32. ආනන්තරිකසමාධි ඥානය
කිසෙයින් අවික්ෂේපපරිශුද්ධභාවයෙන් කාමාදි ආශ්රවයන්ගේ සමුච්ඡෙදයෙහි ප්රඥාව ආනන්තරික (මාර්ග) සමාධිඥාන වෙයි යත්:
නෛෂ්ක්රම්යවශයෙන් සිතෙහි එකඟ බව යයි කියනලද අවික්ෂේප සමාධිය වෙයි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්ගඥානය (යථාක්රමයෙන්) උපදී. ඒ ඥානයෙන් ආශ්රවයෝ (සමුච්ඡේදවශයෙන්) ක්ෂය වෙත්. මෙසේ පූර්වභාගයෙහි ශමථය වෙයි. අපරභාගයෙහි (මාර්ගක්ෂණයෙහි) ඥානය වේ. ඒ මාර්ගඥානයෙන් ආස්රවයන්ගේ ක්ෂය වේ. එයින් කියනු ලැබෙයි: ‘අවික්ඛේපපරිසුද්ධතා ආසවසමුච්ඡේද පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’ යී.
ආසවා යනු: ඒ ආස්රවයෝ කවරහ යත්: කාමාස්රව යැ භවාස්රව යැ දෘෂ්ටාස්රව යැ අවිද්යාස්රව යි.
කොතැන්හි ඒ ආස්රවයෝ ක්ෂය වෙති යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්යාස්රවය ක්ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්රවය ක්ෂය වෙයි. අපායගමනීය වූ භවාස්රවය ක්ෂය වෙයි. අපායගමනීය වූ අවිද්යාස්රවය ක්ෂය වේ. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙති.
සෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්රවය ක්ෂය වෙයි. එය හා සමග එක්වැ සිටි භවාස්රවය ක්ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්යාස්රවය ක්ෂය වේ. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙති.
අනැගැමි මඟින් අනවශේෂ වූ කාමාස්රවය ක්ෂය වෙයි. ඒ හා එක් වැ සිටි භවාස්රවය ක්ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්යාස්රවය ක්ෂය වේ. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙති.
රහත්මඟින් අනවශේෂ වූ භවාස්රවය ක්ෂය වෙයි. අනවශේෂ වූ අවිද්යාස්රවය ක්ෂය වේ. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙත්.
අව්යාපාදවශයෙන් ... ආලොකසංඥාවශයෙන් ... අවික්ෂේපවශයෙන් ... ධම්මවවත්ථානවශයෙන් ... ඥානවශයෙන් ... ප්රාමෝද්යවශයෙන් ... ප්රථමධ්යාන වශයෙන් ... ද්විතීයධ්යානවශයෙන් ... තෘතීයධ්යානවශයෙන් ... චතුර්ත්ථධ්යානවශයෙන් ... ආකාසානඤ්චායතනසමාපත්තිවශයෙන් ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවශයෙන් ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවශයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවශයෙන් ... පඨවිකසිණවශයෙන් ... ආපෝකසිණ වශයෙන් … තෙජොකසිණ වශයෙන් ... වායොකසිණ වශයෙන් ... නීලකසිණ වශයෙන් ... පීතකසිණ වශයෙන් ... ලෝහිතකසිණ වශයෙන් ඔදාතකසිණ වශයෙන් ... ආකාසකසිණ වශයෙන් ... විඤ්ඤාණකසිණ වශයෙන් ... බුද්ධානුස්සති වශයෙන් ... ධම්මානුස්සති වශයෙන් ... සඞ්ඝානුස්සති වශයෙන් ... සීලානුස්සති වශයෙන් ... චාගානුස්සති වශයෙන් ... දේවතානුස්සති වශයෙන් ... ආනාපානසති වශයෙන් ... මරණසති වශයෙන් ... කායගතාසති වශයෙන් ... උපසමානුස්සති වශයෙන් ... උද්ධුමාතක සංඥා වශයෙන් ... විනීලක සංඥා වශයෙන් ... විපුබ්බක සංඥා වශයෙන් ... විච්ඡිද්දක සංඥා වශයෙන් ... වික්ඛායිතක සංඥා වශයෙන් ...
වික්ඛිත්තක සංඥා වශයෙන් ... හතවික්ඛිත්තක සංඥා වශයෙන් ... පුළවක සංඥා වශයෙන් ... අට්ඨික සංඥා වශයෙන් ... දීර්ඝ කොට ආශ්වාස කිරීම් වශයෙන් ... දීර්ඝ කොට ප්රශ්වාස කිරීම් වශයෙන් ... හ්රස්ව කොට ආශ්වාස කිරීම් වශයෙන් ... හ්රස්ව කොට ප්රශ්වාස කිරීම් වශයෙන් ... සියලු ආශ්වාස ප්රශ්වාසකාය ප්රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සියලු ආශ්වාස ප්රශ්වාසකාය ප්රකට කෙරෙමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... (ඖදාරික වූ ආශ්වාසප්රශ්වාස සඞ්ඛ්යාත) කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් ... කායසංස්කාරය සන්හිඳුවමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... ප්රීතිය ප්රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... ප්රීතිය ප්රකට කෙරෙමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... සුඛය ප්රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සුඛය ප්රකට කෙරෙමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... (සංඥාවේදනා සඞ්ඛ්යාත) චිත්තසංස්කාරය ප්රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය ප්රකට කෙරෙමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... චිත්තය ප්රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තය ප්රකට කෙරෙමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... සිත සතුටු කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සිත සතුටු කෙරෙමින් ප්රශ්වාස කිරීම් වශයෙන් ... (අරමුණෙහි) සිත සම වැ තබමින් ... සිත (නීවරණාදියෙන්) මුදමින් ... අනිත්යනුපස්සනා වශයෙන් බලමින් ... විරාගානුපස්සනා වශයෙන් බලමින් ... නිරෝධානුපස්සනා වශයෙන් බලමින් ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්රශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්රතාව අවික්ෂේප සමාධි නම් වෙයි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්ගඥානය උපදී. ඒ ඥානයෙන් ආස්රවයෝ ක්ෂය වෙත්. මෙසේ පූර්වභාගයෙහි ශමථය වෙයි. අපරභාගයෙහි ඥානය වෙයි. ඒ ඥානයෙන් ආස්රවයන්ගේ ක්ෂය වෙයි. එයින් කියනු ලැබෙයි: ‘අවික්ඛේපපරිසුද්ධත්තා ආසවසමුච්ඡේදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’ යී.
ආසවා යනු: ඒ ආස්රවයෝ කවරහ යත්: කාමාස්රව යැ භවාස්රව යැ දෘෂ්ට්යාස්රව යැ අවිද්යාස්රව යි.
කොතැන්හි ඒ ආස්රවයෝ ක්ෂය වෙත් ද යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්යාස්රවය ක්ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්රවය ක්ෂය වෙයි. අපායගමනිය වූ භවාස්රවය ක්ෂය වෙයි. අපායගමනීය වූ අවිද්යාස්රවය ක්ෂය වෙයි. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙත්.
සෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්රවය ක්ෂය වෙයි. එය හා එක් වැ සිටි භවාස්රවය ක්ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්යාස්රවය ක්ෂය වේ. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙත්.
අනැගැමි මඟින් අනවශේෂ වූ කාමාස්රවය ක්ෂය වෙයි. ඒ හා එක් වැ සිටි භවාස්රවය ක්ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්යාස්රවය ක්ෂය වේ. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙති.
රහත්මඟින් අනවශේෂ වූ භවාස්රවය ක්ෂය වෙයි. අනවශේෂ වූ අවිද්යාස්රවය ක්ෂය වේ. මෙහි ඒ ආස්රවයෝ ක්ෂය වෙත්.
ඒ ඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: “අවික්ඛේපපරිසුද්ධත්තා ආසවසමුච්ඡේදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණ” යී.
ආනන්තරිකසමාධිඥාන නිර්දේශ යි.