3. 4. 5.
(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්ර කවරෙ යැ.
1. වසනලද ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නොතෙමයි, එහෙයින් ප්රතිච්ඡන්න වූ ඇවත ප්රකට කරවු, මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.
ඡන්නමතිවස්සති යනු සංකිලේස යැ විවටං නාතිවස්සති යනු වාසනා යැ, තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සති යනු මේ සංකිලේස ද වාසනා ද වේ.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්ර යැ.
“මහරජ ලොවැ විද්යමාන වූ මේ පුද්ගලයෝ සතරදෙනෙකි : කවරසතරදෙනෙක යත් : අඳුරෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, අඳුරෙන් යුතුවැ එලියට යන්නේ යැ, එළියෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, එළියෙන් යුතුවැ එලියට යන්නේ යි. ඔවුන් කෙරෙහි යම් පුඟුලෙක් ජෝති තමපරායණ ද යම් පුඟුලෙක් තමෝ තමපරායණ ද, මේ පුඟුලෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති. යම් පුඟුලෙක් තමෝ ජෝතිපරායණ ද යම් පුඟුලෙක් ජෝති ජෝතිපරායණ ද මේ පුඟුලෝ දෙදෙන වාසනාභාගිය වෙත්.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්ර යි.
3. 4. 6.
(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්ර කවරෙ යැ :
1. හැකිලිබැඳුම් සංඛ්යාත යමුවා වූ ද අන්දුබන්ධන සංඛ්යාත දැවමුවා වූ ද රජ්ජුබන්ධන සංඛ්යාත බබුස්තණමුවා වූ ද යම් බන්ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අසි ආදියකින් සිඳලියැහෙන හෙයිනි.) මිණිකොඬොල් දූපුතුන් අඹුන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්ෂායෙක් ඇද්ද -
මේ සංකිලේස යැ.
2. (සිවුඅපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල්වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්ධනය දැඩිවූවෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්ෂා රහිත වූවාහු තෙල බන්ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැයෙත් යයි.
මේ නිබ්බේධ යැ.
මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්ර යැ.
“මහණෙනි, යම් අරමුණක් (අකුශලචේතනා වශයෙන්) සිතා ද, යමක් (කාය වාක්කර්මභාවයට පැමිණවීම් වශයෙන්) කෙරේ ද, යමක් (අප්රහීණ භාවයෙන් සන්තාන ගතව) පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ පැවැත්මට ප්රත්යය වෙයි. (යථෝක්ත) ආලම්බන සංඛ්යාත ප්රත්යය ඇතිකල්හි (කර්මය දුවවා ප්රතිසන්ධි ආකර්ෂණයට සමර්ත්ථ බව සපයනුයෙන්) ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීම වෙයි. ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්භව සංඛ්යාත විඥානාදීන්ගේ ඉපදීම වෙයි. මතුයෙහි පුනර්භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරාමරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ.
මහණෙනි, ඉදින් (අකුශල චේතනා) නො සිතා ද, ඉදින් (කායවාක්කර්ම) නො කෙරේ ද, ඉදින් එකල අනුශයවශයෙන් පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ආලම්බනය ඇතිකල්හි ඒ විඥානයාගේ පිහිටීම වෙයි, ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්භවයාගේ ඉපදීම වෙයි, මතුයෙහි පුනර්භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ යයි.
මේ සංකිලේස යැ.