25-28. ප්‍රතිසංවිද් ඥානය
කිසෙයින් අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන වෙයි, ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන වෙයි, නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන වෙයි, ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය ධර්‍මයෙක, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ධර්‍මයෙක, සමාධීන්‍ද්‍රිය ධර්‍මයෙක, ප්‍රඥේන්‍ද්‍රිය ධර්‍මයෙකි, ශ්‍රද්ධේන්‍ද්‍රිය අනෙකෙක, වීර්ය්‍යේන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, සමාධීන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, ප්‍රඥේන්‍ද්‍රියධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද ඒ ඥානයෙන් මැ මේ නානාධර්‍මයෝ අභිමුඛභාවයෙන් දන්නාලද්දාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යි
අධිමෝක්‍ෂකෘත්‍යය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහකෘත්‍යය අර්‍ත්‍ථයෙක, උපස්ථාන (වැටහීම්) කෘත්‍යය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපකෘත්‍යය අර්‍ත්‍ථයෙක, දර්‍ශනකෘත්‍යය අර්‍ත්‍ථයෙකි. අධිමෝක්‍ෂකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහකෘත්‍යසංඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, දර්‍ශනකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට වූවාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
සද්ධින්‍ද්‍රියාදි පඤ්චධර්‍මයන් (පරහට) දක්වනු සඳහා චතුර්විධ නාමව්‍යඤ්ජන නාමනිරුක්ති නාමාභිලාපයෝ වෙති. (අධිමෝක්‍ෂාදි) පඤ්චාර්‍ත්‍ථයන් දක්වනු සඳහා නාමව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ නිරුක්තීහු දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී
පඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මයෙහි ඥානයෝ යැ, අර්‍ත්‍ථයෙහි ඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තියෙහි ඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං”යී.
ශ්‍රද්ධාබලය ධර්‍මයෙක, වීර්‍ය්‍යබලය ධර්‍මයෙක, ස්මෘතිබලය ධර්‍මයෙක, සමාධිබලය ධර්‍මයෙක, ප්‍රඥාබලය ධර්‍මයෙකි. ශ්‍රද්ධාබලය අන්‍යධර්‍මයෙක, වීර්‍ය්‍යබලය අන්‍යධර්‍මයෙක, ස්මෘතිබලය අන්‍යධර්‍මයෙක, සමාධිබලය අන්‍යධර්‍මයෙක, ප්‍රඥාබලය අන්‍යධර්‍මයෙකි. යම් ඥානයෙකින් මේ විවිධ ධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි. “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
අශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙකි. අශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙකි, යම් ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං”යී.
ශ්‍රද්ධාබලාදි පඤ්චධර්‍මයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙති. පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධනිරුක්තීහු දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ විවිධ නිරුක්තීහු ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී.
පඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ, අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ධර්‍මයෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අනෙකෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ විවිධධර්‍මයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධධර්‍මයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
උපස්ථාන (එළඹසිටි) ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රවිචය ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහස්වභාවය අර්‍ත්‍ථයෙක, පැතිරීම් ස්වභාවය අර්‍ත්‍ථයෙක, උපශම ස්වභාවය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේප ස්වභාවය අර්‍ත්‍ථයෙක, මධ්‍යස්ථ ස්වභාවය අර්‍ත්‍ථයෙකි. උපස්ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රවිචයස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පැතිරීම් ස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, උපශමස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, මධ්‍යස්ථස්වභාවාර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ ඥානාර්‍ත්‍ථයෝ දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ අභිමුඛ කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.