12. ඵල ඥානය
ප්රයෝගනිෂ්ඨාවෙහි (-ආර්ය්යමාර්ගනිමිත්තෙන් ක්ලේශයන්ගේ සංසිඳීමෙහි) ප්රඥාව කිසෙයින් ඵලඥාන නම් වෙයි යත්:
ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි සම්යග්දෘෂ්ටි තොමෝ ඍජුප්රතිපක්ෂයන් දර්ශනභාවයෙන් මිථ්යාදෘෂ්ටිය කෙරෙන් නැඟීසිටී. ඒ මිථ්යාදෘෂ්ටිය අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්ධයන් කෙරෙනු දු නැඟීසිටී. (යථෝක්ත ක්ලේශ-ස්කන්ධයන් කෙරෙන්) පිටත්හි වූ හැම සංස්කාර නිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (අජ්ඣත්තබහිද්ධා දෙකින්) වුත්ථානාදී ප්රයෝගය සන්හුන්වන බැවින් (මාර්ගානන්තර වැ එක් දෙ වටෙක හෝ, ඵලසමාපත්තිකාලයෙහි නො එක් වට, නිරෝධයෙන් නැඟෙනුවහුට දෙවටෙක) සම්යග්දෘෂ්ටිය උපදී, තෙල (විපාකසම්යග්දෘෂ්ටිය) ආර්ය්යමාර්ගයාගේ ඵල යි.
අභිනිරෝපණාර්ත්ථයෙන් සම්යක්සඞ්කල්පය තෙමේ මිථ්යාසඞ්කල්පයෙන් නැඟීසිටී. ඒ මිථ්යාසඞ්කල්පය අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්ධයන් කෙරෙනුදු නැඟෙයි. එයින් පිටත්හි වූ සියලු සංස්කාර නිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්රයෝගය සන්හුන්වන බැවින් සම්යග්සඞ්කල්පය උපදී. තෙල විපාක වූ සම්යක්සඞ්කල්පය ආර්ය්යමාර්ගයාගේ ඵල යි.
සම්යග්වචනය පරිග්රහභාවයෙන් මිථ්යාවචනයෙන් නැඟීසිටී. ඒ මිථ්යාවචනය හා අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන් ද ස්කන්ධයන් කෙරෙන් ද නැඟීසිටී. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්රයෝගය සන්හුන්වන බැවින් සම්යග්වචනය උපදී, තෙල විපාක වූ සම්යග්වචනය ආර්ය්යමාර්ගයාගේ ඵලය යි.
සම්යක්කර්මාන්ත තෙමේ සමුත්ථානභාවයෙන් මිථ්යාකර්මාන්තයෙන් නැඟෙයි. තදනුවර්තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්රයෝගය සන්හුන්වන බැවින් සම්ම්යක්කර්මාන්තය උපදී. තෙල විපාක වූ සම්යක්කර්මාන්තය ආර්ය්යමාර්ගයාගේ ඵල යි.
සම්යගාජීව තෙමේ ව්යවදානභාවයෙන් මිථ්යාආජීවයෙන් නැඟෙයි. තදනුවර්තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්රයෝගය සන්හුන්වන බැවින් සම්යගාජීවය උපදී. තෙල විපාක වූ සම්යගාජීවය ආර්ය්යමාර්ගයාගේ ඵල යි.
සම්යග්ව්යායාම තෙමේ ප්රග්රහාර්ත්ථයෙන් මිථ්යාව්යායාමයෙන් නැඟෙයි. තදනුවර්තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්රයෝගය සන්හුන්වන බැවින් සම්යග්ව්යායාමය උපදී. තෙල විපාක වූ සම්යග්ව්යායාමය මාර්ගයාගේ ඵල යි.
සම්යක්ස්මෘති තොමෝ උපස්ථානභාවයෙන් මිථ්යාස්මෘතියෙන් නැඟෙයි. තදනුවර්තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්රයෝගය සන්හුන්වන බැවින් සම්යක්ස්මෘති තොමෝ උපදී. තෙල විපාක වූ සම්යක්ස්මෘතිය ආර්ය්යමාර්ගයාගේ ඵල යි.
සම්යක්සමාධි තෙමේ අවික්ෂේපභාවයෙන් මිථ්යාසමාධිය කෙරෙන් නැඟෙයි, තදනුවර්තක වූ කෙලෙසුන් කෙරෙනුදු ස්කන්ධයන් කෙරෙනුදු නැඟෙයි. ඒ (ක්ලේශස්කන්ධයන්)කෙරෙන් පිටත් හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්ත-බහිද්ධා දෙකින් වුට්ඨානාදි) ප්රයෝගය සන්හුන්වන බැවින් සම්යක්සමාධිය උපදී තෙල විපාක වූ සම්යක්සමාධිය ආර්ය්යමාර්ගයාගේ ඵල යි.
සකෘදාගාමිමාර්ගය උපදනා ඇසිල්ලෙහි සම්යග්දෘෂ්ටි තොමෝ දර්ශනභාවයෙන් ... සම්යක්සමාධි තෙමේ අවික්ෂේපභාවයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්රතිඝසංයෝජනය කෙරෙන් කාමරාගානුශය කෙරෙන් ප්රතිඝානුශය කෙරෙන් නැඟෙයි. ඒ කාමරාගසංයෝජනාදිය හා අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්ධයන් කෙරෙනු දු නැඟෙයි. ඒ ක්ලේශ-ස්කන්ධයන් කෙරෙන් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (ව්යුත්ථානාදි) ප්රයෝගය සන්හුන් වන බැවින් සම්යක්සමාධිය උපදී. තෙල විපාක වූ සම්යක්සමාධිය (සකෘදාගාමී) ආර්ය්යමාර්ගයා ගේ ඵල යි.