3. 1. 10.
වේවචනහාරවිභඞ්ගය
එහි වේවචනහාරය කවරෙ යැ: “වෙවචනාති බහුනි” යනාදි නිද්දේසගාථා යි. ඒ මෙසේ යැ. භාග්යවතුන් වහන්සේ එක් ධර්මයක් අන්යෝන්ය පර්ය්යායවචනයන්ගෙන් දක්වන සේක. මෙසේ වදාළහ, බුදුහු:
1. අනාගතාර්ත්ථ ප්රාර්ත්ථනා කරන ආශාව ද අනාගත ප්රත්යුත්පන්නාර්ත්ථවිෂය වු තෘෂ්ණා සංඛ්යාත පිහාව ද නිෂ්පන්නාර්ත්ථ ප්රතිපාලන කරන අභිනන්දනාව ද චක්ඛුධාතු ආදි අනේක ධාතුවිෂයෙහි පිහිටි අවිද්යාමූලය ප්රභව කොට ඇති තෘෂ්ණා සංඛ්යාත සියලු ප්රජපිල්තයෝ මා විසින් මූලසහිතව විගතාන්ත කරන ලද්දාහු යයි.
අනාගත වූ ඊප්සිතාර්ත්ථයාගේ යම් ආශංසනයක් වේ ද එය ‘ආසා’ නමැයි කියනු ලැබේ. ‘අවශ්යයෙන් ඊප්සිතාර්ත්ථය ලැබෙන්නේය’ යි ඔහුට ආශාව උපදී. වර්තමාන අර්ත්ථයාගේ යම් ප්රාර්ත්ථනාවක් වේ ද එය ‘පිහා’ නම,ශ්රේෂ්ඨතරයකු හෝ දැක ‘මෙබඳු වෙම්ව’ යි ඔහුට පිහා (කැමැත්ත) උපදී. අර්ත්ථනිෂ්පත්තිප්රතිපාලනය (නිපන් අර්ත්ථය රැකීම) ‘අභිනන්දනා’ නම, (සත්වසංස්කාරකෙලායනය අභිනන්දනා යි) ප්රිය ඥාතියකු හෝ අභිනන්දන කෙරෙයි (සතුටින් පිළිගනී.) ප්රිය වූ රූපාදි ආලම්බනධර්මය හෝ අභිනන්දන කෙරෙයි. (ප්රතිකූල ආලම්බනයෙහිදු විපර්ය්යාස විසින්) අප්රතිකූල හෙයින් අභිනන්දන කෙරෙයි. “අනේකධාතු” යනු: ‘චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජීව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යන මොහු යැ. “සරා” යනු: කිසි කෙනෙක් රූපයෙහි ඇලුණාහුය, කිසි කෙනෙක් ශබ්දයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ගන්ධයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් රසයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් පහසෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ධර්මාලම්බනයෙහි ඇලුණාහු වෙත්. එහි යම් සවැදැරුම් ගෘහශ්රිත දොම්නස් වේදනා කෙනෙක් වෙත් ද, යම් ෂට්ගෘහශ්රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්රම්යශ්රිත දොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්රම්යශ්රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, මේ සූවිසි පදයෝ තෘෂ්ණාපක්ෂය වෙයි, තෙල තෘෂ්ණාවට වේවචනයි. යම් සවැදැරුම් ගෘහශ්රිත උපේක්ෂාවක් වේ ද මේ දෘෂ්ටිපක්ෂ යි, ඒ තෘෂ්ණාව ම ප්රාර්ත්ථනාකාරයෙන් පවත්නා හෙයින් ධම්මනන්දි ධම්මපෙම ධම්මජීඣොසාන යී ද වේ. තෙල තෘෂ්ණාවට වේවචන යි.
චිත්ත යැ මනෝවිඤ්ඤාණ යැ යන තෙල චිත්තයට වේවචන යැ, මනින්ද්රිය යැ, මනෝධාතු යැ, මනායතන යැ, විජානනා යැ යන මේ මනසට පරියාය වචන යි.
පඤ්ඤින්ද්රිය පඤ්ඤාබල අධිපඤ්ඤාසික්ඛා පඤ්ඤා පඤ්ඤක්ඛන්ධ ධම්මවිචය සම්බොජ්ඣඞ්ග ඤාණ සම්මාදිට්ඨි තීරණා විපස්සනා ධම්මේඤාණ අත්ථේඤාණ අන්වයෙඤාණ ඛයෙඤාණ අනුප්පාදෙඤාණ අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රිය අඤ්ඤින්ද්රිය අඤ්ඤාතාවින්ද්රිය චක්ඛු විජ්ජා බුද්ධි භූරි මේධා ආලෝක යැ යනු ද, යළි යම් කිසි මෙබඳු ස්වභාව ඇති පඤ්ඤා පජානනා ආදි අනිකුදු වචන හෝ ඇද්ද තෙල ප්රඥාවට වේවචන යි. ‘ඛයෙඤාණං’ යනාදි පඤ්චේන්ද්රියයෝ ලෝකෝත්තරප්රඥාවට වේවචනයෝ යැ, ඉතිරි සියලු පඤ්ඤාවේවචනයෝ ලෞකික ලෝකෝත්තරමිශ්රයෝ යි. තවද අධිමෝක්ෂ ලක්ෂණයෙහි අධිපතිභාවාර්ත්ථයෙන් ‘සද්ධා’ යැ ආරම්භාර්ත්ථයෙන් ‘විරිය’යැ අපිලාපනාර්ත්ථයෙන් ‘සති’යැ අවික්ෂේපාර්ත්ථයෙන් ‘සමාධි’යැ ප්රජානනාර්ත්ථයෙන් ‘පඤ්ඤා’ යි.
යළි බුද්ධානුස්සතිනිද්දේසයෙහි මෙසේ වදාරන ලදි: “ඒ භාග්යවත් බුදුහු මෙ කරුණෙන් ‘අරහං’ යැ ‘සම්මාසම්බුද්ධ’ යැ ‘විජ්ජාචරණසම්පන්න’ යැ ‘සුගත’ යැ ‘ලෝකවිදු’ යැ ‘අනුත්තර පුරිසදම්මසාරථි’ යැ ‘දේවමනුස්සානං සත්ථා’ යැ ‘භගවා’ යැ. දසබලයෙහි නිමාවට ගියහෙයින් ‘බලනිප්ඵත්තිගත’ යැ අටපිරිස්හි විසාරද වූයෙන් ‘වේසාරජ්ජප්පත්ත’ යැ පටිසම්භිදාඅධිගම කළ හෙයින් ‘අධිගතපටිසම්භිද’ යැ ප්රහීණ කළ කාමාදි යෝග ඇතියෙන් ‘චතුයෝගවිප්පහීන’ යැ ‘අගතිගමනවිතිවත්ත’ යැ උපුළ රාගාදි ශල්ය ඇතියෙන් ‘උද්ධටසල්ල’ යැ ගෝපිත ඉන්ද්රිය ඇතියෙන් ‘නිරූළ්හවණ’ යැ මැඩැපී කෙලෙස් ඇතියෙන් ‘මද්දිත කණ්ටක’ යැ නැසූ රාගාදි පරියුට්ඨාන ඇතියෙන් ‘නිබ්බාපිතපරියුට්ඨාන’ යැ නැසූ සංයෝජන ඇතියෙන් ‘බන්ධනාතීත’ යැ පියු අභිධ්යාදි කායග්රන්ථ ඇතියෙන් ‘ගන්ථවිනිවෙඨන’ යැ ඉක්මවූ භවතෘෂ්ණාදිය ඇතියෙන් ‘අජ්ඣාසයවීතිවත්ත’ යැ බුන් අවිද්යා ඇතියෙන් ‘භින්නන්ධකාර’ යැ පසැස් ඇතියෙන් ‘චක්ඛුම’ යැ ඉක්මවූ අටලෝදහම් ඇතියෙන් ‘ලෝකධම්මසමතික්කන්ත’ යැ අනුනය ප්රතිඝ රහිත හෙයින් ‘අනුරෝධවිරෝධවිප්පයුත්ත’ යැ ඉටුඅනිටු දහම්හි නොහැකිළෙනුයෙන් ‘ඉටිඨානිට්ඨෙසු ධම්මේසු අසඞ්ඛේපගත’ යැ ඉක්මවූ බන්ධන ඇතියෙන් ‘බන්ධනාතිවත්ත’ යැ හළ විවාද ඇතියෙන් ‘ඨපිතසඞ්ගාම’ යැ ‘අභික්කන්තර’ යැ නැණපහන් දරනුයෙන් ‘උක්කාධාර’ යැ ‘ආලෝකකර’ යැ ‘පජ්ජෝතකර’ යැ මෝහතම දුරුකරනුයෙන් ‘තමෝනුද’ යැ ක්ලේශරණ දුරුකරනුයෙන් ‘රණඤ්ජහ’ යැ අප්රමාණ වූ ශරීරවර්ණ ගුණවර්ණ ඇතියෙන් ‘අපරිමාණවණ්ණ’ යැ පමණ නොකළහෙන වර්ණ ඇතියෙන් ‘අප්පමෙය්යවණ්ණ’ යැ සඞ්ඛ්යා නොකළහෙන වර්ණ ඇතියෙන් ‘අසඞ්ඛෙය්යවණ්ණ’ යැ ‘ආභඞ්කර’යැ ‘පභඞ්කර’ යැ ‘ධම්මේ භාසපජ්ජෝතකර’ යී ද ‘බුද්ධා භගවන්තො’ යී ද බුද්ධානු ස්මෘතියට තෙල වේවචන යි.
තවද ධම්මානුස්සතිනිද්දේසයෙහි මෙසේ වදාරන ලදි: ‘භාග්යවතුන් විසින් ධර්මය ‘ස්වාක්ඛාත’ යැ සිය සතන්හි රාගාදිය දුරුකිරීමෙන් තමා මැ දැක්කයුතු නුයි ‘සන්දිට්ඨික’ යැ ඵලදානය සඳහා කල් නොඉක්මේ නුයි ‘අකාලික’ යැ ‘එව බලව’යි කියනුවට සුදුසු නුයි ‘ඒහිපස්සික’ යැ තම සතන්හි පමුණුවාලීමට නිසි නුයි ‘ඕපනයික’ යැ විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දතයුතු නුයි ‘පව්චත්ත වේදිතබ්බ’ යැ. ඒ දහම ඊට පැමිණ මානමදාදිය නිම්මද වේ නුයි ‘මදනිම්මදන’ යැ කාමපිපාසාදිය අපගම වේ නුයි ‘පිපාසවිනය’යැ කාමාලයාදිය නැසේ නුයි ‘ආලයසමුග්ඝාත’ යැ කර්මාදි තුන්වට සිදේ නුයි ‘වට්ටුපච්ඡේද’ යැ ‘සුඤ්ඤත’ යැ ‘අතිදුල්ලභ’ යැ ‘තණ්හක්ඛය’ යැ ‘විරාග’ යැ ‘නිරෝධ’ යැ ‘නිබ්බාන’යි.
2. කිසි ප්රත්යයෙකින් නො කරනලද නුයි ‘අසඞ්ඛත’ යැ අන්ත(විනාශ) නැත් නුයි ‘අනන්ත’ යැ ආස්රවයනට අරමුණු නොවේ නුයි ‘අනාසව’ යැ අවිපරීතස්වභාව හෙයින් ‘සච්ච’ යැ පරතීර බැවින් ‘පාර’ යැ නිපුණඥානවිෂය හෙයින් ද සූක්ෂම හෙයින් ද ‘නිපුණ’ යැ අනුපචිත ඥානසම්භාර ඇතියෙන් විසින් නොදැක්කහේ නුයි ‘සුදුද්දස’ යැ ජාතිජරායෙන් අනුපද්රැත හෙයින් ‘අජජ්ජර’ යැ ස්ථිර බැවින් ‘ධුව’ යැ ජරාමරණයෙන් නොබිදේ නුයි ‘අපලෝකිත’ යැ මසැසිනුදු දිවැසිනුදු නොදැක්කහේ නුයි ‘අනිදස්සන’යැ රාගාදි ප්රපඤ්ච නැතියෙන් ‘නිප්පපඤ්ච’ යැ ක්ලේශාභිසංස්කාරයන්ගේ ව්යුපශමයට කාරණා බැවින් ‘සාන්ත’ යි.