29-31. ඥානත්රය
කිසෙයින් (අනිත්යානුදර්ශනාදි) විහාරනානාත්වයෙහි ප්රඥාව විහාරාර්ත්ථඥාන වෙයි, (අනිමිත්තාදි) සමාපත්තිනානාත්වයෙහි ප්රඥාව සමාපත්ත්යර්ත්ථ ඥාන වෙයි, විහාරසමාපත්තිනානාත්වයෙහි ප්රඥාව විහාරසමාපත්ත්යර්ත්ථඥාන වෙයි යත්:
සංස්කාරනිමිත්ත භය විසින් මොනොවට දක්නේ සංස්කාරනිමිත්ත ප්රතිපක්ෂ නිර්වාණයෙහි අධිමුක්ත (නිම්න) බැවින් (සංස්කාරනිමිත්ත නුවණින්) ස්පර්ශ කොට කොට (එහි) භඞ්ගය (විදර්ශනාඥානයෙන්) දකී නම් (ඒ) අනිමිත්තවිහාර නම් වෙයි. තෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ (තෘෂ්ණාප්රතිපක්ෂ) නිර්වාණයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) අප්රණිහිතවිහාර නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ (ආත්මවිරහිත වූ) නිර්වාණයෙහි අධිමුක්ත බැවින් (අභිනිවේශය නුවණින්) ස්පර්ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) ශූන්යතවිහාර නම් වේ.
නිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්ත (නිර්වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට නිමිත්තප්රතිපක්ෂ වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තසමාපත්ති නම් වෙයි. ප්රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්රණිහිත (නිර්වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට තෘෂ්ණාප්රතිපක්ෂ වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අප්රණිහිතසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්යත (නිර්වාණ) යෙහි අද්මුක්ත බැවින් (විපාක) ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට ශුන්යත වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශූන්යතවිහාරසමාපත්ති නම් වේ.
නිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (සංස්කාරනිමිත්ත නුවණින් ස්පශී කොට කොට (එණි) භඞ්ගය දකී නම්, (විපාක) ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට නිමිත්තප්රතිපක්ෂ වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. ප්රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්රණිහිතයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්ශ කොට කොට භඞ්ගය දකී නම්, විපාක ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට අප්රණිහිත වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය අවර්ජනා කොට ඵල සමවතට සමවදී නම් (ඒ) අප්රණිහිත විහාරසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශූන්යතයෙහි අධිමුක්ත බැවින් (ආත්මාභිනිවේශය නුවණින්) ස්පර්ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම්, (විපාක) ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට ශුන්යත වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය අවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශුන්යතවිහාර සමාපත්ති නම් වේ.
රූපනිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්ශ කොට කොට භඞ්ගය දකී නම්, අනිමිත්තවිහාර නම් වෙයි. රූපතෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ අප්රණිහිත (නිර්වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපප්රණිධිය නුවණින්) ස්පර්ශය කොට කොට භඞ්ගය දකී නම්, අප්රණීහිතවිහාර නම් වෙයි. රූපාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්යත (නිර්වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපාභිනිවේශය නුවණින්) ස්පර්ශ කොට කොට භඞ්ගය දකී නම්, ශූන්යතවිහාර නම් වේ.
රූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට නිමිත්තප්රතිපක්ෂ වූ නිර්වාණසඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්ත සමාපත්ති නම් වෙයි. රූපප්රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්රණිහිතයෙහි අධිමුක්ත බැවින් ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට අප්රණිහිත වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්රණිහිතසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්යතයෙහි අධිමුක්ත බැවින් ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට ශුන්යත වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්යතසමාපත්ති නම් වේ.
රූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්ශ කොට කොට භඞ්ගය දකි නම්, ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට නිමිත්තප්රතිපක්ෂ වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. රූපප්රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්රණිහිතයෙහි අධිමුක්ත බැවින් (රූපප්රණිධිය නුවණින්) ස්පර්ශ කොට කොට භඞ්ගය දකී නම් ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට අප්රණිහිත වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්රණිහිතවිහාරසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්යතයෙහි අධිමුක්ත බැවින් ස්පර්ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්රවෘත්තිය අධ්යුපේක්ෂා කොට ශුන්යත වූ නිර්වාණ සඞ්ඛ්යාත නිරෝධය ආවර්ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්යතවිහාරසමාපත්ති නම් වේ.