3. සමාධිභාවනාමය ඥානය
කිසෙයින් (ශීලයෙන්) සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්රඥාව සමාධිභාවනාමයඥාන වෙයි යත්:
එක් සමාධියෙක් වෙයි: චිත්තෛකාග්රතා යි.
සමාධීහු දෙදෙනෙක් වෙති: ලෞකිකසමාධි යැ ලෝකෝත්තරසමාධි යි.
සමාධීහු තිදෙනෙක් වෙති: සවිතර්කසවිචාරසමාධි යැ. අවිතර්කසවිචාරමාත්රසමාධි යැ. අවිතර්කඅවිචාරසමාධි යි.
සමාධීහු සතරදෙනෙක් වෙති: හානභාගියසමාධි යැ ස්ථිතිභාගියසමාධි යැ විශේෂභාගියසමාධි යැ නිර්වේදභාගියසමාධි යි.
සමාධීහු පස්දෙනෙක් වෙති: ප්රීතියගේ පැතිරීම ඇති සමාධි යැ සුඛයාගේ පැතිරීම ඇති සමාධි යැ උපේක්ෂාවගේ පැතිරීම ඇති සමාධි යැ අලෝකසංඥාවගේ පැතිරීම ඇති සමාධි යැ ප්රත්යවේක්ෂානිමිත්ත ඇති සමාධි යි.
සමාධීහු සදෙනෙකි: බුද්ධානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ. ධර්මානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ. සංඝානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ. ශීලානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ. ත්යාගානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ. දේවතානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ.
සමාධීහු සත්දෙනෙක් වෙති: සමාධියෙහි කුශල බව යැ සමාධියට සමවැදීමෙහි කුශල බව යැ සමාධිය (රිසිසේ) තැබීමෙහි කුශල බව යැ සමාධියෙන් නැඟීසිටීමෙහි කුශල බව යැ සමාධිහුගේ කල්යතා (අග්ලානභාව) යෙහි කුශල බව යැ සමාධිහුගේ ගෝචර (ආරම්මණ) යෙහි කුශල බව යැ සමාධිහුගේ (මතුමත්තෙහි) සමාධියට එළැවීමෙහි කුශල බවයි.
සමාධීහු අටදෙනෙක් වෙති: පඨවිකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ. අපොකසිණ වශයෙන් ... තෙජොකසිණ වශයෙන් ... වායොකසිණ වශයෙන් ... නීලකසිණ වශයෙන් ... පීතකසිණ වශයෙන් ... ලෝහිතකසිණ වශයෙන් ... ඔදාතකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යි.
සමාධීහු නවදෙනෙක් වෙති: රූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්යම වූයේ ඇත, ප්රණීත වූයේ ඇති. අරූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්යම වූයේ ඇත, ප්රණීත වූයේ ඇති. ශුන්යතාසමාධි යැ අනිමිත්තසමාධි යැ අප්රණිහිතසමාධි යි.
සමාධීහු දස දෙනෙක් වෙති: උද්ධුමාතක සංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යැ විනීලකසංඥාවශයෙන් ... විපුබ්බක සංඥාවශයෙන් ... විච්ඡිද්දකසංඥාවශයෙන් ... වික්ඛායිතකසංඥාවශයෙන් ... වික්ඛිත්තකසංඥාවශයෙන් ... හතවික්ඛිත්තකසංඥාවශයෙන් ... ලෝහිතකසංඥාවශයෙන් ... පුළවකසංඥාවශයෙන් ... අට්ඨිකසංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්ෂේපසමාධි යි. මොහු පස්පනස්සමාධීහු වෙත්.