54. දිව්යචක්ෂුර් ඥානය
කිසෙයින් කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්ණායතනය දක්නා ස්වභාව වූ ප්රඥාව දිව්යචක්ෂූර්ඥාන වෙයි යත්:
මෙ සස්නෙහි මහණ ඡන්දය අධික කොට ඇති සමාධිය හා ප්රධාන වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්ය්යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්රධාන වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි මෘදු වූවක් කර්මණ්ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්මණ්ය වූවක් කොට ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි. ‘දවාලැ’යි යන සංඥාව ඉටයි. යම්සේ දහවල්හි ආලොකය දක්නාලද ද එසේ මැ රාත්රියෙහි දු මෙනෙහි කෙරෙයි. යම්සේ රාත්රියෙහි දිබ්බචක්ඛුආලෝකයෙන් දක්නාලද ද එසේ මැ දහවල් හි දු මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො වැසුණු සිතින් අවභාස සහිත වූ සිත වඩයි.
හේ එසෙයින් භාවිත වූ පරිශුද්ධ වූ ප්රභාස්වර වූ සිතින් සත්ත්වයන්ගේ ච්යුතිඋත්පත්ති දන්නා ඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි. හේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්රණීත වූ සුන්දරවර්ණ වූ දුර්වර්ණ වු සුගතියට ගිය දුගතියට ගිය සත්ත්වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්වයන් දැනගනියි: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යොපවාදක වූවාහු මිථ්යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට (ප්රතිසන්ධි විසින්) පැමිණියාහු ය. තවද මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාග්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද නො කළාහු සම්යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්දරගති ඇති සුවයෙන් අග්ර වූ දෙව්ලොවට (ප්රතිසන්ධි විසින්) පැමිණියාහු’ යයි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්රණීත වූ සුවර්ණ වූ දුර්වර්ණ වූ සුගතියට ගිය දුගතියට ගිය සත්ත්වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්වයන් දැනගනී.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘ඕභාසවසේන නානත්තේකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං’යි.
දිව්යචක්ෂුර්ඥානනිර්දේශ යි.
55. ආස්රවක්ෂය ඥානය
කිසෙයින් සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදි) තුන් ඉන්ද්රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්රඥාව ආස්රවක්ෂයඥාන වෙයි යත්:
කවර තුන් ඉන්ද්රියයන්ගේ ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාගේ යැ අඤ්ඤින්ද්රියාගේ යැ අඤ්ඤාතාවින්ද්රියාගේ යි.
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤින්ද්රියය කිහි තැනෙක උපදී ද, අඤ්ඤාතාවින්ද්රියය කිහි තැනෙක උපදී ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය එක් තැනෙක උපදියි: ස්රෝතාපත්තිමාර්ගයෙහි යැ. අඤ්ඤින්ද්රියය සතැනෙකැ උපදියි: ස්රෝතාපත්තිඵලයෙහි යැ. සකෘදාගාමීමාර්ගයෙහි යැ සකෘදාගාමීඵලයෙහි යැ අනාගාමීමාර්ගයෙහි යැ අනාගාමීඵලයෙහි යැ අර්හන්මාර්ගයෙහි යි. අඤ්ඤාතාවින්ද්රියය එක් තැනෙකැ උපදියි: අර්හත්ඵලයෙහි යි.
ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට ශ්රද්ධෙන්ද්රියය අධිමෝක්ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්යෙන්ද්රිය ප්රග්රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්ද්රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්ද්රියය අවික්ෂේපභාවයෙන් පරිවාර වෙයි. ප්රඥේන්ද්රියය දර්ශනභාවයෙන් පරිවාර වෙයි. මනින්ද්රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්ද්රියය අභිසන්දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතින්ද්රියය වර්තමානසන්තතිතයට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්රව වෙති, සියල්ලෝ මැ නෛර්ය්යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකුත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණාලම්බන වෙති. ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට මේ අට ඉන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්යෝන්යභාවයෙන් පරිවාර වෙති, නිශ්රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්රයුක්ත වෙත්. එ් අෂ්ටඉන්ද්රියයෝ මැ එ් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට ආකාර ද පරිවාර ද වෙත්.
ස්රෝතාපත්තිලක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට ශ්රද්ධේන්ද්රියය අධිමෝක්ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්යේන්ද්රියය ප්රග්රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්ද්රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්ද්රියය අවික්ෂේපභාවයෙන් පරිවාර වෙයි, ප්රඥේන්ද්රියය දර්ශනභාවයෙන් පරිවාර වෙයි, මනින්ද්රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්ද්රියය අභිසන්දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතේන්ද්රියය වර්තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්රෝතාපත්තිඵලක්ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්ථානරූපය තබා සියල්ලෝ මැ අව්යාකෘත වෙති, සියල්ලෝ මැ අනාස්රව වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණාලබ්මන වෙති. ස්රෝතාපත්තිඵලක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට මේ අෂ්ට ඉන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්යෝන්යභාවයෙන් පරිවාර වෙති, නිශ්රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්ද්රියයෝ මැ ඒ අඤ්ඤින්ද්රියට ආකාර ද පරිවාර ද වෙත්.