කිසෙයින් බාහ්‍ය වූ සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන වෙයි යත්:
උත්පාදය ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ආයූහනය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ගතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජාතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජරාව ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධිය ඉක්මවා නු යිගොත්‍රභූ නමැ. මරණය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ශෝකය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපායාසය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාර නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමි.
අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ, අප්‍රවෘත්තිය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදය ඉක්මවා අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා අනිමිත්තට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. කර්‍මායූහනයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘතියෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවයෙන් නැඟීසිටි නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාරනිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමි.
අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යී ගෝත්‍රභූ නමැ. අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් නැඟී අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟී අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟී අනිමිත්තයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ආයූනාහයෙන් නැඟී අනායූහනයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියෙන් නැඟී අප්‍රතිසන්‍ධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟී අගතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. තිර්‍වෘතියෙන් නැඟී අනිර්‍වෘතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟී අනුපප්‍රාප්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟී අජාතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී අජරාවට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟී අව්‍යාධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟී අමරණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟී අශෝකයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟී අනුපායාසයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ වාහ්‍යසංස්කාර නිමිත්තෙන් නැඟී නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ.
අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් අපගත වැ අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වැ අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වැ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ ශමථවශයෙන් උපදිත් ද: කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත්. ගොත්‍රභූධර්‍මයෝ දසදෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත්.
කවර ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත් ද යත්: ප්‍රථමධ්‍යානය ලබනු පිණිස නීවරණයන් ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ යැ. ද්විතීයධ්‍යානය ලබනු පිණිස විතර්‍කවිචාරයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. තෘතීයධ්‍යානය ලබනු පිණිස ප්‍රීතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. චතුර්‍ත්‍ථධ්‍යානය ලබනු පිණිස සුඛදුඃඛයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. විඤ්ඤාණඤ්චායතනය සමාපත්තිය ලබනු පිණිස ආකාසානඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය විඤ්ඤාණඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය ආකිඤ්චඤ්ඤායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. මේ ගොත්‍රභූධර්‍මයෝ අටදෙන ශමථ වශයෙන් උපදිත්.