33. අරණවිහාර ඥානය
කිසෙයින් දර්‍ශනාධිපතිභාවය ද ශාන්තවිහාරාධිගමය ද ප්‍රණීතාදිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥාන වෙයි යත්:
දස්සනාධිපතෙය්‍යං යනු: අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි දුක්ඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි.
සන්තෝ ච විහාරාධිගමො යනු: ශුන්‍යතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අනිමිත්තාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අප්‍රණිහිතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වේ.
පණීතාධිමුත්තතා යනු: ශුන්‍යතඵලසමාපත්තියෙහි (පූර්‍වභාගප්‍රඥා වශයෙන්) අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අනිමිත්තඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අප්‍රණිහිතඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වේ.
අරණවිහාරො යනු: (අර්‍හත්ඵලසමාපත්තියට සමවදිනු කැමැත්තහුගේ විදර්‍ශනාවට අරමුණු වූ) ප්‍රථමධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තිය අරණවිහාර නම් වෙයි ... නේවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිය අරණවිහාර නම් වේ.
අරණවිහාරො යනු කවර අරුතෙකින් අරණවිහාර වේ ද යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. මේ අරණවිහාර යි.
ඒ අරණවිහාරඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘දස්සනාධිපතෙය්‍යං සන්තෝ ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරේ ඤාණං’ යී.
අරණවිහාරඥාන නිර්දේශ යි.
34. නිරෝධසමාපත්ති ඥානය
කිසෙයින් (ශමථවිදර්‍ශනා යන) බල දෙකින් සමන්‍වාගතවන බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂෝඩශඥානචර්‍ය්‍යායෙන් නව සමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන වෙයි යත්:
ද්වීහි බලෙහි යනු. බල දෙකෙකි: ශමථබල යැ විදර්‍ශනාබල යි.
ශමථබලය කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය වශයෙන් චිත්තෛකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අව්‍යාපාද වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. ආලෝකසංඥා වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අවික්‍ෂේප වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි.
සමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල වෙයි යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෙහි (නීවරණ නිමිති කොට) නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද (ඖදත්‍යසම්ප්‍රයුක්ත) සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි නො වෙවුලා නු යි ශමථබල නමි. මේ ශමථබල යි.
විදර්‍ශනාබල කවරෙ යත්: අනිත්‍යානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. දුඃඛානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. අනාත්මානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිර්වේදානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. විරාගානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිරෝධානුපස්සනාව විදර්‍ශනාබල යැ. පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.