ප්රහාතව්යස්වභාවයෙහි ප්රඥාව සමුදයඥාන වෙයි, සාක්ෂාත්කර්තව්යස්වභාවයෙහි ප්රඥාව නිරෝධඥාන වෙයි, භාවිතව්යස්වභාවයෙහි ප්රඥාව මාර්ගඥාන වෙයි යත්:
දුඃඛයාගේ පීඩනස්වභාවය ප්රත්යයෙන් විසින් රැස් වැ කරනලද ස්වභාවය සන්තාපස්වභාවය පෙරළෙන ස්වභාවය පරිඥේයස්වභාවය වෙයි.
සමුදයාගේ දුක් රැස් කරන ස්වභාවය දුකට කරුණු වන ස්වභාවය සංයොග ස්වභාවය වළහන ප්රහාතව්ය ස්වභාව වෙයි.
නිරෝධයාගේ සසරින් පහවූ ස්වභාවය සංස්කාරයන් කෙරෙන් ශූන්ය ස්වභාවය ප්රත්යයන් විසින් රැස් වැ නො කරන ලද ස්වභාවය අමරණ ස්වභාවය සාක්ෂාත්කර්තව්ය ස්වභාව වෙයි.
මාර්ගයාගේ නිර්ය්යාණස්වභාවය හෙතුස්වභාවය දර්ශනස්වභාවය ආධිපත්යස්වභාවය භාවිතව්යස්වභාව වේ.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං පහානට්ඨෙ පඤ්ඤා සමුදයේ ඤාණං සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’යි
කිසෙයින් දුඃඛඥාන, දුඃඛසමුදයඥාන, දුඃඛනිරෝධඥාන, දුඃඛනිරොධගාමිනීප්රතිපදාඥාන වෙයි යත්:
මාර්ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල දුඃඛඥාන නමුදු වෙයි තෙල දුඃඛසමුදයඥාන නමුදු වෙයි, තෙල දුඃඛනිරෝධඥාන නමුදු වෙයි, දුඃඛනිරොධගාමිනීප්රතිපදාඥාන නමුදු වේ.
එහි දුඃඛඥානය කවරෙ යත්: දුඃඛසත්යය අරමුණු කොට යම් ප්රඥායෙක් ප්රජානනාකාරයෙක් විමසීමෙක් ප්රකාරයෙන් විමසීමෙක් සිව්සස්දහම් විමසීමෙක් (අනිත්යාදිය ලක්ෂණ විසින්) සැලැකීමෙක් උපලක්ෂණයෙක් ප්රත්යුපලක්ෂණයෙක් පාණ්ඩිත්යයෙක් කුශලභාවයෙක් නිපුණභාවයෙක් (අනිත්යාදිය) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂායෙක් භූරීප්රඥායෙක් මේධායෙක් (යථාස්වභාව ප්රතිවේධයෙහි නැමෙන) පරිණායිකායෙක් විදර්ශනායෙක් (අනිත්යාදිය ප්රකාරයෙන් දන්නා) සම්යග්ඥානයෙක් පතෝදප්රඥායෙක් ප්රඥාසඞ්ඛ්යාත ඉන්ද්රියයෙක් ප්රඥාබලයෙක් ප්රඥාශස්ත්රයෙක් ප්රඥා ප්රාසාදයෙක් ප්රඥා ආලොකයෙක් ප්රඥා අවභාසයෙක් ප්රඥා ප්රද්යොතයෙක් ප්රඥා රත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියක් උපදී ද මේ දුඃඛඥාන යැ යි කියනු ලැබේ. දුඃඛසමුදයසත්යය අරමුණු කොට ... දුඃඛ නිරෝධසත්යය අරමුණු කොට ... දුඃඛනිරෝධගාමිනීප්රතිපදාසත්යය අරමුණු කොට යම් ප්රඥායෙක් ප්රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දුඃඛ නිරොධගාමිනීප්රතිපදාඥාන යැ යි කියනු ලැබේ.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබේ: ‘දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරෝධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං’යි.
සත්යඥානචතුෂ්කද්වය නිර්දේශ යි.
64-67. ශුද්ධිකප්රතිසංවිද්ඥානය
කිසෙයින් අර්ත්ථප්රතිසංවිද්ඥාන, ධර්මප්රතිසංවිද්ඥාන, නිරුක්තිප්රතිසංවිද්ඥාන, ප්රතිභානප්රතිසංවිද්ඥාන වෙයි යත්:
හේතුඵල (අර්ත්ථ) යන්හි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද් යැ ප්රත්යය (ධර්ම) යන්හි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද් යැ නිරුක්තශබ්දයෙහි ප්රභේදගත ඥානය නිරුක්තිප්රතිසංවිද් යැ ඥානයන්හි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද් යැ.
අර්ත්ථනානාත්වයෙහි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද්ඥාන යැ ධර්මනානාත්වයෙහි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද්ඥාන යැ නිරුක්තිනානාත්වයෙහි ප්රභෙදගතඥානය නිරුක්තිප්රතිසංවිද්ඥාන යැ ඥානනානාත්වයෙහි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද්ඥාන යි.
අර්ත්ථනිශ්චයෙහි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද්ඥාන යැ ධර්මනිශ්චයෙහි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද්ඥාන යැ නිරුක්තිනිශ්චයෙහි ප්රභෙදගතඥානය නිරුක්තිප්රතිසංවිද්ඥාන යැ ඥානනිශ්චයෙහි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද්ඥාන යි.
අර්ත්ථය මොනොවට දැකීමෙහි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද්ඥාන යැ ධර්මය මොනොවට දැකීමෙහි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද්ඥාන යැ නිරුක්තිය මොනොවට දැකීමෙහි ප්රභෙදගතඥානය නිරුක්තිප්රතිසංවිද්ඥාන යැ ඥානය මොනොවට දැකීමෙහි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද්ඥාන යි.
අර්ත්ථය අත්යර්ත්ථයෙන් දැකීමෙහි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද්ඥාන යැ ධර්මය අත්යර්ත්ථයෙන් දැකීමෙහි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද්ඥාන යැ නිරුක්තිය අත්යර්ත්ථයෙන් දැකීමෙහි ප්රභෙදගතඥානය නිරුක්තිප්රතිසංවිද්ඥාන යැ ඥානය අත්යර්ත්ථයෙන් දැකීමෙහි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද්ඥාන යි.
අර්ත්ථප්රභේදයෙහි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද්ඥාන යැ ධර්මයප්රභේදයෙහි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද්ඥාන යැ නිරුක්තිප්රභේදයෙහි ප්රභෙදගතඥානය නිරුක්තිප්රතිසංවිද්ඥාන යැ ඥානප්රභෙදයෙහි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද්ඥාන යි.
අර්ත්ථය පහළ කිරීමෙහි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද්ඥාන යැ ධර්මය ය පහළ කිරීමෙහි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය පහළ කිරීමෙහි ප්රභෙදගතඥානය නිරුක්තිප්රතිසංවිද්ඥාන යැ ඥානය පහළ කිරීමෙහි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද් ඥාන යි.
අර්ත්ථය බැබැළවීමෙහි ප්රභෙදගතඥානය අර්ත්ථප්රතිසංවිද්ඥාන යැ ධර්මය බැබැළවීමෙහි ප්රභෙදගතඥානය ධර්මප්රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය බැබැළවීමෙහි ප්රභෙදගතඥානය නිරුක්තිප්රතිසංවිද්ඥාන යැ ඥානය බැබැළවීමෙහි ප්රභෙදගතඥානය ප්රතිභානප්රතිසංවිද්ඥාන යි.