55. ආස්රවක්ෂය ඥානය
කිසෙයින් සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදි) තුන් ඉන්ද්රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්රඥාව ආස්රවක්ෂයඥාන වෙයි යත්:
කවර තුන් ඉන්ද්රියයන්ගේ ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාගේ යැ අඤ්ඤින්ද්රියාගේ යැ අඤ්ඤාතාවින්ද්රියාගේ යි.
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤින්ද්රියය කිහි තැනෙක උපදී ද, අඤ්ඤාතාවින්ද්රියය කිහි තැනෙක උපදී ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය එක් තැනෙක උපදියි: ස්රෝතාපත්තිමාර්ගයෙහි යැ. අඤ්ඤින්ද්රියය සතැනෙකැ උපදියි: ස්රෝතාපත්තිඵලයෙහි යැ. සකෘදාගාමීමාර්ගයෙහි යැ සකෘදාගාමීඵලයෙහි යැ අනාගාමීමාර්ගයෙහි යැ අනාගාමීඵලයෙහි යැ අර්හන්මාර්ගයෙහි යි. අඤ්ඤාතාවින්ද්රියය එක් තැනෙකැ උපදියි: අර්හත්ඵලයෙහි යි.
ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට ශ්රද්ධෙන්ද්රියය අධිමෝක්ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්යෙන්ද්රිය ප්රග්රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්ද්රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්ද්රියය අවික්ෂේපභාවයෙන් පරිවාර වෙයි. ප්රඥේන්ද්රියය දර්ශනභාවයෙන් පරිවාර වෙයි. මනින්ද්රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්ද්රියය අභිසන්දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතින්ද්රියය වර්තමානසන්තතිතයට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්රව වෙති, සියල්ලෝ මැ නෛර්ය්යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකුත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණාලම්බන වෙති. ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට මේ අට ඉන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්යෝන්යභාවයෙන් පරිවාර වෙති, නිශ්රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්රයුක්ත වෙත්. එ් අෂ්ටඉන්ද්රියයෝ මැ එ් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට ආකාර ද පරිවාර ද වෙත්.
ස්රෝතාපත්තිලක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට ශ්රද්ධේන්ද්රියය අධිමෝක්ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්යේන්ද්රියය ප්රග්රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්ද්රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්ද්රියය අවික්ෂේපභාවයෙන් පරිවාර වෙයි, ප්රඥේන්ද්රියය දර්ශනභාවයෙන් පරිවාර වෙයි, මනින්ද්රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්ද්රියය අභිසන්දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතේන්ද්රියය වර්තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්රෝතාපත්තිඵලක්ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්ථානරූපය තබා සියල්ලෝ මැ අව්යාකෘත වෙති, සියල්ලෝ මැ අනාස්රව වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණාලබ්මන වෙති. ස්රෝතාපත්තිඵලක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට මේ අෂ්ට ඉන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්යෝන්යභාවයෙන් පරිවාර වෙති, නිශ්රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්ද්රියයෝ මැ ඒ අඤ්ඤින්ද්රියට ආකාර ද පරිවාර ද වෙත්.
සකෘදාගාමීමාර්ගක්ෂණයෙහි ... සකෘදාගාමීඵලක්ෂණයෙහි ... අනාගාමීමාර්ගක්ෂණයෙහි ... අනාගාමීඵලක්ෂණයෙහි ... අර්හන්මාර්ගක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට ශ්රද්ධේන්ද්රියය අධිමෝක්ෂභාවයෙන් පරිවාර වෙයි ... ජීවිතේන්ද්රියය වර්තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ.
අර්හන්මාර්ගක්ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්රව වෙති, සියල්ලෝ මැ නෛර්ය්යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණලම්බන වෙති, අර්හන්මාර්ගක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට මේ අෂ්ටෙන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්යෝන්යභාවයෙන් පරිවාර වෙති, නිශ්රභාවයෙන් පරිවාර වෙති, සම්ප්රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්රයුක්ත වෙති, ඒ අෂ්ටෙන්ද්රියයෝ මැ ඒ අඤ්ඤින්ද්රියට ආකාර ද පරිවාර ද වෙත්.
අර්හත්ඵලක්ෂණයෙහි අඤ්ඤාතාවින්ද්රියට ශ්රද්ධේන්ද්රියය අධිමෝක්ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්යේන්ද්රියය ... ජීවිතේන්ද්රියය වර්තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. අර්හත්ඵලක්ෂණයෙහි උපන් ධර්මයෝ සියල්ලෝ මැ අව්යාකෘත වෙති, චිත්තසමුත්ථානරූපය තබා සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණලම්බන වෙත්. අර්හත්ඵලක්ෂණයෙහි අඤ්ඤාතාවින්ද්රියට මේ අෂ්ටෙන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්යෝන්යභාවයෙන් පරිවාර වෙති, නිශ්රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්ද්රියයෝ මැ ඒ අඤ්ඤතාවින්ද්රියට ආකාර ද පරිවාර ද වෙත්. මෙසේ මේ අෂ්ටාෂ්කය සූසැටෙක් වේ.
ආසවා යනු: ඒ ආස්රවයෝ කවරහ යත්: කාමාස්රව යැ භවාස්රව යැ දෘෂ්ට්යාස්රව යැ අවිද්යාස්රව යි.
තෙල ආස්රවයෝ කොහි ක්ෂය වෙති යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්යාස්රවය ක්ෂය වෙයි, අපායගාමී වූ කාමාස්රවය ක්ෂය වෙයි, අපායගාමී වූ භවාස්රය ක්ෂය වෙයි, අපායගාමී වූ අවිද්යාස්රවය ක්ෂය වෙයි. තෙල ආස්රවයෝ මෙහි ක්ෂය වෙත්.
සෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්යාස්රවය ක්ෂය වෙයි. තෙල ආස්රවයෝ මෙහි ක්ෂය වෙත්.
අනගැමි මඟින් අනවශේෂ වූ කාමාස්රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්යාස්රවය ක්ෂය වෙයි, තෙල ආස්රවයෝ මෙහි ක්ෂය වෙත්.
අර්හන්මාර්ගයෙන් අනවශේෂ වූ භවාස්රවය ක්ෂය වෙයි, අනවශේෂ වූ අවිද්යාස්රවය ක්ෂය වෙයි, තෙල ආස්රවයෝ මෙහි ක්ෂය වෙත්.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුස්ට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං’යි.
ආස්රවක්ෂයඥාන නිර්දේශ යි.