36. සමශීර්ෂාර්ත්ථ ඥානය
කිසෙයින් සියලු ත්රෛභූමකධර්මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවැත නො ඉපදීමෙහි ද ප්රඥාව සමශීර්ෂාර්ත්ථඥාන වෙයි යත්:
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්ධ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්මයෝ යැ අකුශලධර්මයෝ යැ අව්යාකෘතධර්මයෝ යැ කාමාවචරධර්මයෝ යැ රූපාවචරධර්මයෝ යැ අරූපාවචරධර්මයෝ යැ අපර්ය්යාපන්නධර්මයෝ යි.
සම්මාසමුච්ඡේදෙ යනු: නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි. අව්යාපාදයෙන් ව්යාපාදය මොනොවට සිඳියි. ආලෝකසංඥායෙන් ස්ත්යානමිද්ධය මොනොවට සිඳියි. අවික්ෂෙපයෙන් ඹෟද්ධත්යය මොනොවට සිඳියි. ධර්මනිශ්චයෙන් විචිකිත්සාව (තදඞ්ගවශයෙන්) මොනොවට සිඳියි. (මාර්ග) ඥානයෙන් අවිද්යාව (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳියි. ප්රාමෝද්යයෙන් අරතිය මොනොවට සිඳියි. ප්රථමධ්යානයෙන් නීවරණයන් (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි ... අර්හන්මාර්ගයෙන් සියලු ක්ලේශයන් (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳී.
නිරොධෙ යනු: නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය නිරුද්ධ කෙරෙයි. අව්යාපාදයෙන් ව්යාපාදය නිරුද්ධ කෙරෙයි. ආලෝකසංඥායෙන් ස්ත්යානමිද්ධය නිරුද්ධ කෙරෙයි. අවික්ෂෙපයෙන් ඖද්ධත්යය නිරුද්ධ කෙරෙයි. ධර්මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි. ඥානයෙන් අවිද්යාව නිරුද්ධ කෙරෙයි. ප්රාමෝද්යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි. ප්රථමධ්යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... අර්හන්මාර්ගයෙන් සියලු කෙලෙසුන් නිරුද්ධ කෙරේ.
අනුපට්ඨනතා යනු: නෛෂ්ක්රම්යය ලද්දහුට කාමච්ඡන්දය නූපදියි. අව්යාපාදය ලද්දහුට ව්යාපාදය නූපදියි. ආලෝකසංඥාව ලද්දහුට ස්ත්යානමිද්ධය නූපදියි. අවික්ෂේපය ලද්දහුට ඹෟදත්යය නූපදියි. ධර්මනිශ්චය ලද්දහුට විචිකිත්සාව නූපදියි. ඥානය ලද්දහුට අවිද්යාව නූපදියි. ප්රාමෝද්යය ලද්දහුට අරතිය නූපදියි. ප්රථමධ්යානය ලද්දහුට නීවරණයෝ නූපදිති ... අර්හන්මාර්ගය ලද්දහුට සියලු ක්ලේශයෝ නූපදිත්.
සමං යනු: කාමච්ඡන්දය ප්රහීණ බැවින් නෛෂ්ක්රම්යය සම යැ ව්යාපාදය ප්රහීණ බැවින් අව්යාපාදය සම යැ ස්ත්යානමිද්ධය ප්රහීණ බැවින් ආලෝකසංඥාව සම යැ ඹෟද්ධත්යය ප්රහීණ බැවින් අවික්ෂේපය සම යැ විචිකිත්සාව ප්රහීණ බැවින් ධර්මනිශ්චය සම යැ අවිද්යාව ප්රහීණ බැවින් ඥානය සම යැ අරතිය ප්රහීණ බැවින් ප්රාමෝද්යය සම යැ නීවරණයන් ප්රහීණ බැවින් ප්රථමධ්යානය සම යැ ... සියලු කෙලෙසුන් ප්රහීණ බැවින් අර්හන්මාර්ගය සම යි.
සීසං යනු: තෙළෙස් ශීර්ෂ කෙනෙක් වෙති: තෘෂ්ණාව පරිබෝධශීර්ෂ ද මානය විනිබන්ධශීර්ෂ ද දෘෂ්ටිය පරාමර්ශශීර්ෂ ද ඹෟද්ධත්යය වික්ෂේපශීර්ෂ ද අවිද්යාව ක්ලේශශීර්ෂ ද ශ්රද්ධාව අධිමොක්ෂශීර්ෂ ද වීර්ය්යය ප්රග්රහශීර්ෂ ද ස්මෘතිය උපස්ථානශීර්ෂ ද සමාධිය අවික්ෂේපශීර්ෂ ද ප්රඥාව දර්ශනශීර්ෂ ද ජීවිතින්ද්රිය ප්රවෘත්තිශීර්ෂ ද විමෝක්ෂය ගෝචරශීර්ෂ ද නිරෝධය සංස්කාරශීර්ෂ ද වේ.
ඒ සමශීර්ෂඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ. ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සබ්බධම්මානං සම්මාසමුච්ඡේදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං’ යි.
සමශීර්ෂාර්ත්ථඥාන නිර්දේශ යි.
37. සංලේඛාර්ත්ථ ඥානය
කිසෙයින් පෘථග්රාගාදීන් ද නානාස්වභාව වූ කාමච්ඡන්දාදීන් ද ඒකස්වභාව වූ නෛෂ්ක්රම්යාදීන් ද තේජස් සඞ්ඛ්යාත දුශ්ශීල්යාදීන් ද ක්ෂය කිරීමෙහි ප්රඥාව සංලේඛාර්ත්ථඥාන වෙයි යත්:
පුථු යනු: රාගය (ලොකොත්තරයෙන්) අසම්මිශ්ර යැ ද්වේෂය අසම්මිශ්ර යැ මෝහය අසම්මිශ්ර යැ ක්රෝධය ... බද්ධවෛරය ... ගුණමකු බව ... යුගග්රාහය ... ඊර්ෂ්යාව ... මාත්සර්ය්යය ... මායාව ... සඨ බව ... සිත ඉදිමුණු බව ... කරණොත්තරියකරණය ... මානය ... අතිමානය ... මදය ... ප්රමාදය ... සියලු ක්ලේශයෝ ... සියලු ... දුශ්චරිතයෝ ... සියලු අභිසංස්කාරයෝ ... සියලු භවගාමීකර්මයෝ අසම්මිශ්රයෝ යි.
නානත්තේකත්තං යනු: කාමච්ඡන්දය නානාස්වභාව යැ නෛෂ්ක්රම්යය ඒකස්වභාව ය ව්යාපාදය නානාස්වභාව යැ අව්යාපාදය ඒකස්වභාව යැ ස්ත්යානමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ ඖද්ධත්යය නානාස්වභාව යැ අවික්ෂේපය ඒකස්වභාව යැ විචිකිත්සාව නානාස්වභාව යැ ධර්මනිශ්චය ඒකස්වභාව යැ අවිද්යාව නානාස්වභාව යැ ඥානය ඒකස්වභාව යැ අරතිය නානාස්වභාව යැ ප්රාමෝද්යය ඒකස්වභාව යැ නීවරණයෝ නානාස්වභාව යැ ප්රථමධ්යානය ඒකස්වභාව යැ ... සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්හන්මාර්ගය ඒකස්වභාව යි.
තේජෝ යනු: තේජස් පසෙකි. ශීල සඞ්ඛ්යාත චරණතේජස යැ සමාධි සඞ්ඛ්යාත ගුණතෙජස යැ විදර්ශනා සඞ්ඛ්යාත ප්රඥාතේජස යැ ආර්ය්යමාර්ගකුශල සඞ්ඛ්යාත පුණ්යතේජස යැ බුද්ධවචනසඞ්ඛ්යාත ධර්මතේජස යි. ශීලතෙජසින් තියුණු කළ බැවින් දුශ්ශීල සඞ්ඛ්යාත තේජස ක්ෂය කෙරෙයි. සමාධිතේජසින් තියුණු කළ බැවින් වික්ෂේප සඞ්ඛ්යාත අගුණතෙජස ක්ෂය කෙරෙයි. විදර්ශනාතේජසින් තියුණු කළ බැවින් මොහතෙජස ක්ෂය කෙරෙයි. ආර්ය්යමාර්ගකුශලතේජසින් තියුණු කළ බැවින් අකුශලකර්මතෙජස ක්ෂය කෙරෙයි. ධර්මතේජසින් තියුණු කළ බැවින් නානාතීර්ත්ථකසමයවචන සඞ්ඛ්යාත අධර්මතේජස ක්ෂය කෙරේ.