11. මාර්‍ග ඥානය
කී සෙයින් උභතොව්‍යුත්‍ථානවිවර්‍තනයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන වෙයි යත්:
සෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය (දෙසැට) මිථ්‍යාදෘෂ්ටියෙන් නැඟෙයි. තදනුවර්‍තක (මිථ්‍යාදෘෂ්ටිය අනුවැ පවත්නා) ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැගේ. එයින් කියනු ලැබෙයි. ‘දුභතොවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
අභිනිරෝපණස්වභාවයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පය කෙරෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’යි.
පරිග්‍රහ (සතර වාක්සංවර) ස්වභාවයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
සමුත්‍ථාන (කාරණ) භාවයෙන් සම්‍යක්කර්‍මාන්තය (ප්‍රාණවධාදි) මිථ්‍යාකර්‍මාන්තයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාර නිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
පරිශුද්ධභාවයෙන් සම්‍යගාජීවය මිථ්‍යාආජීවයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
පරිශුද්ධභාවයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
එළඹ සිටුනා බැවින් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතියෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධියෙන් නැඟී සිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්තයන් ගෙන් ද නැඟීසිටී, එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී..
සකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් ද නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.
අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අණුසහගත (සියුම්) වූ කාමරාගසංයෝජනයෙන් ද ප්‍රතිඝසංයෝජනයෙන් ද අණුසහගත වූ කාමරාගානුශයෙන් ද ප්‍රතිඝානුශයෙන් ද නැඟීසිටී. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.