34. නිරෝධසමාපත්ති ඥානය
කිසෙයින් (ශමථවිදර්‍ශනා යන) බල දෙකින් සමන්‍වාගතවන බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂෝඩශඥානචර්‍ය්‍යායෙන් නව සමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන වෙයි යත්:
ද්වීහි බලෙහි යනු. බල දෙකෙකි: ශමථබල යැ විදර්‍ශනාබල යි.
ශමථබලය කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය වශයෙන් චිත්තෛකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අව්‍යාපාද වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. ආලෝකසංඥා වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අවික්‍ෂේප වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි.
සමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල වෙයි යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෙහි (නීවරණ නිමිති කොට) නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද (ඖදත්‍යසම්ප්‍රයුක්ත) සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි නො වෙවුලා නු යි ශමථබල නමි. මේ ශමථබල යි.
විදර්‍ශනාබල කවරෙ යත්: අනිත්‍යානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. දුඃඛානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. අනාත්මානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිර්වේදානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. විරාගානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිරෝධානුපස්සනාව විදර්‍ශනාබල යැ. පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.
විදර්‍ශනාබලං යනු කවර අරැතෙකින් විදර්‍ශනාබල නම් වෙයි යත්: අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිබ්බිදානුපස්සනායෙන් තෘෂ්ණායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, විරාගානුපස්සනායෙන් රාගයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිරෝධානුපස්සනායෙන් සමුදයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, පටිනිස්ගානුපස්සනායෙන් ආදානයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අවිද්‍යායෙහි ද අවිද්‍යාසහගත ක්ලේශයෙහි ද සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි, නො සැලෙයි, නො වෙවුලා නු යි විදර්‍ශනාබල යි. මේ විදර්‍ශනාබල නම් වේ.
තයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා යනු: කවර තුන් සංස්කාරයන්ගේ සන්හිඳීමෙනැ යත්: ද්විතීයධ්‍යානයට සමවන්හුගේ විතර්‍කවිචාර සඞ්ඛ්‍යාත වාක්සංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්හුගේ ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත කායසංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. සංඥාවේදයිතනිරෝධසමාපත්තියට සමවන්හුගේ සංඥාව ද වේදනාව ද යන චිත්තසංස්කාරයෝ සන්හිඳුනාහු වෙත්. මේ තුන් ආකාරයන්ගේ සන්සිඳීමෙනි.
සොළසහි ඤාණචරියාහි යනු: කවර සොළොස් ඥානචර්‍ය්‍යායෙන යත්: අනිච්චානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, දුක්ඛානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, අනත්තානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිබ්බිදානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විරාගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිරෝධානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, පටිනිස්සග්ගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විවට්ටානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, ස්‍රෝතාපත්තිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හන්මාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හත්ඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි. මේ සොළොස් ඥානචර්‍ය්‍යායෙනි.
නවහි සමාධිචරියාහි යනු: කවර නව සමාධිචර්‍ය්‍යායෙනැ යත්: ප්‍රථමධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ද්විතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, තෘතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, චතුර්‍ත්‍ථධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ආකාසානඤ්චායතනසමාපත්තිය ... විඤ්ඤාණනඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය සමාධිචර්‍ය්‍යා යැ. ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද (සමාධිචර්‍ය්‍යා යි.) මේ නව සමාධිචර්‍ය්‍යායෙනි.