18. භූමිනානාත්ව ඥානය
කිසෙයින් සතර ධර්මයන් පිරිසිඳ දැනීමේ ප්රඥාව භූමිනානාත්වඥාන වෙයි යත්:
භූමි සතරෙකි: කාමාවචරභූමි යැ රූපාවචරභූමි යැ අරූපාවචරභූමි යැ අපරියාපන්නභූමි යි.
කාමාවචරභූමි කවර යත්: යටින් අවීචිනිරය පිරියත් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්තිදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්ය්යාපන්න වූ යම් ස්කන්ධධාතුආයතන කෙනෙක් වෙත් ද රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන කෙනෙක් වෙත් ද මේ කාමාවචරභූමි නම.
රූපාවචරභූමි කවර යත්: යටින් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටාදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්ය්යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් බඹලොව) උපන්නහු ගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්ම කෙනෙක් වෙත් ද මේ රූපාවචරභූමි නම.
අරූපාවචරභූමි කවර යත්: යටින් ආකාසානඤ්චායතනූපගදෙවියන් පිරියත් කොට මතුභාගයෙන් නෛවසංඥානාසංඥායතනදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නාහු වූ මෙහි පර්ය්යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් අරූතලයෙහි) උපන්නහුගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්ම කෙනෙක් වෙත් ද මේ අරූපාවචරභූමි නම.
අපර්ය්යාපන්නභූමි කවර යත්: මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතුව ද අපර්ය්යාපන්නයෝ යැ. මේ අපර්ය්යාපන්නභූමි නමි. මොහු සතර භූමි නම් වෙත්.
අනෙකුදු භූමි සතරෙකි. සතර සතිපට්ඨානයෝ යැ සතර සම්යක් ප්රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ සතර ධ්යානයෝ යැ සතර අප්රාමාණ්යයෝ යැ සතර අරූපසමාපත්තීහු යැ සතර ප්රතිසංවිද්හු යැ සතර ප්රතිපත්හු යැ සතර ආලම්බනයෝ යැ සතර ආර්ය්යවංශයෝ යැ සතර සඞ්ග්රහවස්තූහු යැ චතුශ්චක්රයෝ යැ සතර ධර්මපදයෝ යි. මොහු සතරභූමි නම් වෙත්.
ඒ භූමිනානාත්වඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුධම්මවවත්ථානෙ පඤ්ඤා භූමිනානත්තේ ඤාණං’යි.
භූමිනානාත්වඥානනිර්දේශ යි.
19. ධර්මනානාත්ව ඥානය
කිසෙයින් නවධර්මයන් පිරිසිඳ දැනීමේ ප්රඥාව ධර්මනානාත්වඥාන වෙයි යත්:
කිසෙයින් ධර්මයන් ව්යවස්ථා කෙරේ ද යත්: කාමාවචර ධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි, රූපාවචරධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි, අරූපාවචර ධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි, අපර්ය්යාපන්නධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි.
කිසෙයින් කාමාවචරධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරේ ද, අකුශල හෙයින් ව්යවස්ථා කෙරේ ද, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරේ ද යත්: දශකුශලකර්මපථයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, දශ අකුශල කර්මපථයන් අකුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, රූපය ද විපාකය ද ක්රියාව ද අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි. මෙසෙයින් කාමාවචරධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරේ.
කිසෙයින් රූපාවචරධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස්ලොවැ සිටියහුගේ සතර ධ්යානයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, (විපාක වශයෙන්) එ බඹලොවැ උපන්නහුගේ සතර විපාකධ්යානයන් අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි, මෙසෙයින් රූපාවචරධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරේ.
කිසෙයින් අරූපාවචරධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස් ලොවැ සිටියහුගේ සතර අරූපාවචරසමාපත්තීන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, ඒ අරූතලයෙහි උපන්නහුගේ සතර විපාක අරූපාවචරසමාපත්තීන් අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි. මෙසෙයින් අරූපාවචරධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරේ.
කිසෙයින් අපර්ය්යාපන්නධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි, අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි යත්: සතර ආර්ය්යමාර්ගයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි. සතර ශ්රාමණ්යඵලයන් ද නිර්වාණය ද අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි. මෙසෙයින් අපර්ය්යාපන්නධර්මයන් කුශල හෙයින් ව්යවස්ථා කෙරෙයි. අව්යාකෘත හෙයින් ව්යවස්ථා කෙරෙයි. මෙසෙයින් ධර්මයන් ව්යවස්ථා කෙරේ.
ප්රාමෝද්යමූලධර්මයෝ නව දෙනෙකි: අනිත්ය හෙයින් මෙනෙහි කරන්නාහට ප්රාමෝද්යය උපදී. ප්රමුදිතයාහට ප්රීතිය උපදී. ප්රීතිසිත් ඇත්තහුගේ නාමකය සන්හුන් දරථ ඇත්තේ වෙයි. නිවුණුකය ඇත්තේ චෛතසික සුඛය විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි (උදයව්යයඥානාදි වශයෙන් සංස්කාරයන්) යථාස්වභාවයෙන් දැනැගනී. නුවණැසින් දකී. යථාස්වභාවයෙන් දන්නේ නුවණැසින් දක්නේ සංස්කාරයන්හි උකටලි වෙයි. උත්කණ්ඨිත වනුයේ සංසාකාරයන් කෙරෙන් විරක්ත වෙයි. විරාගය හේතු කොට ගෙන නිර්වාණයෙහි (අධිමෝක්ෂයෙන්) මිදෙයි. දුඃඛ වශයෙන් මෙනෙහිකරන්නාහට ප්රාමෝද්යය උපදී. ... අනාත්ම වශයෙන් මෙනෙහිකරන්නාහට ප්රාමෝද්යය උපදී. ...