13. විමුක්ති ඥානය
කිසෙයින් ඒ ඒ ආර්ය්යමාර්ගයෙන් සමුච්ඡින්න වූ උපක්ලේශයන් පසුව බැලීමෙහි ප්රඥාව විමුක්තිඥාන වෙයි යත්:
ස්රෝතාපත්තිමාර්ගයෙන් සක්කායදාෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්රතපරාමර්ශ යැ දෘෂ්ට්යනුශය යැ විචිකිත්සානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ (සමුච්ඡේදප්රහාණයෙන් අනුත්පාදනිරෝධයෙන්) මැනැවින් සිඳුනා ලද්දාහු වෙති, පර්ය්යුත්ථාන සහිත වූ මේ පඤ්චොපක්ලේශයන් කෙරෙන් සිත විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානානාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.
සකෘදාගාමිමාර්ගයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්රතිඝසංයෝජනා යැ ඖදාරික කාමරාගානුශය යැ ප්රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයා ගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්ය්යුත්ථානක්ලේශයන් සහිත වූ මේ සතරඋපක්ලේශයන් කෙරෙන් චිත්තය සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානානාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.
අනාගාමීමාර්ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්රතිඝසංයෝජනා යැ අණුසහගත වූ කාමරාගානුශය යැ ප්රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්ය්යුත්ථානක්ලේශයන් සහිත වූ මේ සතර උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානානාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඥාණං” යි.
අර්හන්මාර්ගයෙන් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්ය යැ අවිද්යා යැ මානානුශය යැ භවරාගානුශය යැ අවිජ්ජානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්ය්යුත්ථානක්ලේශයන් සහිත වු මේ අට උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානානාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.
ඒ විමුක්තිඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ, ප්රජානානාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.
විමුක්තිඥාන නිර්දේශ යි.
14. ප්රත්යවේක්ෂා ඥානය
කිසෙයින් ඒ මාර්ග-ඵලක්ෂණයෙහි ප්රතිලාභ-ප්රතිවේධ වශයෙන් පැමිණි මාර්ගඵලධර්මයන් ද චතුස්සත්යධර්මයන් ද දක්නා ප්රඥාව ප්රත්යවේක්ෂා ඥානය වෙයි යත්:
ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි (පරිඥාභිසමයාදි ලක්ෂණයෙන් චතුස්සත්ය) දර්ශනාර්ත්ථයෙන් සම්යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්ගක්ෂණයෙහි (හේතුයෙන්) පහළවූ යැ, අභිනිරෝපණාර්ත්ථයෙන් සම්යක්සඞ්කල්ප තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයෙ යැ, පරිග්රහාර්ත්ථයෙන් සම්යග්වචනය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, සමුත්ථාන (කාරණ) භාවාර්ත්ථයෙන් සම්යක්කර්මාන්ත තෙමේ ඒ මඟ කෙණෙහි සමුදාගත යැ, පරිශුද්ධාර්ත්ථයෙන් සම්යගාජීව තෙමේ මඟකෙණෙහි සමුදාගත යැ, ප්රග්රහාර්ත්ථයෙන් සම්යග්ව්යායාම තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්ත්ථයෙන් සම්යක්ස්මෘතිය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, අවික්ෂේපාර්ත්ථයෙන් සම්යක්සමාධි තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයේ යැ.
උපස්ථාන (-අරමුණට පැමිණ සිටුනා) භාවයෙන් ස්මෘතිසම්සම්බොධ්යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්රවිචයාර්ත්ථයෙන් ධර්මවිචයසම්බෝධ්යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්රග්රහාර්ත්ථයෙන් වීර්ය්යසම්බෝධ්යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ස්ඵරණාර්ත්ථයෙන් ප්රීතිසම්බෝධ්යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපශමාර්ත්ථයෙන් ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්රතිසඞ්ඛ්යානාර්ත්ථයෙන් උපේක්ෂාසම්බෝධ්යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ.