2. සීලමය ඥානය
කිසෙයින් ශ්රවණය කොට (ශ්රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්රඥාව ශීලමයඥාන වෙයි යත්:
ශීලයෝ පස්දෙනෙක් වෙති: පර්ය්යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, අපර්ය්යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, පරිපූර්ණ බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, දෘෂ්ටිපරාමර්ශ රහිත බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, සියලු දරථයන් සන්හිඳීමෙන් පරිශුද්ධභාවය ඇති ශීල යි.
එහි පර්ය්යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: අනුපසපන් වූ පර්ය්යන්ත ශික්ෂාපද ඇතියන්ගේ මේ ශීලය පර්ය්යන්තපාරිශුද්ධශීල නමැ.
අපර්ය්යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: උපසපන් වූ අපර්ය්යන්ත ශික්ෂාපද ඇතියන්ගේ මේ ශීලය අපර්ය්යන්තපාරිශුද්ධිශීල නමැ.
පරිපූර්ණපාරිශුද්ධිශීලය කවරෙ යත්: කල්යාණපෘථග්ජන වූ විදර්ශනා කුශලධර්මයෙහි යුක්තප්රයුක්ත වූ ශෛක්ෂධර්මයන් පර්ය්යන්ත කොට ඇති ධර්මයෙහි කිසි ශික්ෂාවකුදු නො හැර පුරන්නා වූ කයෙහි දු ජීවිතයෙහි දු නිරපේක්ෂ වූ (එහෙයින් මැ ශීලපරිපූරණ පිණිස) පරිත්යක්ත වූ ජීවිත ඇතියන්ගේ මේ ශීලය පරිපූර්ණපාරිශුද්ධිශීල නමැ.
අපරාමෘෂ්ටපාරිශුද්ධිශීලය කවරෙ යත්: සප්ත ශෛක්ෂයන්ගේ මේ ශීලය අපරාමෘෂ්ටපාරිශුද්ධිශීල නමැ.
ප්රතිප්රශ්රද්ධිපාරිශුද්ධිශීලය කවරෙ යත්: තථාගතශ්රාවක වූ ක්ෂීණාස්රවයන්ගේ ද ප්රත්යෙකබුද්ධයන්ගේ ද තථාගත වූ අර්හත් වූ සම්යක්සම්බුද්ධයන්ගේ ද මේ ශීලය ප්රතිප්රශ්රද්ධිපාරිශුද්ධිශීල නමි.
පර්ය්යයන්ත වූ ශීලයෙක් ඇත. අපර්ය්යන්ත වූ ශීලයෙක් ඇති.
එහි ඒ පර්ය්යන්තශීලය කවරෙ යත්: ලාභපර්ය්යන්ත වූ ශීලයෙක් ඇත. යශස් (පිරිවර) පර්ය්යන්ත වූ ශීලයෙක් ඇත. ඥාතිපර්ය්යන්තශීලයෙක් ඇත. අඞ්ගපර්ය්යන්තශීලයෙක් ඇත. ජීවිතපර්ය්යන්තශීලයෙක් ඇති.
ඒ ලාභපර්ය්යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්රත්යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ලාභපර්ය්යන්තශීල යයි.
ඒ යශස්පර්ය්යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්රත්යයෙන් යශස්කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ යශස්පර්ය්යන්තශීල යයි.
ඒ ඥාතිපර්ය්යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්රත්යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ඥාතිපර්ය්යන්තශීල යයි.
ඒ අඞ්ගපර්ය්යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්රත්යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ අඞ්ගපර්ය්යන්තශීලය යි.
ඒ ජීවිතපර්ය්යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිතහේතුයෙන් ජීවිතප්රත්යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ජීවිතපර්ය්යන්තශීලය යි.
මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු සබල (කබර) වූවාහු කල්මාෂ (කැලැල්) වූවාහු දාසව්යයෙන් නො මිදුණාහු විඥයන් විසින් නො පසස්නා ලද්දාහු (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) පරාමෘෂ්ට වූවාහු සමාධිය පිණිස නො පවත්නාහු අවිප්රතිසාරයට කරුණු නො වූවාහු ප්රාමෝද්යයට කරුණු නො වූවාහු ප්රීතියට වස්තු නො වූවාහු (කායචිත්ත) ප්රශ්රබ්ධියට වස්තු නො වූවාහු සුඛයට වස්තු නො වූවාහු (උපචාර අර්පණ) සමාධියට වස්තු නො වූවාහු යථාභූතඥානදර්ශනයට වස්තු නො වූවාහු ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නාහු ය. මේ ඒ පර්ය්යන්තශීලය යි.
එහි ඒ අපර්ය්යන්තශීලය කවරෙ යත්: ලාභපර්ය්යයන්ත නොවූ ශීලයෙක් ඇත. යශස්පර්ය්යන්ත නො වූ ශීලයෙක් ඇත. ඥාතිපර්ය්යන්ත නො වූ ශීලයෙක් ඇත. අඞ්ගපර්ය්යන්ත නො වූ ශීලයෙක් ඇත. ජීවිතපර්ය්යන්ත නො වූ ශීලයෙක් ඇති.
ඒ ලාභපර්ය්යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්රත්යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්ෂාපදය ව්යතික්රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්යතික්රම කෙරෙයි යනු කිම? මේ ඒ ලාභපර්ය්යන්ත නො වූ ශීලය යි.
ඒ යශස්පර්ය්යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්රත්යයෙන් යශස් කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්ෂාපදය ව්යතික්රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්යතික්රම කෙරෙයි යනු කිම? මෙ ඒ යශස්පර්ය්යන්ත නො වූ ශීලය යි.
ඒ ඥාතිපර්ය්යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්රත්යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්ෂාපදය ව්යතික්රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්යතික්රම කෙරෙයි යනු කිම? මේ ඒ ඥාතිපර්ය්යන්ත නො වූ ශීලය යි.
ඒ අඞ්ගපර්ය්යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්රත්යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්ෂාපදය ව්යතික්රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්යතික්රම කෙරෙයි යනු කිම? මේ ඒ අඞ්ගපර්ය්යන්ත නො වූ ශීල යි.
ඒ ජිවිතපර්ය්යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිත හේතුයෙන් ජීවිතප්රත්යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපදය ව්යතික්රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්යතික්රම කෙරෙයි යනු කිම? මේ ඒ ජීවිතපර්ය්යන්ත නො වූ ශීල යි.