3. 1. 9.
පරිවත්තනහාරවිභඞ්ගය
එහි පරිවත්තනහාරය කවරෙ යැ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදි නිද්දේස ගාථා යැ, (පූර්වභාගසම්යග්දෘෂ්ටියෙන් හෝ මාර්ගසම්යග්දෘෂ්ටියෙන් හෝ) සම්යග්දෘෂ්ටි ඇති පුරුෂ පුද්ගලහට මිථ්යාදෘෂ්ටිය (පූර්වනයින් විදර්ශනා සම්යග්දෘෂ්ටියෙන් විෂ්කම්භිතව, පශ්චිමනයින් ශ්රෝතාපත්තිමාර්ගසම්යග්දෘෂ්ටියෙන් සමුච්ඡන්නව) ප්රහීණ වෙයි. ඔහුට මිථ්යාදෘෂ්ටිහේතුයෙන් යම් අනේකප්රකාර වු ලාමක අකුශලධර්ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් නිර්ජිර්ණ වූවාහු (ප්රහීණ කරනලද්දාහු) වෙත්. සම්යග්දෘෂ්ටිහේතුයෙනුදු ඔහුට නොයෙක් (ශමථ විදර්ශනා) කුශලධර්මයෝ උපදිත්, ඔහුට ඒ කුශලධර්මයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. සම්යක්සංකල්ප ඇති පුරුෂ පුද්ගලහට මිථ්යාසංකල්පය නිර්ජිර්ණ (ප්රහීණ) වෙයි. ඔහුට මිථ්යාසංකල්ප හේතුයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම් ඔහුට අකුශලධර්මයෝ ද ප්රහීණ වෙත්. සම්යක්සංකල්පහේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්මයෝ උපදිත්, ඔහුට කුශලයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. (මෙසේ) සම්යග්වචන ඇති ... සම්යක්කර්මාන්ත ඇති - සම්යගාජීව ඇති - සම්යග්ව්යායාම ඇති - සම්යක්ස්මෘති ඇති - සම්යක්සමාධි ඇති - සම්යග්විමුක්ති ඇති - සම්යග්විමුක්තිඥානදර්ශන ඇති පුරුෂ පුද්ගලහට මිථ්යාවිමුක්තිඥානදර්ශනය ප්රහීණ වෙයි, ඔහුට මිථ්යාවිමුක්තිඥානදර්ශන හේතුයෙන් යම් අනේකප්රකාර වු ලාමක අකුශලධර්ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් ප්රහීණ කරනලද්දාහු වෙත්. සම්යග්විමුක්තිඥානදර්ශන හේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්මයෝ උපදිත්. ඒ කුශලධර්මයෝ ද ඔහුට භාවනායෙන් පාරිපූරියට යෙත්.
තවද ඒ පණිවායෙන් වැළැකුණුහට ප්රාණවධය ප්රහීණ වෙයි, අයිනාදනින් වෙන්වූවහුට අදින්නාදානය ප්රහීණ වෙයි, බඹසර ඇත්තහුට අබ්රහ්මචරිය ප්රහීණ වෙයි, සත්යවාදීහට මෘෂාවාදය ප්රහීණ වෙයි, පිසුනුබස් නැතියහුට පිසුනුවාක් ප්රහීණ වෙයි, සිලුටුවදන් ඇතියහුට පරුෂවාක් ප්රහීණ වෙයි, කාලවාදීහට සම්ඵප්රලාප ප්රහීණ වෙයි, අනභිධ්යාලූහට අභිධ්යා ප්රහීණ වෙයි, අව්යාපන්න සිත් ඇතියහුට ව්යාපාදය ප්රහීණ වෙයි, සම්යග්දෘෂ්ටි ඇතියහුට මිථ්යාදෘෂ්ටි ප්රහීණ වේ.
තවද යම් කෙනෙක් ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ගරහත් ද, ඔවුනට සාන්දෘෂ්ටික වූ සකාරණ වු ගැරැහියැ යුතු වාදානුවාදයෝ පැමිණෙත්. එ භවත්හු සම්යග්දෘෂ්ටි ධර්මය ද ගරහත්. එකරුණෙන් ම ඒ භවත්නට යම් මිථ්යාදෘෂ්ටික කෙනෙක් වෙත් ද, ඔහු පිදිය යුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්. (මෙසේ) සම්යක්සංකල්පය ... සම්යග්වචනය - සම්යක්කර්මාන්තය - සම්යගාජීවය - සම්යග්ව්යායාමය - සම්යක්ස්මෘතිය - සම්යක්සමාධිය - සම්යග්විමුක්තිය - ඒ භවත්හු සම්යග්විමුක්තිඥානදර්ශන ධර්මය ගරහත්, එ කරුණෙන් ම ඒ භවත්නට මිථ්යාවිමුක්තිඥානදර්ශන ඇති යම් කෙනෙක් වෙත් ද, ඔහු පිදියයුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්.
යළි තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “වස්තුකාමයෝ වැළැඳියයුත්තාහ, වස්තුකාමයෝ පරිභෝග කළයුත්තාහ, වස්තුකාමයෝ ආසේවන කළයුත්තාහ, වස්තුකාමයෝ නිරතුරු සේවන කළයුත්තාහ, ක්ලේශකාමයෝ වැඩියයුත්තාහ, ක්ලේශකාමයෝ බහුලකළයුත්තාහ” යි. ඔවුනට කාමයන් කෙරෙන් වෙන්වීම අධර්ම යැ. යළි යම් කෙනෙක් මෙසේ හෝ කියත් ද: “අත්තකිලමථානුයෝගය ධර්ම” යැයි ඔවුනට නෛර්ය්යාණික වු විදර්ශනාව සමග ආර්ය්යමාර්ගධර්මය අධර්ම යැ. තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “පව් නසම්හයි කරන ශරීරතාපන දුඃඛය ධර්ම” යැයි. ඔවුනට අනවද්ය ප්රත්යයපරිභෝගසුඛ සංඛ්යාත ධර්මය අධර්මය යැ. තවද (සුභසඤ්ඤාදි පරිවර්තන) මෙසේ යැ: සියලු ත්රෛභූමක සංස්කාරයන්හි අශුභානුදර්ශි ව වාසය කරන මහණහට අශුභයෙහි ශුභ යැයි ගන්නා විපරීත සංඥා ප්රහීණ වෙයි,
දුඃඛානුදර්ශීව වාසය කරන්නහුට දුඃඛයෙහි සුඛ යැයි ගන්නා සංඥා ප්රහීණ වෙයි, අනිත්යානුදර්ශීව වාසය කරන්නහුට අනිත්යයෙහි නිත්ය යයි ගන්නා විපරීතසංඥා ප්රහීණ වෙයි, අනාත්මානුදර්ශීව වාසය කරන්නහුට ආත්මසංඥා ප්රහීණ වෙයි. තවද යම් යම් ධර්මයක් රුචි කෙරෙයි හෝ පැමිණෙයි හෝ වේ ද ඒ ඒ ධර්මයට ප්රතිපක්ෂ වූ යම් ධර්මයෙක් ඇද්ද ඒ ධර්මයට ඊට අනිෂ්ට හෙයින් අභ්යුපගත වූයේ - දන්නාලද්දේ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්යායන මහරහතුන් වහන්සේ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදිය.
පරිවත්තනහාරය යොදන ලද්දේ යි.
3. 1. 10.
වේවචනහාරවිභඞ්ගය
එහි වේවචනහාරය කවරෙ යැ: “වෙවචනාති බහුනි” යනාදි නිද්දේසගාථා යි. ඒ මෙසේ යැ. භාග්යවතුන් වහන්සේ එක් ධර්මයක් අන්යෝන්ය පර්ය්යායවචනයන්ගෙන් දක්වන සේක. මෙසේ වදාළහ, බුදුහු:
1. අනාගතාර්ත්ථ ප්රාර්ත්ථනා කරන ආශාව ද අනාගත ප්රත්යුත්පන්නාර්ත්ථවිෂය වු තෘෂ්ණා සංඛ්යාත පිහාව ද නිෂ්පන්නාර්ත්ථ ප්රතිපාලන කරන අභිනන්දනාව ද චක්ඛුධාතු ආදි අනේක ධාතුවිෂයෙහි පිහිටි අවිද්යාමූලය ප්රභව කොට ඇති තෘෂ්ණා සංඛ්යාත සියලු ප්රජපිල්තයෝ මා විසින් මූලසහිතව විගතාන්ත කරන ලද්දාහු යයි.
අනාගත වූ ඊප්සිතාර්ත්ථයාගේ යම් ආශංසනයක් වේ ද එය ‘ආසා’ නමැයි කියනු ලැබේ. ‘අවශ්යයෙන් ඊප්සිතාර්ත්ථය ලැබෙන්නේය’ යි ඔහුට ආශාව උපදී. වර්තමාන අර්ත්ථයාගේ යම් ප්රාර්ත්ථනාවක් වේ ද එය ‘පිහා’ නම,ශ්රේෂ්ඨතරයකු හෝ දැක ‘මෙබඳු වෙම්ව’ යි ඔහුට පිහා (කැමැත්ත) උපදී. අර්ත්ථනිෂ්පත්තිප්රතිපාලනය (නිපන් අර්ත්ථය රැකීම) ‘අභිනන්දනා’ නම, (සත්වසංස්කාරකෙලායනය අභිනන්දනා යි) ප්රිය ඥාතියකු හෝ අභිනන්දන කෙරෙයි (සතුටින් පිළිගනී.) ප්රිය වූ රූපාදි ආලම්බනධර්මය හෝ අභිනන්දන කෙරෙයි. (ප්රතිකූල ආලම්බනයෙහිදු විපර්ය්යාස විසින්) අප්රතිකූල හෙයින් අභිනන්දන කෙරෙයි. “අනේකධාතු” යනු: ‘චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජීව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යන මොහු යැ. “සරා” යනු: කිසි කෙනෙක් රූපයෙහි ඇලුණාහුය, කිසි කෙනෙක් ශබ්දයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ගන්ධයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් රසයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් පහසෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ධර්මාලම්බනයෙහි ඇලුණාහු වෙත්. එහි යම් සවැදැරුම් ගෘහශ්රිත දොම්නස් වේදනා කෙනෙක් වෙත් ද, යම් ෂට්ගෘහශ්රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්රම්යශ්රිත දොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්රම්යශ්රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, මේ සූවිසි පදයෝ තෘෂ්ණාපක්ෂය වෙයි, තෙල තෘෂ්ණාවට වේවචනයි. යම් සවැදැරුම් ගෘහශ්රිත උපේක්ෂාවක් වේ ද මේ දෘෂ්ටිපක්ෂ යි, ඒ තෘෂ්ණාව ම ප්රාර්ත්ථනාකාරයෙන් පවත්නා හෙයින් ධම්මනන්දි ධම්මපෙම ධම්මජීඣොසාන යී ද වේ. තෙල තෘෂ්ණාවට වේවචන යි.
චිත්ත යැ මනෝවිඤ්ඤාණ යැ යන තෙල චිත්තයට වේවචන යැ, මනින්ද්රිය යැ, මනෝධාතු යැ, මනායතන යැ, විජානනා යැ යන මේ මනසට පරියාය වචන යි.