37. සංලේඛාර්ත්ථ ඥානය
කිසෙයින් පෘථග්රාගාදීන් ද නානාස්වභාව වූ කාමච්ඡන්දාදීන් ද ඒකස්වභාව වූ නෛෂ්ක්රම්යාදීන් ද තේජස් සඞ්ඛ්යාත දුශ්ශීල්යාදීන් ද ක්ෂය කිරීමෙහි ප්රඥාව සංලේඛාර්ත්ථඥාන වෙයි යත්:
පුථු යනු: රාගය (ලොකොත්තරයෙන්) අසම්මිශ්ර යැ ද්වේෂය අසම්මිශ්ර යැ මෝහය අසම්මිශ්ර යැ ක්රෝධය ... බද්ධවෛරය ... ගුණමකු බව ... යුගග්රාහය ... ඊර්ෂ්යාව ... මාත්සර්ය්යය ... මායාව ... සඨ බව ... සිත ඉදිමුණු බව ... කරණොත්තරියකරණය ... මානය ... අතිමානය ... මදය ... ප්රමාදය ... සියලු ක්ලේශයෝ ... සියලු ... දුශ්චරිතයෝ ... සියලු අභිසංස්කාරයෝ ... සියලු භවගාමීකර්මයෝ අසම්මිශ්රයෝ යි.
නානත්තේකත්තං යනු: කාමච්ඡන්දය නානාස්වභාව යැ නෛෂ්ක්රම්යය ඒකස්වභාව ය ව්යාපාදය නානාස්වභාව යැ අව්යාපාදය ඒකස්වභාව යැ ස්ත්යානමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ ඖද්ධත්යය නානාස්වභාව යැ අවික්ෂේපය ඒකස්වභාව යැ විචිකිත්සාව නානාස්වභාව යැ ධර්මනිශ්චය ඒකස්වභාව යැ අවිද්යාව නානාස්වභාව යැ ඥානය ඒකස්වභාව යැ අරතිය නානාස්වභාව යැ ප්රාමෝද්යය ඒකස්වභාව යැ නීවරණයෝ නානාස්වභාව යැ ප්රථමධ්යානය ඒකස්වභාව යැ ... සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්හන්මාර්ගය ඒකස්වභාව යි.
තේජෝ යනු: තේජස් පසෙකි. ශීල සඞ්ඛ්යාත චරණතේජස යැ සමාධි සඞ්ඛ්යාත ගුණතෙජස යැ විදර්ශනා සඞ්ඛ්යාත ප්රඥාතේජස යැ ආර්ය්යමාර්ගකුශල සඞ්ඛ්යාත පුණ්යතේජස යැ බුද්ධවචනසඞ්ඛ්යාත ධර්මතේජස යි. ශීලතෙජසින් තියුණු කළ බැවින් දුශ්ශීල සඞ්ඛ්යාත තේජස ක්ෂය කෙරෙයි. සමාධිතේජසින් තියුණු කළ බැවින් වික්ෂේප සඞ්ඛ්යාත අගුණතෙජස ක්ෂය කෙරෙයි. විදර්ශනාතේජසින් තියුණු කළ බැවින් මොහතෙජස ක්ෂය කෙරෙයි. ආර්ය්යමාර්ගකුශලතේජසින් තියුණු කළ බැවින් අකුශලකර්මතෙජස ක්ෂය කෙරෙයි. ධර්මතේජසින් තියුණු කළ බැවින් නානාතීර්ත්ථකසමයවචන සඞ්ඛ්යාත අධර්මතේජස ක්ෂය කෙරේ.
සල්ලෙඛො යනු: කාමච්ඡන්දය අසල්ලේඛ යැ නෛෂ්ක්රම්යය සල්ලේඛ යැ ව්යාපාදය අසල්ලේඛ යැ අව්යාපාදය සල්ලේඛ යැ ස්ත්යානමිද්ධය අසල්ලේඛ යැ ආලෝකසංඥාව සල්ලේඛ යැ ඹෟදත්යය අසල්ලේඛ යැ අවික්ෂේපය සල්ලේඛ යැ විචිකිත්සාව අසල්ලේඛ යැ ධර්මනිශ්චය සල්ලේඛ යැ අවිද්යාව අසල්ලේඛ යැ ඥානය සල්ලේඛ යැ අරතිය අසල්ලේඛ යැ ප්රාමෝද්යය සල්ලේඛ යැ නීවරණයෝ අසල්ලේඛ යැ ප්රථමධ්යානය සල්ලේඛ යැ සියලු ක්ලේශයෝ අසල්ලේඛ යැ අර්හන්මාර්ගය සල්ලේඛ යි.
ඒ සල්ලේඛඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පුථුනානත්තේකත්තතේජපරියාදානේ පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං’ යි.
සංලේඛාර්ත්ථඥානනිර්දේශ යි.
38. වීර්ය්යාරම්භ ඥානය
කිසෙයින් නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන වෙයි යත්:
නූපන් ලාමක අකුශලධර්මයන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. උපන් ලාමක අකුශලධර්මයන් දුරුකරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රහස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. නූපන් කුශලධර්මයන් උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. උපන් කුශලධර්මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රහස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ.
නූපන් කාමච්ඡන්දය නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රහස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. උපන් කාමච්ඡන්දය දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රහස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. නූපන් නෛෂ්ක්රම්යය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රහස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. උපන් නෛෂ්ක්රම්යය සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රහස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. නූපන් සියලු කෙලෙසුන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. උපන් සියලු කෙලෙසුන් දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. නූපන් අර්හන්මාර්ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. නූපන් අර්හන්මාර්ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යැ. උපන් අර්හන්මාර්ගය (ස්ථිතික්ෂණයෙහි) සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්රග්රස්වභාවයෙහි ප්රඥාව වීර්ය්යාරම්භඥාන යි.
ඒ වීර්ය්යාරම්භඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ. ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං’ යි.
වීර්ය්යාරම්භඥාන නිර්දේශ යි.