38. වීර්‍ය්‍යාරම්භ ඥානය
කිසෙයින් නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන වෙයි යත්:
නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් ලාමක අකුශලධර්‍මයන් දුරුකරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කුශලධර්‍මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ.
නූපන් කාමච්ඡන්‍දය නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කාමච්ඡන්‍දය දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් නෛෂ්ක්‍රම්‍යය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් නෛෂ්ක්‍රම්‍යය සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් සියලු කෙලෙසුන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් සියලු කෙලෙසුන් දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් අර්‍හන්මාර්‍ගය (ස්ථිතික්‍ෂණයෙහි) සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යි.
ඒ වීර්‍ය්‍යාරම්භඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං’ යි.
වීර්‍ය්‍යාරම්භඥාන නිර්දේශ යි.
39. අර්‍ත්‍ථසන්‍දර්‍ශන ඥානය
කිසෙයින් නානාධර්‍මයන් ප්‍රකාශ කරන ප්‍රඥාව අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥාන වෙයි යත්:
නානාධම්මා යනු: පඤ්චස්කන්‍ධයෝ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්‍මයෝ යැ අකුශලධර්‍මයෝ යැ අව්‍යාකෘත ධර්‍මයෝ යැ කාමාවචරධර්‍මයෝ යැ රූපාවචරධර්‍මයෝ යැ අරූපාවචරධර්‍මයෝ යැ අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
පකාසන්තා යනු: රූපය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය අනාත්ම විසින් ප්‍රකාශ කෙරෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස … ජරාමරණය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය අනාත්ම විසින් ප්‍රකාශ කෙරේ.
අත්‍ථසන්‍දස්සනෙ යනු: කාමච්ඡන්‍දය දුරු කරවනුයේ නෛෂ්ක්‍රමාර්‍ත්‍ථය (ශ්‍රෝතෲන්ට) මොනොවට දක්වයි. ව්‍යාපාදය දුරු කරවනුයේ අව්‍යාපාදාර්‍ත්‍ථය මොනොවට දක්වයි. ස්ත්‍යානමිද්ධය දුරු කරවනුයේ ආලෝකසංඥාර්‍ත්‍ථය මොනොවට දක්වයි. ඖද්ධත්‍යය දුරු කරවනුයේ දුරු අවික්‍ෂේපාර්‍ත්‍ථය මොනොවට දක්වයි. විචිකිත්සාව දුරු කරවනුයේ ධර්‍මනිශ්චයාර්‍ත්‍ථය මොනොවට දක්වයි. අවිද්‍යාව දුරු කරවනුයේ ඥානාර්‍ත්‍ථය මොනොවට දක්වයි. අරතිය දුරු කරවනුයේ ප්‍රාමෝද්‍යාර්‍ත්‍ථය මොනොවට දක්වයි. නීවරණයන් දුරු කරවනුයේ ප්‍රථමධ්‍යානාර්‍ත්‍ථය මොනොවට දක්වයි. … සියලු කෙලෙසුන් දුරු කරවනුයේ අර්‍හන්මාර්‍ගාර්‍ත්‍ථය මොනොවට දක්වයි.
ඒ අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානාධම්මපකාසනතා පඤ්ඤා අත්‍ථසන්‍දස්සනෙ ඤාණං’ යි.
අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥානනිර්දේශ යි.
40. දර්‍ශනවිශුද්ධි ඥානය
කිසෙයින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයන් ගේ ඒකසඞ්ග්‍රහත්‍ව ය ද කාමච්ඡන්‍දාදීන්ගේ නානාත්‍වය ද නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්‍වය ද ප්‍රතිවේධ කිරීමෙහි ප්‍රඥාව දර්‍ශනවිශුද්ධි ඥාන වෙයි යත්:
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධයෝ යැ ... අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
එකසඞ්ගහතා යනු: දොළොස් අයුරෙකින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ ඒකසඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ: විද්‍යමානස්වභාවයෙනැ අනාත්මස්වභාවයෙනැ සත්‍යස්වභාවයෙනැ ප්‍රතිවේධ කළයුතු ස්වභාවයෙනැ අභිජානනස්වභාවයෙනැ පරිජානනස්වභාවයෙනැ (ස්වභාවධාරණාදි) ධර්‍මාර්‍ත්‍ථයෙනැ (නිජ්ජීවතාදි) ධාතුස්වභාවයෙනැ දතහැකි ස්වභාවයෙනැ සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවයෙනැ ස්පර්‍ශ කළයුතු ස්වභාවයෙනැ අභිසමයස්වභාවයෙනි. මේ දොළෙස් අයුරින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ එක සඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ.