43. ප්‍රදෙශවිහාර ඥානය
කිසෙයින් (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වූ වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥානය වෙයි යත්:
මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්ප සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි ... මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාවිමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි: ලෝභප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. ලෝභය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාව සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වේ.
ඉදින් ඡන්‍දය (ලෝභය) ද සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව අව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව ද ව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. නො පත් රහත්ඵලයට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙක් ඇති, එ (රහත්ඵලයට) කරුණු වූ ආර්‍ය්‍යමාර්‍ගය පැමිණි කල්හි එකරුණෙනුදු වේදයිතය වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සමෝදහනෙ පඤ්ඤා පදෙසවිහාරේ ඤාණං’යී.
ප්‍රදේශවිහාරඥානනිර්දේශ යි.
44-49. විවර්‍තඥානෂට්කය
(44. සඤ්ඤාවිවර්‍තඥනය)
කිසෙයින් (නෛෂ්ක්‍රම්‍යාදිය) අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන වෙයි යත්:
නෛෂ්ක්‍රම්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන කාමච්ඡන්‍දයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අව්‍යාපාදය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ව්‍යාපාදයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ආලෝකසංඥාව අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ථිනමිද්ධයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අවික්‍ෂේපය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ඖද්ධත්‍යයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ධර්‍මනිශ්චය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන විචිකිත්සායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ඥානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අවිද්‍යායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රාමෝද්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අරතියෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රථමධ්‍යානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන නීවරණයන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ... අර්‍හන්මාර්‍ගය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන සියලු කෙලෙසුන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං’යි.
(45. චේතෝවිවර්‍තඥානය)
කිසෙයින් නානා ස්වභාවයෙහි පැවැති ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි යත්:
කාමච්ඡන්‍දය නානාස්වභාවය යැ නෛෂ්ක්‍රම්‍ය එක ස්වභාව යැ (කාමච්ඡන්‍දයෙහි ආදීනව දැක්මෙන්) නෛෂ්ක්‍රම්‍යයාගේ ඒකස්වභාවය සිතන්නහුට (නෛෂ්ක්‍රම්‍යක්‍ෂණයෙහි) කාමච්ඡන්‍දයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි. ව්‍යාපාදය නානාස්වභාව යැ අව්‍යාපාදය එක ස්වභාව යැ (ව්‍යාපාදයාගේ ආදීනව දැක්මෙන්) අව්‍යාපාදයාගේ ඒකත්‍වය සිතන්නහුට ව්‍යාපාදයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. ථිනමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ (ථිනමිද්ධයාගේ ආදීනව දැක්මෙන්) ආලෝකසංඥාවගේ ඒකත්‍වය සිතන්නහුට ථීනමිද්ධයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්‍හන්මාර්‍ගයාගේ ඒකස්වභාව යැ (සියලු කෙලෙසුන්ගේ ආදීනව දැක්මෙන්) අර්‍හන්මාර්‍ගයාගේ ඒකත්‍වය සිතන්නහුට සියලු කෙලෙසුන් කෙරෙන් සිත පරාවර්‍තනය වේ නුයි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානත්තේ පඤ්ඤා චේතෝවිවට්ටෙ ඤාණං’යි.