35. පරිනිර්වාණ ඥානය
කිසෙයින් සම්යග්ඥාන ඇත්තහු ගේ ක්ලේශ - ස්කන්ධප්රවෘත්ති ක්ෂය කිරීමෙහි ප්රඥාව පරිනිර්වාණඥාන වෙයි යත්:
මෙ සස්නෙහි සම්යග්ඥාන ඇත්තේ නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දයාගේ (අනුශය වශයෙන්) පැවැත්ම ක්ෂය කෙරෙයි. අව්යාපාදයෙන් ව්යාපදායාගේ පැවැත්ම ක්ෂය කෙරෙයි. ආලෝක සංඥායෙන් ථීනමිද්ධයාගේ පැවැත්ම ක්ෂය කෙරෙයි. අවික්ෂෙපයෙන් ඖද්ධත්යයාගේ පැවැත්ම ක්ෂය කෙරෙයි. ධර්මවිනිශ්චයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්යාවගේ ... ප්රාමෝද්යයෙන් අරතියගේ ... ප්රථමධ්යානයෙන් නීවරණයන්ගේ පැවැත්ම ක්ෂය කෙරෙයි. ... අර්හන්මාර්ගයෙන් සියලු කෙලෙසුන්ගේ පැවැත්ම ක්ෂය කෙරේ.
නොහොත් සම්යග්ඥාන ඇති අනුපාදිශේෂනිර්වාණධාතුයෙන් පිරිනිවෙන්නහුගේ මේ චක්ෂුස්ප්රවෘත්තිය ද ක්ෂය වෙයි. අන්ය වූ ද චක්ෂුස්ප්රවෘත්තියෙක් නූපදී. මේ ශ්රෝත්රප්රවෘත්තිය ද ... ඝ්රාණප්රවෘත්තිය ... ජීහ්වාප්රවෘත්තිය ... කායප්රවෘත්තිය ... මනඃප්රවෘත්තිය ක්ෂය වෙයි. අන්ය වූ ද මනඃප්රවෘත්තියෙක් නූපදී. මේ සම්යග්ඥාන ඇත්තහුගේ ක්ලේශස්කන්ධප්රවෘත්ති ක්ෂය කිරීමෙහි ප්රඥාව පරිනිර්වාණඥාන නම් වේ.
ඒ පරිනිර්වාණඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ. ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං’යි.
පරිනිර්වාණඥානනිර්දේශ යි.
36. සමශීර්ෂාර්ත්ථ ඥානය
කිසෙයින් සියලු ත්රෛභූමකධර්මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවැත නො ඉපදීමෙහි ද ප්රඥාව සමශීර්ෂාර්ත්ථඥාන වෙයි යත්:
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්ධ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්මයෝ යැ අකුශලධර්මයෝ යැ අව්යාකෘතධර්මයෝ යැ කාමාවචරධර්මයෝ යැ රූපාවචරධර්මයෝ යැ අරූපාවචරධර්මයෝ යැ අපර්ය්යාපන්නධර්මයෝ යි.
සම්මාසමුච්ඡේදෙ යනු: නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි. අව්යාපාදයෙන් ව්යාපාදය මොනොවට සිඳියි. ආලෝකසංඥායෙන් ස්ත්යානමිද්ධය මොනොවට සිඳියි. අවික්ෂෙපයෙන් ඹෟද්ධත්යය මොනොවට සිඳියි. ධර්මනිශ්චයෙන් විචිකිත්සාව (තදඞ්ගවශයෙන්) මොනොවට සිඳියි. (මාර්ග) ඥානයෙන් අවිද්යාව (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳියි. ප්රාමෝද්යයෙන් අරතිය මොනොවට සිඳියි. ප්රථමධ්යානයෙන් නීවරණයන් (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි ... අර්හන්මාර්ගයෙන් සියලු ක්ලේශයන් (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳී.
නිරොධෙ යනු: නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය නිරුද්ධ කෙරෙයි. අව්යාපාදයෙන් ව්යාපාදය නිරුද්ධ කෙරෙයි. ආලෝකසංඥායෙන් ස්ත්යානමිද්ධය නිරුද්ධ කෙරෙයි. අවික්ෂෙපයෙන් ඖද්ධත්යය නිරුද්ධ කෙරෙයි. ධර්මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි. ඥානයෙන් අවිද්යාව නිරුද්ධ කෙරෙයි. ප්රාමෝද්යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි. ප්රථමධ්යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... අර්හන්මාර්ගයෙන් සියලු කෙලෙසුන් නිරුද්ධ කෙරේ.
අනුපට්ඨනතා යනු: නෛෂ්ක්රම්යය ලද්දහුට කාමච්ඡන්දය නූපදියි. අව්යාපාදය ලද්දහුට ව්යාපාදය නූපදියි. ආලෝකසංඥාව ලද්දහුට ස්ත්යානමිද්ධය නූපදියි. අවික්ෂේපය ලද්දහුට ඹෟදත්යය නූපදියි. ධර්මනිශ්චය ලද්දහුට විචිකිත්සාව නූපදියි. ඥානය ලද්දහුට අවිද්යාව නූපදියි. ප්රාමෝද්යය ලද්දහුට අරතිය නූපදියි. ප්රථමධ්යානය ලද්දහුට නීවරණයෝ නූපදිති ... අර්හන්මාර්ගය ලද්දහුට සියලු ක්ලේශයෝ නූපදිත්.