39. අර්ත්ථසන්දර්ශන ඥානය
කිසෙයින් නානාධර්මයන් ප්රකාශ කරන ප්රඥාව අර්ත්ථසන්දර්ශනඥාන වෙයි යත්:
නානාධම්මා යනු: පඤ්චස්කන්ධයෝ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්මයෝ යැ අකුශලධර්මයෝ යැ අව්යාකෘත ධර්මයෝ යැ කාමාවචරධර්මයෝ යැ රූපාවචරධර්මයෝ යැ අරූපාවචරධර්මයෝ යැ අපර්ය්යාපන්නධර්මයෝ යි.
පකාසන්තා යනු: රූපය අනිත්ය විසින් ප්රකාශ කෙරෙයි. රූපය දුඃඛ විසින් ප්රකාශ කෙරෙයි. රූපය අනාත්ම විසින් ප්රකාශ කෙරෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්ෂුස … ජරාමරණය අනිත්ය විසින් ප්රකාශ කෙරෙයි. ජරාමරණය දුඃඛ විසින් ප්රකාශ කෙරෙයි. ජරාමරණය අනාත්ම විසින් ප්රකාශ කෙරේ.
අත්ථසන්දස්සනෙ යනු: කාමච්ඡන්දය දුරු කරවනුයේ නෛෂ්ක්රමාර්ත්ථය (ශ්රෝතෲන්ට) මොනොවට දක්වයි. ව්යාපාදය දුරු කරවනුයේ අව්යාපාදාර්ත්ථය මොනොවට දක්වයි. ස්ත්යානමිද්ධය දුරු කරවනුයේ ආලෝකසංඥාර්ත්ථය මොනොවට දක්වයි. ඖද්ධත්යය දුරු කරවනුයේ දුරු අවික්ෂේපාර්ත්ථය මොනොවට දක්වයි. විචිකිත්සාව දුරු කරවනුයේ ධර්මනිශ්චයාර්ත්ථය මොනොවට දක්වයි. අවිද්යාව දුරු කරවනුයේ ඥානාර්ත්ථය මොනොවට දක්වයි. අරතිය දුරු කරවනුයේ ප්රාමෝද්යාර්ත්ථය මොනොවට දක්වයි. නීවරණයන් දුරු කරවනුයේ ප්රථමධ්යානාර්ත්ථය මොනොවට දක්වයි. … සියලු කෙලෙසුන් දුරු කරවනුයේ අර්හන්මාර්ගාර්ත්ථය මොනොවට දක්වයි.
ඒ අර්ත්ථසන්දර්ශනඥානය ඥාතාර්ත්ථයෙන් ඥන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානාධම්මපකාසනතා පඤ්ඤා අත්ථසන්දස්සනෙ ඤාණං’ යි.
අර්ත්ථසන්දර්ශනඥානනිර්දේශ යි.
40. දර්ශනවිශුද්ධි ඥානය
කිසෙයින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්මයන් ගේ ඒකසඞ්ග්රහත්ව ය ද කාමච්ඡන්දාදීන්ගේ නානාත්වය ද නෛෂ්ක්රම්යාදීන්ගේ ඒකත්වය ද ප්රතිවේධ කිරීමෙහි ප්රඥාව දර්ශනවිශුද්ධි ඥාන වෙයි යත්:
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්ධයෝ යැ ... අපර්ය්යාපන්නධර්මයෝ යි.
එකසඞ්ගහතා යනු: දොළොස් අයුරෙකින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්මයෝ ඒකසඞ්ඛ්යායෙන් පිරිසිඳුනාලදහ: විද්යමානස්වභාවයෙනැ අනාත්මස්වභාවයෙනැ සත්යස්වභාවයෙනැ ප්රතිවේධ කළයුතු ස්වභාවයෙනැ අභිජානනස්වභාවයෙනැ පරිජානනස්වභාවයෙනැ (ස්වභාවධාරණාදි) ධර්මාර්ත්ථයෙනැ (නිජ්ජීවතාදි) ධාතුස්වභාවයෙනැ දතහැකි ස්වභාවයෙනැ සාක්ෂාත්කර්තව්යස්වභාවයෙනැ ස්පර්ශ කළයුතු ස්වභාවයෙනැ අභිසමයස්වභාවයෙනි. මේ දොළෙස් අයුරින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්මයෝ එක සඞ්ඛ්යායෙන් පිරිසිඳුනාලදහ.
නානත්තේකත්තං යනු: කාමච්ඡන්දය නානාත්ව යැ නෛෂ්ක්රම්යය ඒකත්ව යැ ... සියලු ක්ලේශයෝ නානාත්ව යැ රහත්මඟ ඒකත්ව යි.
පරිවේධේ යනු: දුඃඛසත්යය පරිඥාප්රතිවේධයෙන් ප්රතිවේධ කෙරෙයි. සමුදයසත්යය ප්රහාණප්රතිවේධයෙන් ප්රතිවේධ කෙරෙයි. නිරෝධසත්යය සාක්ෂාත්ක්රියාප්රතිවේධයෙන් ප්රතිවේධ කෙරෙයි. මාර්ගසත්යය භාවනාප්රතිවෙධයෙන් ප්රතිවේධ කෙරේ.
දස්සනවිසුද්ධි යනු: ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි (ඥාන) දර්ශනය විශුද්ධ වෙයි. ස්රෝතාපත්තිඵලක්ෂණයෙහි ඥානදර්ශනය විශුද්ධ වූයේ වෙයි. සකෘදාගාමීමාර්ගක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වෙයි. සකෘදාගාමිඵලක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වූයේ වෙයි. අනාගාමිමාර්ගක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වෙයි. අනාගාමීඵලක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වූයේ වෙයි. අර්හන්මාර්ගක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වෙයි. අර්හත්ඵලක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වූයේ වේ.
ඒ දර්ශනවිශුද්ධිඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි ‘සබ්බධම්මානං ඒකසඞ්ගහතානානත්තේකත්තපටිවේධේ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං’ යී.
දර්ශනවිශුද්ධිඥානනිර්දේශ යි.
41. ක්ෂාන්ති ඥානය
කිසෙයින් (රූපස්කන්ධාදිය අනිත්යාදිවශයෙන්) විදිතභාවයෙන් පැවැති ප්රඥාව ක්ෂාන්තිඥාන වෙයි යත්:
රූපය අනිත්ය විසින් (අනිත්යානුදර්ශනයෙන්) දන්නාලද යැ. රූපය දුඃඛ විසින් (දුඃඛානුදර්ශනයෙන්) දන්නාලද යැ. රූපය අනාත්ම විසින් (අනාත්මානුදර්ශනයෙන්) දන්නාලද යැ. යම් රූපයෙක් (අනිත්යාදි විසින්) දන්නාලද ද ඒ ඒ (රූපය අනිත්යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්රඥාව ක්ෂාන්තිඥාන නම් වෙයි. වේදනාව ... සංඥාව - සංස්කාරයෝ - විඥානය - චක්ෂුස ... ජරාමරණය අනිත්ය විසින් දන්නාලද යැ. ජරාමරණය දුඃඛ විසින් දන්නාලද යැ. ජරාමරණය අනාත්ම විසින් දන්නාලද යැ. යම් යම් ජරාමරණයෙක් (අනිත්යාදි විසින්) දන්නාලද ද ඒ ඒ ජරාමරණය (අනිත්යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්රඥාව ක්ෂාන්තිඥාන නම් වේ.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විදිත්තා පඤ්ඤා ඛන්තිඤාණං’ යි.
ක්ෂාන්තිඥානනිර්දේශ යි.